රජයෙන් ගෙන්වන ඖෂධ දහසක්‌ මේ මාසයේ දිවයිනට

අජිත් අලහකෝන්

පෞද්ගලික සමාගම්වල ඒකාධිකාරය බිඳ හෙළමින් රජය විසින් ප්‍රථම වරට ඉදිරි මාස හතර සඳහා ආනයනය කළ ඖෂධ වර්ග දහසක්‌ ජනවාරි මාසයේදී මෙරටට ලැබීමට නියමිතය.

මෙම ඖෂධ තොගය ඉදිරි දිනවලදී ලැබෙන බව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතා විසින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

මෙසේ මාස හතරෙන් හතරට අවශ්‍ය ඖෂධ ගෙන්වීමට රජය ගෙන ඇති තීරණය නිසා පෞද්ගලික අංශයේ ඒකාධිකාරය බිඳ වැටී මින්පසු ඖෂධ හිඟයක්‌ නොවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.