අපි කන වස විස මෙන්න

වසර තිහක කුරිරු යුද්ධයෙන් බැට කෑ රජරට ජනතාවට සාමයේ මල් පිපී තිබුණ ද එAවායේ සැබෑ සුවඳ විඳගන්නට තවත් යුද්ධයකට මුහුණපාන්නට සිදුව තිබේ. එA වකුගඩු මාරයා සමග ඇති යුද්ධයකි. එදා රජරට ප්‍රසිද්ධ වූයේ ගොවිතැන නිසාය. නමුත් අද රජරට කියූ පරිද්දෙන් මතකයට එන්නේ වකුගඩු මාරයා ගැනය. එA තරමට ම අද වන විට රජරට වකුගඩු මාරයා විසින් ගිලගෙන තිබේ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනකු අතරේ කතාබහට මුල පුරන වචන පෙළක්‌ වන්නේ මට දැන් පෙෂර්, සීනිත් තියෙනවා. එA මදිවට කොලෙස්‌ටෝරෝල්, මොනවා කරන්නද මේවා පූරුවේ කළ කරුම තමා යන්නය. එවැනි රෝග අතරට කියෑවෙන තවත් ප්‍රධාන රෝග දෙකකි. එA පිළිකාව හා වකුගඩු රෝගයයි.

වත්මනෙහි අධික රුධිර පීඩනය (පෙෂර්) දියවැඩියාව, මේදය තැන්පත්වීම (කොලෙස්‌ටෝරෝල්) යන රෝගී තත්ත්වයන් හටගත් විට රෝගියාට එAවා පාලනය කරගත හැකි වුවත් පිළිකාව වකුගඩු වැනි රෝග වැළඳුනහොත් මරණය සමග මිත්‍ර වනවා හැරෙන්නට අන් යමක්‌ නොමැත. වෙන කවරදාටත් වඩා මෙම දරුණු රෝගාබාධ ඉතා ශීඝ්‍රයෙන් වත්මන් සමාජය තුළ පැතිරී යන්නට පටන් ගෙන තිබේ. මෙම රෝගයන්හි ශීඝ්‍ර ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය බලධාරීහු ද දනිති. මෙවන් රෝගාබාධ වැළඳීමේ වැඩි ප්‍රවනතාවක්‌ සමාජය තුළ ඇති බව ජනතාව ද හො¹කාරවම දනිති. රෝග ව්‍යාප්තිය ගැන විවිධ කණ්‌ඩායම් පරීක්‍ෂණ ද පවත්වති. පර්යේෂණ සිදු කරති. සියලු වාර්තාවලින් මෙම රෝග බෝවීමේ මූල කුමක්‌දැයි ද දනිති. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ මෙවැනි රෝගාබාධ වැළඳීම අවම කිරීම හෝ නතර කිරීම සඳහා ජාතික මට්‌ටමේ නිසි වැඩපිළිවෙළක්‌ තවමත් පේන මානයකවත් නොමැතිවීමය.

කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් වැව් බැඳි රජරට ජනයා එදා මෙන්ම අදත් හඳුන්වන්නේ ගොවි රජවරු ලෙසටය. එA තවමත් අපේ රටට ප්‍රධාන වශයෙන් බත සපයන්නේ රජරට ගොවියා නිසාය. මෙම ගොවි රජවරුන්ගේ නිජබිම වූ රජරට අද සෞඛ්‍ය අතින් මහත් ව්‍යසනයකට මුල පුරා ඇත. එA අන් කිසිවක්‌ නොව මුළු රජරටම ගිල ගනිමින් සිටින කාලකණ්‌ණි වකුගඩු රෝගය නිසාය.

වසර තිහක කුරිරු යුද්ධයෙන් බැට කෑ රජරට ජනතාවට සාමයේ මල් පිපී තිබුණ ද එAවායේ සැබෑ සුවඳ විඳගන්නට තවමත් යුද්ධයකට මුහුණපාන්නට සිදුව තිබේ. එA වකුගඩු මාරයා සමග ඇති යුද්ධයකි. එදා රජරට ප්‍රසිද්ධ වූයේ ගොවිතැන නිසාය. නමුත් අද රජරට කියූ පරිද්දෙන් මතකයට එන්නේ වකුගඩු මාරයා ගැනය. එA තරමට ම අද වන විට රජරට වකුගඩු මාරයා විසින් ගිලගෙන තිබේ.

