අධික කෘෂි රසායන භාවිතය එළවළු කෑම අඩුවීමට හේතුවක්‌

- කෘෂිකර්ම ලේකම්


මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

එළවළුවලට අධික ලෙස කෘෂි රසායන එක්‌ කිරීම, එළවළු පරිභෝජනය පහත වැටීමට බලපා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්‌මුල්ල මහතා කියයි.

පාරිභෝගික ජනතාව අධික ලෙස කෘෂි රසායන යෙදූ එළවළු මිලට ගැනීම ප්‍රතික්‌ෂේප කිරීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව ද ඒ මහතා පැවැසීය.

ජනතාවගේ එළවළු සහ පලතුරු පරිභෝජනයද අඩුවී ඇත. ඒකපුද්ගල දෛනික එළවළු පරිභෝජනය ග්‍රෑම් 400 ක්‌ විය යුතු නමුත් වර්තමානයේදී එළවළු පරිභෝජනය ග්‍රෑම් 100 ක්‌ පමණි.

පලතුරු දිනකට ග්‍රෑම් 400 ක්‌ ලබාගත යුතු නමුත් දිනක පරිභෝජනය ග්‍රෑම් 100 ක්‌ බව ද කළ සමීක්‍ෂණවලදී හෙළිවී ඇති බව ද ලේකම්වරයා පැවැසීය.

වෙළෙඳපොළ වස විසෙන් තොර එළවළු, පලා වර්ග සහ පලතුරු සඳහා පවතින ඉල්ලුම් ඉහළ යමින් පවතින බවත් වෙළෙඳපළ අවශ්‍යතාව සඳහා කෘෂි නිෂ්පාදනය සැපයීම සඳහා වස විසෙන් තොර කෘෂි ගොවිපළ වාණිජ මට්‌ටමින් ආරම්භ කිරීම කෙරෙහි අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ද ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්‌මුල්ල මහතා තවදුරටත් පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.