රෝහල් විකිරණ ශිල්පීහු අද ලෙඩ වෙති

ඒමන්ති මාරඹේ

දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන විකිරණ ශිල්පීහු අද (29 දා) ක්‍රියාත්මක කරනු ලබන ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් රෝහල්වල අද දිනයේ සිදු කෙරෙන එක්‌ස්‌කිරණ, සිටි ස්‌කෑන්, එම්. ආර්. අයි., එන්ජියෝග්‍රෑම් ඇතුළු සියලු විකිරණ පරීක්‍ෂණ කටයුතු ඇණහිටිනු ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මෙම ලෙඩ නිවාඩු වාර්තා කරන කාලසීමාව තුළදී රෝහල්වල හදිසි විකිරණ පරීක්‍ෂණයන් පමණක්‌ සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව එම සංගමය කියයි.

සේවා ඉල්ලීම් පහක්‌ මුල්කරගෙන ක්‍රියාත්මක කෙරෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන 8 සිට හෙට (30 දා) උදැසන 8 දක්‌වා ක්‍රියාත්මක කෙරේ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.