2014 ජනවාරි 17 සිකුරාදා

 

    
   
   Divaina Editor
   Webmaster
   

පළාත් දෙකට නම් දීම 30දා සිට 6දා දක්‌වා

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලින් නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 30 (ජනවාරි 30) වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා මධ්‍යහ්න 12.00 දක්‌වා සිදු කෙරේ.

ඉස්‌සෙල්ලම දවසේ වහලක්‌ නැති තට්‌ටු දෙකෙන් එති


පළමු ශ්‍රේණියේ නවක සිසුහු තට්‌ටු දෙකේ බස්‌ රථයකින් කිරිබත්ගොඩ සිට පාසල දක්‌වා පැමිණියහ.  මෙහි විශේෂත්වය වූයේ එම තට්‌ටු දෙකේ බස්‌ රියේ වහලයේ ආවරණය ගලවා එය විවෘත කර තිබීමය. ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

ඒ කොටියා අපිට දෙන්න - ශ්‍රී ලංකාව
පැරිසියෙන් ඉල්ලයි

කොළඹ කොටුවේ සම්බුද්ධා ලෝක විහාරය අසල බස්‌ රියක්‌ පුපුරුවා හැර 11 ක්‌ මරණයට පත් කිරීම ඇතුළු පිපිරවීම් 12 කට මොහු ඕනෑ කරන අයකු බව ශ්‍රී ලංකා රජය දන්වා ඇත.

හෙද විරෝධතා අද

හෙද කාර්ය මණ්‌ඩලයට ලබාදෙන සූතිකා පුහුණුව නතර කරන ලෙසට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) විසින් කර ඇති ඉල්ලීමට විරෝධය පාමින් දිවයින පුරා රජයේ රෝහල් 600 ක ...

බස්‌නාහිර ජල මණ්‌ඩල සේවකයෝ අද රාජ කාරියෙන් ඉවත් වෙති

මෙවර බෝනස්‌ මුදල් ලබා දීමේදී සිදුව ඇති අසාධාරණය, සියයට අටක වැටුප් වැඩිවීමක්‌ ලබා දීම සහ උසස්‌ වීම් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ලබා දී ඇති පොරොන්දු මෙතෙක්‌ ඉටු නොකරීම නිසා.....

සමූහ මිනීවළෙන් තවත් ඇටසැකිලි 4 ක්‌ හමුවේ


මිනීවළේ දෙවැනි අදියරයේ හෑරීමේ කටයුතු ආරම්භ වූ අතර ඊයේ දිනයේදී මිනිස්‌ ඇටසැකිළි හතරක්‌ අලුතින් හමුවිය.

ලක්‍ෂ 78 ක රට සල්ලි සමඟ චීන්නු දෙදෙනා ගුවන් තොටේදී දැලේ

අවුරුදු 36 හා 38 වයසේ පසුවන මෙම චීන ජාතිකයන් දෙදෙනා ළඟ ඇමරිකානු ඩොලර් 20,000 ක්‌ සහ 39,000 ක්‌ තිබූ බව...

පවුල් සෞඛ්‍ය සේවිකාවෝ උද්ඝෝෂණයේ
රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් (වින්නඹු) විසින් ඊයේ (16 දා) ක්‍රියාත්මක කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් රෝහල් දරු ප්‍රසූත කටයුතු මෙන්ම එම නිලධාරීන් විසින් සිදු කරනු ලබන ක්‍ෂේත්‍ර කාර්යයන්ට බාධා පැමිණි බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

"සුමනා පත් කරන්න ගත් තීරණය අවලංගු කරන්න"
කැස්‌බෑවේ හිටපු සභාපති උසාවි යයි
පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බලයට පත්වූ කැස්‌බෑව නගර සභාවේ 2014 සඳහා වූ අයවැය යෝජනා දෙවතාවක්‌ම පරාජයට පත්වීමෙන් අනතුරුව සභාපති ඉවත් කර ඒ වෙනුවට නගර සභා මන්ත්‍රීවරියක වන ආර්. දොන් සුමනා....

පාසල් සංවර්ධන සමිති ගාස්‌තුව රු. 600 ට නඟී
නව චක්‍රලේඛය නිකුත් වෙයි

අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ විවිධාකාරයෙන් දෙමවුපියන්ගෙන් අය කරන මුදල්වලට නීත්‍යනුකූලභාවයක්‌ ලබා දී ඇති බවට...


කළුතර පරිවාසයෙන් නිවාඩු ලබා... මිත්තණි යගේ නිවසට ආ බාල වයස්‌කාර දැරියට අතවර කළ හය දෙනා දැලේ

මෙම දැරිය පසුගිය 8 වෙනිදා සිට මෙසේ මුදලට විකිණී තරුණයින් විශාල පිරිසක්‌ ඇය තැනින් තැන රඳවා මෙසේ සමූහ දූෂණයකට ලක්‌ කර ඇතැයි පොලිසිය කියයි.

