උතුරේ එකම පිළිකා රෝහල විවෘත වෙයි

දිනසේන රතුගමගේ යාපනයේ සිට

යාපනය තෙලිප්පලෙයි ට්‍රෙයිල් පිළිකා රෝහල ඊයේ (19 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අති උත්සවාකාරයෙන් විවෘත විය.
රුපියල් මිලියන 300 ක වියදමින් ඉදිකෙරුණු මෙම තෙලිප්පලෙයි ට්‍රෙයිල් පිළිකා රෝහල උතුර පළාතට ඇති එකම පිළිකා රෝහල ද වන අතර මෙම පිළිකා රෝහලේ සියලුම පහසුකම්වලින් යුක්‌තව හා තක්‍ෂණික උපකරණ ද රජය විසින් ලබා දීමට පියවර ගෙන ඇත. මෙම ට්‍රෙයිල් පිළිකා රෝහල විවෘත කිරීමේ අවස්‌ථාවට පැමිණි ජනාධිපති තුමන් පිළිගනු ලැබුවේ ඇමැති ඩග්ලස්‌ දේවානන්දා, උතුරු පළාත් ආණ්‌ඩුකාර ජී. ඒ. චJද්‍රසිරි සහ උතුර පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් යන මහත්වරුන් විසිනි.

එහිදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුර පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතාට යමක්‌ පවසද්දී මෛත්‍රිපාල සිරිසේන, ඩග්ලස්‌ දේවානන්දා යන ඇමැතිවරු ඇතුළු පිරිස සිනාසෙමින් ඊට ප්‍රතිචාර දැක්‌වූ අයුරු ඡායාරූපයේ දැක්‌වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.