රජරට පවතින මේ තත්ත්වයන් ගැන වෛද්‍යවරුන්, පර්යේෂකයන් විවිධ පරීක්‍ෂණ සිදු කරයි. මෙහිදී ද විවිධ පාර්ශ්ව විවිධ අදහස්‌ පළ කරති. මේ කුමන හේතු සාධක ඉදිරිපත් කළත් ප්‍රායෝගිකව වකුගඩු රෝගය තුරන් කිරීම පිණිස ස්‌ථිරසාර වැඩපිළිවෙළක්‌ තවමත් පෙනෙන්නට ද නොමැත. තත්ත්වය එසේ වුවත් විවිධ වෛද්‍ය වාර්තා හා අදහස්‌ අනුව වකුගඩු ඇතුළු ඉහත කී රෝගාබාධ ඇති වන්නට හේතු සාධක මොනවාද? රෝගයන්ගෙන් මිදීමට ගොවීන් හැටියට ජනතාව කෙසේ ක්‍රියාත්මක විය යුතුද? රෝග මැඬලීමට බලධාරීන්ගේ මැදිහත්වීම කෙබඳු විය යුතුද? යන්න අප මෙම ලිපියෙන් අවධාරණය කරන්නෙමු.

අද රජරට ගොවීන්ගේ කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකකට බෙදා වෙන් කළ හැකිය. එA වාණිජ කෘෂි කර්මාන්තය හා ගෙවතු වගා කෘෂිකර්මාන්තය වශයෙනි. ගෙවතු වගා කෘෂි කර්මාන්තයේදී පවුල් එAකකයක්‌ සඳහා කුඩා ඉඩකඩක සුළු වශයෙන් වගා කෙරෙන භෝග වගාවන් වගා කෙරේ. මෙහිදී හැකිතාක්‌ වස විෂවලින් තොරව එළවළු වගා කර ගැනීමට ජනතාව පෙලඹේ. එහෙත් වාණිජ කෘෂි කර්මාන්තයේදී සිදු වන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස්‌ දෙයකි. ඉතා විශාල බිම් ප්‍රදේශයක භෝග වගාවන් සිදු කරයි. මෙම වගාවන්හි සාර්ථක බව පවත්වා ගැනීමට වගාවට කෘෂි රසායන ද්‍රව්‍ය, පළිබෝධ නාශක, රසායනික පොහොර වර්ග භාවිත කෙරේ. මෙලෙස භාවිත කෙරෙන කෘෂි රසායන හා රසායනික පොහොර වර්ග අවිධිමත්ව භාවිත කිරීමට අද ගොවීහු වඩාත් යොමුවී තිබේ. මෙය හිතකර තත්ත්වයක්‌ නොවේ. මෙම කෘෂි රසායන හා රසායනික පොහොර වර්ග අවිධිමත්ව භාවිත කිරීමෙන් ජනතාවට සෘජු බලපෑමක්‌ සේම දීර්ඝ කාලීනව හා වක්‍ර බලපෑමක්‌ ඇතිවීමට ඉඩකඩ බොහෝ වැඩිය. අද ගොවීන්ගේ මෙම අවිධිමත් කෘෂි රසායන භාවිතය වකුගඩු පිළිකාව ඇතුළු විවිධ රෝගාබාධ ඇතිවීමට සෘජුව හෝ වක්‍රව බලපාන බව නම් නිසැකය.

වගාවට වැළඳෙන රෝග මැඩපවත්වා ගැනීමට හෝ අස්‌වැන්න වැඩි කිරීමට විවිධ කෘෂි රසායන ඉවක්‌ බවක්‌ නොමැතිව ඉසීමට ගොවීහු පුරුදුව සිටිති. රසායනික පොහොර දමති. ඇතැම් අවස්‌ථාවල එක රෝගයකට රසායන ද්‍රව්‍ය හය හත යොදන අවස්‌ථා ද ඇත. මෙසේ කරනුයේ විශාල මුදලක්‌ වියදම් කර කළ වගාව ආරක්‍ෂා කරගත යුතු යෑයි සිතන නිසා විය හැකිය.වගාව ආරක්‍ෂා වුවහොත් පමණක්‌ තමන්ට මුදල් ලැබෙන නිසාය. වාණිජ කෘෂිකර්මාන්තයේ ස්‌වභාවය මෙයයි.

