දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ සේවකයෙක්‌ එල්ලී මිය යයි

සීගිරිය - සරත් එරමිණිගම්මන

දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ වෙළෙඳ සේවකයකු තමන් සේවය කරන වෙළෙඳ සලේ බාල්කයක ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැළලා ගෙන මියගොස්‌ සිටියදී දඹුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගලගෙදර වැරැල්ලගම පදිංචි මොහොමඩ් මුතාලිµa මොහොමඩ් රාසීක්‌ නමැති 40 හැවිරිදි පියෙකි.

වෙළෙඳ සලේ තවත් සේවකයකු සමග නින්දට ගොස්‌ තිබෙන අතර උදැසන වෙළෙඳසල් හිමිකරු පැමිණ වෙළෙඳසල විවෘත කළ විට මියගිය අයගේ මළ සිරුර දැක පොලිසියට දැනුම් දී තිබේ.

මියගිය අය අධික ණයබරකින් වෙලී සිටි අයකු බවට පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.