ඖෂධ මාෆියාවෙන් වසරකට කෝටි 150ක පාඩුවක්‌

ශිරාන් රණසිංහ

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඖෂධ මාෆියාව නිසා වසරකට රජයට අහිමිවන මුදල රුපියල් බිලියන 1.5 ක්‌ (කෝටි 150 ක්‌) යෑයි සෞඛ්‍ය අමාත්‍යංශය ගණන් බලා තිබේ.

බහු ජාතික සමාගම් කාලයක්‌ තිස්‌සේම සිය ඒකාධිකාරය පවත්වාගෙන යමින් සිදුකරන ඖෂධ මාෆියාව හඳුනාගත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා තරගකාරි සමාගම්වලට ඉඩ ලබාදීමට උත්සාහ ගත්තද ඒකාධිකාරය රැකගැනීමට ඖෂධ මාෆියාවේ නිරත සමාගම් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා "දිවයින"ට පැවැසීය.

වකුගඩු හා පිළිකා රෝගීන් සඳහා ලබාදෙන Herceptin, Mabthara, Protine Bound Paclitaxcel වැනි එන්නත්වලින් පමණක්‌ රටට වසරකට අහිමිවන මුදල රුපියල් බිලියනය ඉක්‌මවන බවද ගණන් බලා ඇත.

විශේෂයෙන්ම Protine Bound Paclitaxcel එන්නත ගෙන්වන සමාගමෙහි ඒකාධිකාරය බිඳ තරගකාරී සම්ගම්වලට එය ගෙන්වීමට ඉඩදෙන්නේ නම් දැනට රුපියල් 73,000 ක්‌ වන එම එන්නත රුපියල් 38,000 කට ලබාගත හැකි බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දුන්නේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.