ත්‍රි'මලේ රෝහලේ දොස්‌තර මුහුදට බිලි

හේමන්ත රන්දුණු සහ සමන් මල්ලවආරච්චි

ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදේ දිය නාමින් සිටි ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයකු රළ පහරට ගසාගෙන ගොස්‌ දියේ ගිලීමෙන් පෙරේදා (15 වැනිදා) සවස මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ ත්‍රිකුණාමලය රෝහලේ රාජකාරි කරමින් සිටි වෛද්‍ය එA. රාජරත්නම් මහතා බව පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලය රෝහලේ රාජකාරි කරන වෛද්‍යවරුන් පස්‌ දෙනකු පෙරේදා සවස ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදේ දිය නාමින් සිට ඇත.

පිහිනීමට දක්‍ෂයකු වූ වෛද්‍ය රාජරත්නම් මහතා මුහුදේ අනතුරුදායක ප්‍රදේශය දක්‌වා පිහිනා ගොස්‌ තිබේ. එA අවස්‌ථාවේ වෛද්‍යවරයා දියේ ගිලී ඇති අතර පසුව ඔහුගේ සිරුර වෙරළට ගොඩගසා තිබිණි.

පසුව වෛද්‍යවරයා රෝහල්ගත කළ අතර ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ත්‍රිකුණාමලය නියෝජ්‍ය පොලිස්‌පති කපිල ජයසේකර මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.