ගොවියා සිතන ආකාරයෙන් මෙම ක්‍රියාවලිය නිවැරදිය. නමුත් අනාගතය දෙස බැලුවහොත් මෙම ක්‍රියාව රටක්‌ හැටියට හිතකර නොවන්නේය. මන්ද මේ ආකාරයෙන් කෘෂි රසායන භාවිත කළහොත් රටේ භූමියට කුමක්‌ වේවිද? යන ප්‍රශ්නය මතුවන නිසාය. එනිසා රජයක්‌ හැටියට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන් හා කෘෂි නිලධාරීන් අතර සක්‍රීය මට්‌ටමේ යාන්ත්‍රණයක්‌ වහාම ඇති කළ යුතුය. විශේෂයෙන් කෘෂි නිලධාරීන් හා ගොවිජන සේවා මධ්‍යස්‌ථාන කෙරේ ගොවියන් තුළ පවතින අසුබවාදී මතයන් වෙනස්‌ කළ යුතුය. දැනුමෙන් පරිපූර්ණ කෘෂිකර්ම නිලධාරීන් පිරිසක්‌ පුහුණු කර නිරන්තරයෙන් ගොවියා අතරට යා යුතුය. බෝඩ්ලෑල්ලකට, වටමේසයකට, පොත් මිටියකට සීමා වී කාමරයක්‌ තුළ සිටින කෘෂි නිලධාරියා වෙනුවට නිරන්තරයෙන් ක්‍ෂේත්‍රයේ ගැවසෙන නිලධාරියකු බිහි කළ යුතුය. එවිට ගොවියකුට අවශ්‍ය මොහොතක දී ක්‍ෂේත්‍රයේ හටගන්නා පළිබෝධ තත්ත්වයන් හා රෝගී තත්ත්වයන් පෙන්වා නිර්දේශිත ප්‍රතිකාර ලබාගත හැකිය. එනිසා යාන්ත්‍රණයක්‌ ඇති කර ගොවියා ශක්‌තිමත් කර ප්‍රාණවත් කළ යුතුය.

අපගේ ගොවීන් රසායන ද්‍රව්‍ය භාවිතයෙන් පසුව ද හිස්‌ ටින් හා පැකට්‌ ක්‍ෂේත්‍රයේ තැන තැන දමා යයි. අවිධිමත්ව සිදු කරන මෙම ක්‍රියාව ද හිතකර නොවන්නකි.

මේ තුළින් අප නොහිතන දේ ද සිදුවිය හැකිය. මෙම අපිළිවෙළ නිසා හදිසි කෝපය සමාජයීය හා පවුල් ප්‍රශ්න නිසාත් වැරදි ලෙස භාවිත කොට ජීවිත හානි පවා සිදු කිරීමට ඇති ඉඩකඩ ද වැඩිය. එසේම මෙම ඉවතලන කෘෂි රසායන හිස්‌ ටින් නිසා අඩංගු විෂ වර්ග පසට එකතු වී ජලයටත් එකතුවී විවිධ රෝගාබාධයන් ඇතිවීමට ද පුළුවන. ලංකාවට වස විෂ ගෙන්වන නොඑසේ නම් කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වන බහුජාතික සමාගම් රට ගිල ගැනීමට යත්න දරමින් සිටී. එහි ප්‍රධාන සාධකය ලෙස රටේ කොඳු නාරටිය වූ ගොවි ජනතාව (කෘෂි කර්මාන්තය) විනාශ කිරීමට පටන් ගෙන තිබේ. මෙහි පුදුම එලවන සුළු කාරණය වන්නේ බහුජාතික සමාගම්වල සුද්දන්ගේ ඔඩොක්‌කුවට වැටී කිසිත් නොදන්නාක්‌ මෙන් ඇස්‌ කන් පියා බලධාරීන් බලා සිටීමය. මේ සියල්ල රුපියල් සත හමුවේ නිහඬ වී ඇත.

අද ගොවියා අසරණය. හරියාකාර උපදේශයක්‌ ගන්නට ආයතනයක්‌ නැත. නිලධාරියකු ද නැත.

සිදුවන ව්‍යසනයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට නම් බහුජාතික සමාගම්වල අතකොළු නොවී කෘෂි රසායන ද්‍රව්‍ය හා රසායනික පොහොර භාවිතය නතර කළ යුතු කාලය එළැඹ ඇත. එසේ නොවී මේ ව්‍යසනයෙන් ගොඩ එAමක්‌ නම් නැත. එවැනි ක්‍රියාමාර්ගයක්‌ ක්‍ෂණිකව ගත නොහැකි බව නම් සැබෑය. නමුත් එA සඳහා ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළක්‌ සැකසිය යුතුය. ගොවියාට නොමිලයේ පොහොර ටික දුන්නාට මදිය. වස කඩ විතරක්‌ තිබුණාට ද මදිය. දැනුම ආකල්ප පුහුණුව ගොවියාට ලබාදෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ ද ප්‍රාදේශීය මට්‌ටමෙන් සකස්‌ කළ යුතුය. එවිට වාණිජ කෘෂිකර්මාන්තයේ යෙදෙනවා නම් විවිධ නිර්දේශයන් හා උපදෙස්‌ අනුව ගොවියා ක්‍රියා කරනු ඇත. එහිදී නියාමනයක්‌ හා සොයා බැලීමක්‌ සිදු වේ.

මේ ආකාරයේ වස විෂ පාලනය කිරීමට පියවර නොගත හොත් රටේ ජනතාවගෙන් අති බහුතරය ලෙඩුන් රෝගීන් වනවාට කිසිදු සැකයක්‌ නොමැත.

තිරප්පනේ - සමන් පෙරේරා

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.