කාන්තා වැසිකිළියේ කැමරාව සවිකළ දොස්‌තර රිමාන්ඩ්
කැමරාව පොලිසිය භාරයට ගනි

අනුරාධපුර - පර්සි කුරුනේරු

දොස්‌තර රිමාන්ඩ් භාරයට ගෙන යද්දි
අනුරාධපුර - පර්සි කුරුනේරු

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලේ කාන්තා වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක්‌ සවිකිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ සීමාවාසික වෛද්‍යවරයා මෙම මස 06 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම රෝහලේ අංක 30 වාට්‌ටුවේ සේවයේ නියුතු මොරටුවේ, කටුබැද්ද, රෝලි ප්‍රනාන්දු මාවත, පදිංචි 27 හැවිරිදි දිනුර ෂෙරංග විඡේවර්ධන නමැති විවාහක වෛද්‍යවරයෙකි.

එම කැමරාවද පොලිසිය භාරයට ගෙන ඇති අතර එය කොළඹ සිරිමාවෝ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පරිගණක ප්‍රතිචාර සංසද මෙහෙයුම් කළමනාකරු වෙත යවා එහි දර්ශන පරීක්‌ෂා කිරීමට අවසර දෙන්නැයි පොලිසිය කළ ඉලAලීමට විනිසුරුවරිය අවසර දුන්නාය.

මේ පිළිබඳව පුළුල් පරීකAෂණයක්‌ පවත්වා ඉදිරි නඩු දිනයේදී අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙසද ඇය නියෝග කළාය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.