රෝහල් රැසක ඖෂධ හිඟයි

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

දිවයිනේ රෝහල් වල පවතින උග්‍ර ඖෂධ හිඟය නිසා බාහිර රෝගීහු මෙන්ම නේවාසික රෝගීහුද, වෛද්‍යවරු හා කාර්ය මණ්‌ඩලයද මේ දිනවල මහත් අසීරුතාවයන්ට මුහුණ පා සිටිති.

එන්නත් වර්ග සහ ඖෂධ පෙති වර්ග රෝහල් වල නොමැති හෙයින් පිටතින් ගෙන එන ලෙස වෛද්‍යවරුන් නියම කරන අතර රජයේ රෝහල් වලට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 99 කටම පිටතින් ඖෂධ ගැනීමට නොහැකි තත්ත්වයක්‌ ඇති බව කියති.

රෝහල්වල නව තාක්‍ෂණ විද්යුත් උපකරණ, ඇතුළු රෝගීන්ට අවශ්‍ය ඖෂධ නැතැයි රෝහල් බලධාරීහු කිහිපදෙනෙක්‌ම පැවැසූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.