හෙද විරෝධතා අද

ඒමන්ති මාරඹේ - මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

හෙද කාර්ය මණ්‌ඩලයට ලබාදෙන සූතිකා පුහුණුව නතර කරන ලෙසට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) විසින් කර ඇති ඉල්ලීමට විරෝධය පාමින් දිවයින පුරා රජයේ රෝහල් 600 ක සේවය කරන හෙද හෙදියෝ අද (17දා) දහවල් 12 සිට 1 දක්‌වා එම රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

හෙද කාර්ය මණ්‌ඩලයට ලබාදෙන සූතිකා පුහුණුව නැවැත්වීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට කිසිදු අයිතියක්‌ නැති බවත් ඔවුන්ගේ එම ඉල්ලීමට දැඩි විරෝධය පළකිරීමක්‌ වශයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බවත් එම සංගමය කියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.