"පෙතිඩීන්" එන්නත් ලක්‍ෂ තුනක්‌ වසර 5 ක්‌ ගබඩාවල

ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වලට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ගෙන්වීම හේතුවෙන් කල් ඉකුත් වී භාවිතයෙන් ඉවත් කරනු ලැබූ වේදනා නාශකයක්‌ වන "පෙතිඩීන්" එන්නත් දියර කුප්පි තුන් ලක්‍ෂයක පමණ තොගයක්‌ වසර පහක පමණ කාලයක්‌ තිස්‌සේ වෛද්‍ය සැපයුම් අංශ ගබඩාවල තැන්පත් කර තබා ඇති බව එම අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම කල් ඉකුත්ව ඇති "පෙතිඩීන්" එන්නත් දියර කුප්පි තොගය පිළිබඳ රජයේ විගණන පරීක්‍ෂණයන් තවමත් අවසන්ව නැති බැවින් ඒවා විනාශ නොකර මෙසේ ගබඩාවල තබා ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් කීවේය.

මෙම "පෙනඩීන්" එන්නත් දියර කුප්පි තොගය රජයේ රෝහල්වලට බෙදාහැර තිබියදී වසර 2009 දී පමණ කල් ඉකුත් වූ අතර එම එන්නත් කුප්පි 2011 වසරේදී විනාශ කරන බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශ කළද මෙතෙක්‌ එය සිදු නොවීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.