o

 
 
 
 
 


සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නීති නිලධාරිනිය සෞඛ්‍ය වීරවරිය ලෙස සම්මාන ලබයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරීන් සියලු දෙනා තුළ උනන්දුව හා කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ඔවුන්ට මහජන සම්බන්ධතා පුහුණු වැඩ පිළිවෙළක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශය විසින් පසුගිය (30 දා) පවත්වනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩ සටහනේ දී 2013 සෞඛ්‍ය වීරවරිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නීති නිලධාරිනි රියාසා අහමඩ් මහත්මිය සම්මාන ලැබුවාය.

දුම්වැටි දවටනවල සියයට 80 ක්‌ ආවරණය වන පරිදි මුඛ පිළිකා රූප සටහන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය සඳහා වන කෙටුම්පත ඇය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස්‌ පරිදි සකස්‌ කරනු ලැබුවාය. එම අණ පනත් හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2013 වසර සඳහා වන අන්තර් ජාතික දුම්වැටි විරෝධී දින සම්මානය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිSපාල සිරිසේන මහතාට පසුගිය ජුනි මස පිරිනමනු ලැබීය.

අන්තර් ජාතික දුම්වැටි විරෝධී වැඩ පිළිවෙලේ කැපී පෙනෙන කාර්ය භාරයක්‌ ශ්‍රී ලංකාව විසින් ඉටු කිරීම නිසා අප රට අන්තර් ජාතික කීර්තියට පත් කිරීමට දැක්‌වූ දායකත්වය හේතුවෙන් අහමඩ් රියාසා මහත්මිය 2013 වසරේ සෞඛ්‍ය වීරවරිය ලෙස තෝරා ගැනීමට අමාත්‍යාංශයේ සියලු නිලධාරීහු ඒකමතිකව තම අභිමතය පළ කළහ.

රියාසා අහමඩ් මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන ලැබූ අවස්‌ථාව ඡායාරූපයෙන් දැක්‌වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.