බිරිඳ සමග උරණ වූ සැමියා සිඟිති දියණිය ගේ ගෙල කපා මරලා

බිරිඳ සමඟ උරණවූ 23 හැවිරිදි පියෙකු මාස 9 ක්‌ වයසැති තම සිඟිති දියණියගේ ගෙල කපා මරා දමා ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසයි.

දකුණු පළාත් මැතිවර ණයේ සන්ධානයෙන් තරග කිරීමට වෛද්‍ය වරුන්ට ආරාධනා

උගත් බුද්ධිමතුන් දේශපාලන ප්‍රවාහයට කැඳවාගෙන ඒමට සන්ධානයේ බිම් මට්‌ටමේ සාමාජිකයන් විශාල උනන්දුවක්‌ දක්‌වන බව මෙසේ වෛද්‍යවරුන් කිහිදෙනකුට පළාත් සභා ඡන්දයට ආරාධනා ලැබීමෙන් පෙනී යයි.

එතෙරින් ඇසේ......
රඟපෑමෙන්
ශාරුක්‌ සමුගනී

ඉන්දියාවේ මීළඟ මැතිවරණයේදී අගමැති ධුරය සඳහා රාහුල් ගාන්ධි තරග කරන්නේ නම් තමන්ගේ සියලු රූගත කිරීමේ වැඩ කටයුතු තාවකාලිකව නවතා දමා, තමාගේ සම්පූර්ණ සහයෝගය රාහුල්ට දෙන බව ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන් තරයේ ද ජනාදරයට පත් වී සිටින සුපිරි නළු ශාරුක්‌ ඛාන් පසුගියදා මාධ්‍යවලට පැවැසීය.

සල්මන් ඛාන්
සරුංගල් යවයි

ඉන්දියාවේ තවත් සුපිරි නළුවකු වන සල්මන් ඛාන් ඊළඟ මැතිවරණයේදී අගමැති ධුරය සඳහා තරග කරන නරේන්ද්‍ර මෝඩිට තමාගේ පූර්ණ සහාය දෙන බව පවසයි. පසුගියදා සල්මන් ඛාන්, මෝඩි සමඟ දිවා ආහාරය ගෙන ඊට පසු කතාබස්‌ කරමින් සිටි පුවත ඉන්දීය පුවත්පතක්‌ වාර්තා කළේ "සල්මන් ඛාන් මෝඩි සමඟ සරුංගල් යවයි" යනුවෙනි.

'ඔක්‌ස්‌ෆර්ඩ්'
සමාව ඉල්ලයි

ලෝක ප්‍රකට ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ පාලකයන්ට ද පසුගියදා වැරදීමක්‌ සිදු විය. ඒ නම් පසුගිය වාරයේ අඩු ලකුණු ලබා ගත් අලුත්ම සිසුන්ගේ නම් සමඟ ඔවුන් ලැබූ අඩු ලකුණු ප්‍රමාණය, එම සිසුන්ගේ වැඩිහිටියන්ට ඊමේල් මගින් දන්වා යෑවීමය. ඊට පසු සරසවි බලධාරීහු මේ ගැන එම සිසුන්ගෙන් සමාව ඉල්ලා සිටියහ.

'දිවයින'  සැනෙකින් පුවත්

සනා.. අහසින් වැටුණු මේ සනා කාගෙද?

පාසල් ක්‍රිකට්‌ ක්‍ෂෙත්‍රයේ සිටි දක්‍ෂයන් කපා දමා අත්දැකීම් අඩු ක්‍රීඩකයන් දෙදෙනකු හා නුසුදුස්‌සකු ඇතුළත් කිරීමට මේ වන විට සනා ප්‍රමුඛ තේරීම් කමිටුව තීරණය කර ඇති බව අනාවරණය වෙමින්...


සුදු කැස්‌බෑවා කීයද? දුරකතන යෙන් විමසු පොලිස්‌ නිලධාරියා හමුවේ

තම මිත්‍රයකුට සුදු කැස්‌බෑවාගේ ඡායාරූපයක්‌ ගැනීමට අවශ්‍ය වූ නිසා තමා කැස්‌බෑ අයිතිකරුට දුරකථනයෙන් කතාකළ නමුත් කැස්‌බෑවා මිලට ගැනීමට කිසිදු අරමුණක්‌ තමාට නොතිබූ බව...


ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ආරක්‍ෂක ගිවිසුමක්‌

2015 සිට ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට බ්‍රසීලයේ යුද සහ කැලෑ සටන් පාසලේදී පුහුණුව ලබාදෙනු ඇත.

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 1 1/2 ක්‌ ඔසවයි

අධික වර්ෂාව හේතුවෙන් දැනට පිටාර ගලමින් පවතින පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ විවෘත කොට තිබෙන වාන් දොරටු 10 ඊයේ (16 දා) උදැසන සිට අඩි 1 1/2 දක්‌වා එසවීමට පියවර ගත් බව...

ත්‍රි'මලේ රෝහලේ දොස්‌තර මුහුදට බිලි

පිහිනීමට දක්‍ෂයකු වූ වෛද්‍ය රාජරත්නම් මහතා මුහුදේ අනතුරුදායක ප්‍රදේශය දක්‌වා පිහිනා ගොස්‌ තිබේ. එA අවස්‌ථා වේ වෛද්‍යවරයා දියේ ගිලී ඇති අතර...

