මාධ්‍ය මගින් හෙළිදරව් කරන තරමට වකුගඩු රෝගයේ වර්ධනය හා ව්‍යාප්තිය බරපතළ නැහැ
- වෛද්‍යවරු කියති

තලාව එප්පාවල - රත්න බී. ඒකනායක

රජරට පුරාවට පැතිරෙන වකුගඩු රෝගය බරපතළ සෞඛ්‍ය හා මානව ප්‍රශ්නයක්‌ බව සැබැවි. නමුත් මාධ්‍ය මගින් හෙළිදරව් කරන තරමට මෙහි වර්ධනය හා ව්‍යාප්තිය බරපතළ නෑ. අනුරාධපුර වකුගඩු ඒකකය භාර වෛද්‍ය අසංග රණසිංහ සහ වකුගඩු රෝහල භාර වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව දසනායක යන මහත්වරු සඳහන් කරති. ඔවුන් දක්‌වන රෝග ව්‍යාප්තියේ සහ රෝගී මරණ සංඛ්‍යාවේ තොරතුරු මෙසේය.

පසුගිය දස වසර තුළ (2003 - 2013) අනුරාධපුර දිස්‌ත්‍රික්‌කය

කොට්‌ඨාසය රෝගී සංඛ්‍යාව

මැදවච්චිය 3194

පදවිය 2653

කැබිතිගොල්ලෑව 1052

රඹෑව 800

කහටගස්‌දිගිලිය 541

මනුප 508

හොරොව්පොතාන 473

නැ. නු. ප. 351

ගලෙන්බිඳුණුවැව 286

තඹුත්තේගම 274

තලාව 253

නොච්චියාගම 248

කැකිරාව 157

තිරප්පනේ 141

ගල්නෑව 108

මිහින්තලේ 248

රාජාංගණය 117

ඉපලෝගම 90

පිටතින් පැමිණි 1469

මුළු ගණන 13008

මේ කාලය තුළ මියගිය ගණන 437

පසුගිය දස වසර තුළ 2003 - 2013 පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කය

කොට්‌ඨාසය රෝගී සංඛ්‍යාව

මැදිරිගිරිය 1114

හිඟුරක්‌ගොඩ 966

දිඹුලාගල 702

ඇලහැර 582

තමන්කඩුව 384

ලංකාපුර 369

වැලිකන්ද 261

පිටතින් පැමිණි අය 115

මුළු ගණන 4493

මේ කාලය තුළ මියගිය සංඛ්‍යාව 283 කි.

රෝහල්වලදී සහ සායනවලදී හමුවන රෝගීන්ගේ සංඛ්‍යාව අනුව වෛද්‍යවරු මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබුණත් රජරට ප්‍රත්‍යන්ත ගම්මානවල තත්ත්වය මීට වඩා බොහෝ සේ වැඩි යෑයි උතුරු මැද පළාත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම ගමගේ මහතා අවධාරණය කරයි. මැදවච්චිය ප්‍රදේශයේ ඉහළ තම්මැන්නාව ගමේ 2012 වසරේ රෝගීන් 12 ක්‌ මැරිලා. දැනට රෝගීන් 15 ක්‌ විතර ඉන්නවා. කොඩිය බැන්දවැව ගමේ පවුල් 29 යි. පවුල් 19 ක වකුගඩු රෝගීන් ඉන්නවා. ගම්වල තත්ත්වය මෙහෙමයි. නමුත් උතුරු මැද පළාතේ වකුගඩු රෝගය තදින් පවතින බවට වෛද්‍යවරුන්ගේ හෙළිදරව්ව වැදගත් වෙනවා. වෛද්‍යවරු, සෞඛ්‍ය අමාත්‍යාංශය, දේශපාලකතයන් එක්‌වී මේ ජාතික ප්‍රශ්නයට වහාම ස්‌ථිර විසඳුමක්‌ සෙවිය යුතුව තිබෙනවා. දේශපාලන පක්‍ෂ භේදයෙන් තොරව රජරට වකුගඩු ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්‌ ලෙස සලකා අප කවුරුත් එකතු වී මේ මානව ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. උතුරු මැද පළාත් සභාවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම ගමගේ මහතා සිය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.