අධිවේගයේ වැටත් කඩාගෙන දොස්‌තරගේ රිය පාරෙන් පනී

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පින්නදූව අතර 95 වැනි කණුව අසලදී පෙරේදා (28 වැනිදා) වෛද්‍යවරයකු පදවාගෙන ගිය කාර් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටේ හැපීමෙන් කණු දහයකට හානිවී ඇත.

පෙරේදා රාත්‍රි 10.15 ට පමණ මෙම අනතුර වී තිබේ. අනතුරින් වෛද්‍යවරයාට කිසිදු හානියක්‌ වී නැත. කාර් රථයට දැඩිලෙස අලාභ හානි වී තිබේ. වෛද්‍යවරයා මාතර ප්‍රදේශයේ පදිංචි තම මිතුරකු හමුවීමට යමින් සිටියදී මෙම අනතුරට ලක්‌ව ඇත. සුනඛයකු පැනීම නිසා මෙම අනතුර වී ඇති බව වෛද්‍යවරයා පවසා තිබේ. අක්‌මීමන පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.