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහු තුන්දහසකට අධික පිරිසක්‌ ඊයේ (16 දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිට කොළඹ කොටුව ලෝටස්‌ පාර දක්‌වා පා ගමනින් පැමිණ එහිදී උද්ඝෝෂණයක නිරතවූ අයුරු. ඡායාරූප - කමල් බෝගොඩ

'ජනතා හඬ දිනවමු' ජවිපෙ වැඩ අල්ලයි
'ජනතා හඬ දිනවමු' යන මැයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ගෙන යන බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා 'දිවයින'ට ඊයේ (16 දා) ප්‍රකාශ කළේය.

ශිෂ්‍යත්වය පැරැණි ක්‍රමයටම
ගිය වසරේ (2013) මෙන් මේ වසරේ (2014) ශිෂ්‍යත්ව විභාගයද ප්‍රශ්න පත්‍ර දෙකක්‌ සහිතව පවත්වන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

දෙහිවලට සහ පින්නවලට සංචා රකයෝ ලක්‍ෂ 21 ක්‌ එති

ඒ අතරින් ලක්‍ෂ 3 කට වැඩි පිරිසක්‌ (305860 ක්‌) විදේශීය සංචාරකයන් බවද ඇමැතිවරයා කීවේය.

රැප්ගේ ඒකපාර්ශ් වීයභාවයට රජයේ දැඩි විරෝධය

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ස්‌ටීවන් රැප් ඇමරිකානු යුද අපරාධ ගැන රජය ප්‍රශ්න කිරීම නිසා කෝප වී ඇති බවයි.

එජාප අපේක්‌ෂ කත්වය හිමි නැති ශිරාල්ට සහ මෛත්‍රිට ආණ්‌ඩුවට එක්‌වන්නැයි ආරාධනා

එජාපයෙන්ම ආණ්‌ඩුවට එක්‌වූ ඇමැතිවරයකු විසින් මෙම ආරාධනාව සිදු කර ඇති අතර ආණ්‌ඩුවට එක්‌වන්නේ නම් මැතිවරණය ජය ගැනීමට ආධාර අනුබල සියල්ල ලබාදීමට ද ආණ්‌ඩුව සූදානම් බවද ඇමැතිවරයා පොරොන්දු වී තිබේ.

'සුදු කැස්‌බෑ සැක කරුවන්ට' ඇප
කැස්‌බෑවෝ සිව් දෙනා දෙහිවල එති

වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සතුන් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ ද මොවුන්ට නඩු පවරා ඇති අතර....

ඌවකුඩාඔය රක්‍ෂිතයේ ගංජා හේන එස්‌.ටී.එෆ්. වටලයි

අඩි 3.5ක්‌ පමණ උසැති ගංජා ගස්‌ විසිදහසක්‌ පමණ වගා කර තිබී ඇත.


හරක්‌ හොරුන්ගේ අලුත් උපක්‍රම

මස්‌වැද්දන් විසින් ගවයකු හප්පා අඩපණ කර පටවාගෙන යැමට දැරූ උත්සාහයක්‌ ව්‍යර්ථ වී ඒ ගවයා බලවත් සේ තුවාල වී වැටී සිටි අයුරු...


කරන්දෙණියේ කාන්තාවන් 2000ක්‌ම විදෙස්‌ ගතවෙලා

ගාල්ල දිස්‌ ත්‍රික්‌කයේ කාන්තාවන් හත්දහස්‌ හයසිය පනස්‌ අට දෙනකු විදේශගතව ඇති අතර ඉන් කාන්තාවන් දෙදහ සක්‌ම විදේශගතව ඇත්තේ කරන්දෙණිය....

  • පූර්වයේ නොවූ සුසංයෝගයක්‌...
    නන්දා මාලනි සහ වික්‌ටර්
    රත්නායකගේ රම්‍ය තීර්ථය...

    දැන් මේ ශිල්පීන් දෙදෙනාම එකම වේදිකාවකය. නන්දාගේත් වික්‌ටර්ගේත් රසික කැළ රම්‍ය තීර්ථය වෙත රොද බඳින බව නිසැකය. මෙම 24 වැනිදා සවස 7 ට රත්මලාන බොරුපන පාරේ පිහිටි සිරස ස්‌ටයින් මැදිරි සංකීර්ණයේදී ඒ බව අපට දැකබලා ගත හැකි වනු ඇත. ඉන් පසු රට වටා "රම්‍ය තීර්ථය" ගමන් කරනු ඇත.

  • ශ්‍රී ලංකාව සෙමෙන් ස්‌ථාවර වෙයි

    දඟ පන්දු යවන්නන්ගේ රජ දහනක්‌ බවට සැලකෙන සාජා ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ ඊයේ (16 දා) ඇරැඹි තෙවැනි සහ අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායම කඩුලු 5 කට ලකුණු 220 ක්‌ ලබා යම් ස්‌ථාවරයකට පැමිණීමට සමත්ව සිටියේය.


 

Kapruka Shopping |  News




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.