දින 22 ක්‌ තුළ ඩෙංගු රෝගීන් 200 ක්‌ හමුවේ

ඒමන්ති මාරඹේ

මෙම මාසයේ ගත වූ දින 22 තුළදී කොළඹ නගරයෙන් ඩෙංගු උණ රෝගීන් 200 දෙනකු වාර්තා වී ඇති අතර රෝගී මරණ 2 ක්‌ සිදුව ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින" ට පැවසීය.

වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් බහුතරය මට්‌ටක්‌කුලිය, මෝදර යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. කොළඹ නගරයෙන් වාර්තා වන ඩෙංගු උණ රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පැවතීම නිසා මෙම සති අන්තයේදී කොළඹ නගරයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය කාරියවසම් මහතා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.