පිළිකාව ජය ගැනීම සහ
ඖෂධ සමාගම් පැරදවීම

පිළිකාව යනු ජයගනිමින් පවත්නා මාරයෙකි. වකුගඩු රෝග ජය ගැනීමට තවමත් හැකිව නැතත් කල් තබා නිවාරණ පියවර ගැනීමෙන් රෝගය ජය ගැනීම කොහොම වෙතත් පමා කර ගැනීමත් කළ හැකිය. කෙසේ වුවද පිළිකාව සහ වකුගඩු රෝග හටගත් විට බෙහෙත් අත්‍යාවශ්‍යය. බෙහෙත් නැති විට මෙකී රෝග දෙකම මරණ වරෙන්තු බවට පත් වෙයි. ඖෂධ ගෙන්වන සමාගමක්‌ ස්‌වකීය ඒකාධිකාරය පවත්වාගෙන යැම නිසා පිළිකාව සහ වකුගඩු රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග දෙකක්‌ රුපියල් 73000 ක අවම මිලක පවතින බව ඊයේ (20 දා) 'දිවයිනේ' මුල් පුවත ලෙස පළ විය. මේ රටේ දුප්පත් සාමාන්‍ය ජනයාට ඖෂධයක්‌ සඳහා රුපියල් 73000 ක්‌ තබා සත 73000 ක්‌ වත් වැය කිරීමට නොහැක. කිසියම් රෝගයකට ප්‍රතිකාර වශයෙන් මාසයක කාලයක්‌ සඳහා දොස්‌තර නියම කරන බෙහෙත් වට්‌ටෝරුවට මුදල් යට කිරීමට නොහැකි රෝගියා හෝ ඔහුගේ හෝ ඇයගේ ඥතියා මිල ගණන් විමසමින් µdමසියේ කවුන්ටරය වටා ඇඹරෙන හැටි අපි කොතෙකුත් දැක ඇත්තෙමු. මෙයට වසර 20 කට පෙර සත දෙකක්‌ව තිබූ විටමින් C පෙත්තක නූතන මිල සත 90 කි. සත 5 ට තිබූ ඇස්‌පිරින් පදනම් කරගත් වේදනා නාශක පෙත්තක්‌ රුපියල් 2.50 කි. මෝර ගුලි ලෙස සාමාන්‍ය ජන වහරේ තිබූ Sය්රරන ඛසඩැර ධසක කැප්සියුලයක්‌ මෙයට විසි අවුරුද්දකට පෙර සත 5 කි. අද රුපියල් දෙකකි. සමහර වෙළෙඳ ලකුණු යටතේ නිපදවන විට එකක්‌ රුපියල් 10 කි. එදා දොස්‌තරගේ ගාස්‌තුව රුපියල් 20 කි. අද 500 කි. එදා චැනල් ගාස්‌තුව රුපියල් 60 කි. අද 1660 කි. මේ නිසා බෙහෙත් මිලට මුහුණදී ගත නොහැකිව සිය දිවි නසා ගැනීම සඳහා බෙහෙත් බීමට ජනයාට සිදුව ඇත. ඒ සඳහා නිදි පෙති බොන්නට යන මුදල ගැන සිහිපත් කර බලන විට සියදිවි හානි අපේක්‍ෂකයාට සිදු වන්නේ ළිඳට පැනීමටය.

පිළිකා නාශක ඖෂධ සාමාන්‍ය වශයෙන් ගත් කල මිල ඉතා ඉහළය. එයට හේතුව පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා පර්යේෂණ පිණිස අති විශාල වූ මුදලක්‌ වැය කරන්නට නිෂ්පාදකයන්ට සිදුවීමය. රුපියල් 50000 ට විකුණන ඇතැම් පිළිකා නාශක ඖෂධයක්‌ නිෂ්පාදනය කිරීමට රුපියල් 50 ක්‌ වත් වැය වන්නේ නැත. එහෙත් මේ ඖෂධය නිපදවීම සඳහා කරන පර්යේෂණවලට අදාළ සමාගම රුපියල් කෝටි 50 කට වඩා වැය කරයි. ඉන් පසු එය නැවත උපයා ගැනීම සඳහා ඔවුහු එම ඖෂධ අධික මිල ගණන්වලට විකුණති. කල් යන විට තමන් ලබන අධික ලාභය දකින ඖෂධ සමාගමට ඖෂධයේ මිල අඩු කිරීමට ලෝබ සිතෙයි. මෙවැනි ඖෂධ විකුණන දේශීය සමාගම්වලට ඇතැම් විට 50% ක පමණ කොමිස්‌ මුදලක්‌ ලැබෙයි. ඒ කොමිසෙන් සත 5 ක්‌ වත් අඩු කිරීමට එම දේශීය නියෝජිතයා සූදානම් නැත. මෙයට දිය හැකි තවත් උදාහරණයක්‌ වන්නේ ජල භීතිකා රෝගය වෙනුවෙන් මනුෂ්‍යයන්ට එන්නත් කරන පළමුවන එන්නත රුපියල් 36000 කි. මෙහි සත 36000 ක්‌වත් වටිනා අමුද්‍රව්‍ය නැත. එහෙත් රුපියල් ලක්‍ෂ 36000 ක්‌ පමණ වියදම් කර දිගු කාලයක්‌ තිස්‌සේ කළ පර්යේෂණ සමූහයක්‌ මේ එන්නත තුළ ඇත.

කෙසේ වුවද පිළිකා රෝගීන්ට සහ වකුගඩු රෝගීන්ට පමණක්‌ නොව වෙන කිසිදු රෝගියකුට බෙහෙත් නැතිව මිය යැමට වගකිවයුතු බහුතර බලයක්‌ ඇති ආණ්‌ඩුවක්‌ තිබෙන රටක ඉඩ තැබිය යුතු නැත. ආණ්‌ඩුවක්‌ නැති සෝමාලියාව වැනි රටක නම් මෙබන්දක්‌ වුණාට කරන්නට දෙයක්‌ නැත. ඒ නිසා ඉහත සඳහන් ඖෂධ වර්ග සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලමු. පිළිකා ඖෂධ ආනයනය කිරීම ඖෂධ සංස්‌ථාවට භාර ගැනීමට නොහැකිද? වෙනත් විකල්ප මේ සඳහා නොමැතිද? මරණයට මෙහා දිය හැකි විසඳුමක්‌ රෝගීන්ට ඉදිරිපත් කළ යුතුය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.