ප්‍රදේශ රැසක පානීය ජලයේ ආසනික්‌ හා
කැඩ්මියම් අඩංගු බවට තහවුරු වෙයි


මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි

පොළොන්නරුව, දිඹුලාගල හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල දැනට ක්‍රියාත්මකව තිබෙන පානීය ජල ව්‍යාපෘති කීපයක ආසනික්‌ හා කැඩ්මියම් අඩංගුව පවතින බව පරීක්‍ෂණයකින් හෙළිවී තිබේ.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ජල සම්පාදන මණ්‌ඩල ජ්‍යෙෂ්ඨ රසායනඥවරයකු විසින් එම පරීක්‍ෂණ වාර්තාව වැලිකන්ද දිඹුලාගල ගම නැගුම ක්‍ෂේත්‍ර මෙහෙයුම් ඒකකයේ 2012.11.01 දින නිකුත් කළ වාර්තාවට අනුව මෙම පරීක්‍ෂණය සිදුකර තිබේ.

ජල සම්පාදන මණ්‌ඩලයේ ක්‍ෂුද්‍ර ජීවී විද්‍යා රසායනාගාරය මගින් දිඹුලාගල, පිඹුරත්තෑව, නිකවතලන්ද, ජයපුර, නමමිල්ලාන, සඳුන්පිටිය, නවගහඇල, මුතුවැල්ල, වෙහෙරගම, කැකුළුවෙල, ජයමුතුගම ඇතුළු ප්‍රදේශ රැසකම පිහිටා ඇති ජල මූලාශ්‍රවල ආසනික්‌ 1.38 ක්‌ හා උපරිමය 2.56 ක්‌ අතර ප්‍රමාණ අගයකින්ද කැඩ්මියම් 0.03 හා 0.07 අතර පවතින බවට තහවුරු වී ඇත.

ආසනික්‌ දශම 01 වඩා වැඩිනම් එය අහිතකර බවත්. කැඩ්මියම් 0.03 ට වැඩිනම් එයද අහිතකර බව වෛද්‍යවරු හා මහජන පරීක්‍ෂකවරුන් කිහිප දෙනකු අප කළ විමසීමකදී පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.