රජයේ රෝහල්වල විකිරණ ශිල්පීහු 29 දා ලෙඩ වෙති

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 6 ක්‌ මුල් කරගෙන දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන විකිරණ ශිල්පීන් ලබන බදාදා (29 දා) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇත.

බදාදා උදැසන 8 සිට බ්‍රහස්‌පතින්දා උදැසන 8 දක්‌වා ක්‍රියාත්මක වන මෙම ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල සිදු කෙරෙන සී. ටී. ස්‌කෑන්, එක්‌ස්‌ කිරණ, එම්. ආර්. අයි. ඇන්ජියෝග්‍රැම් ඇතුළු විකිරණ පරීක්‍ෂණයන් නතර කෙරෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා "දිවයින"ට පැවසීය.

විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන් පුහුණුව සඳහා උපාධි පාඨමාලාවක්‌ පැවැතීම නිසා එම තාක්‍ෂණවේදීන් පුහුණු කිරීමේ ඩිප්ලෝමා පාඨමාලාව නතර කිරීම ඇතුළු සේවා ඉල්ලීම් 6 ක්‌ මුල්කර ගෙන මෙම ලෙඩ නිවාඩු දැමීම ක්‍රියාත්මක කරන බව ඈපා මහතා කීවේය.

අදාළ ඉල්ලීම් මුල් කරගෙන බස්‌නාහිර පළාතේ සියලු රජයේ රෝහල් විකිරණ ශිල්පීහු පෙරේදා (22 දා) උදැසන 8 සිට දහවල් 12 දක්‌වා පැය 4 ක කාලයක්‌ සේවා කටයුතුවලින් ඉවත් වී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.