කාත්තන්කුඩියේදී ජාතික කොඩිය
ගිනි තැබීම ගැන පරීක්‍ෂණ

නෝමන් පලිහවඩන

ශ්‍රී ලංකාවේ 66 වැනි නිදහස්‌ උත්සවය සැමරීම සඳහා කාත්තන්කුඩි ප්‍රදේශයේ සවිකර තිබූ සිංහ කොඩියක්‌ ගිනි තැබීමේ සිද්ධියක්‌ පිළිබඳව කාත්තන්කුඩි පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

කාත්තන්කුඩි කිරාන්කුලම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ හෝටලයක්‌ අසල ඉකුත් තුන්වැනිදා සවිකර තිබූ මෙම ජාතික කොඩිය මෙසේ පුළුස්‌සා ඇත්තේ ප්‍රදේශයේ එක්‌තරා ද්‍රවිඩ ජාතිකයකුගෙන් පෞද්ගලිකව පළිගැනීමේ අදහසකින් බව පොලිසිය මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙම ද්‍රවිඩ ජාතිකයා පවසා ඇත්තේ කලක්‌ තිස්‌සේ තමා සමඟ පෞද්ගලික අමනාපයකින් පසුවෙන ප්‍රදේශයේ කිසියම් අයකු තමාගෙන් පළිගැනීමේ අදහසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බව ය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබව තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බව ද පොලිසිය කියයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.