වසර 20 ක්‌ තුළ පිළිකා රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් වැඩි වෙලා

චමින්ද සිල්වා

පසුගිය දශක දෙක (වසර 20 ක්‌) තුළ මෙරටින් වාර්තා වන පිළිකා රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගොස්‌ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ සමීක්‍ෂණයකින් හෙළිවී තිබේ.

පිළිකා රෝග කලින් හඳුනා ගැනීමේ පහසුකම් දිවයින පුරා ස්‌ථාපිත කිරීම සඳහා ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04 වැනිදා) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව හෙළිවී තිබේ.

දැනට වසර 20 කට පෙර වසරකට වාර්තා වූ පිළිකා රෝගීන් ප්‍රමාණය 5000 ත් 6000 ත් අතර ප්‍රමාණයක්‌ විය. මේ වන විට වසරකට පිළිකා රෝගී ලැයිස්‌තුවලට අලුතින් එක්‌ වන රෝගීන් සංඛ්‍යාව 15,000 ඉක්‌ම වන බව මෙහිදී හෙළිවී තිබේ.

රටේ සිදුවන මරණවලින් සියයට 65.3 ක්‌ බෝ නොවන රෝගවලින් වන අතර සියයට 29.6 ක්‌ මියයන්නේ හෘද කිරීටක රෝගවලට ගොදුරුවීම නිසාය.

සියයට 9.4 ක්‌ පිළිකා රෝගය නිසා මියයන බවත් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සඳහා රජය වසරකට රුපියල් කෝටි 400 කට අධික මුදලක්‌ වැය කරන බවත් මෙහිදී ඇමැතිවරයා විසින් පෙන්වා දී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.