එතෙර පුවත් එක වැකියෙන්

ආදර්ශවත් හොද පුතෙක්‌

පාකිස්‌තානයේ ඉතා දුප්පත් පවුලක උපන් මොහමඩ් අදීල් උක්‌ දඬු පැටවූ කරත්තයේ මුල්ලක තම පාසල් පොත් මිටියත් කසිකබල් පාපන්දුවත් තබාගෙන පාසල් යැමට පුරුදුව සිටියේ පාසල් වැඩ නිමවූ පසු උක්‌ දඬු ටික විකුණා ගෙදර වියදමට කීයක්‌ හෝ සොයාගෙන ඉන්පසුව පාපන්දු පිටියකට ගොස්‌ පාපන්දු සෙල්ලම් කර කවදා හෝ විදේශීය කණ්‌ඩායමකට පාපන්දු "ක්‍රීඩා කරනවාමයි" යන ස්‌ථිර අධිෂ්ඨානයෙන් වූ අතර පසුගියදා 21 වැනි වියට පා තැබූ අදීල්ට ඔහුගේ දිගුකාලීන සිහිනය සැබෑ කරමින් කිර්ජිස්‌තානය සමග වසරක්‌ පාපන්දු තරග කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීමට හැකි වූ අතර අදීල් පවසන්නේ කවදා හෝ තමා ක්‍රීඩා සමාජවලට පාපන්දු ක්‍රීඩා කොට ලොකු මුදලක්‌ සොයාගෙන පාපන්දු ක්‍රීඩාවට තමා උනන්දු කළ තම පියා මුස්‌ලිම් භක්‌තිකයන්ගේ ප්‍රධාන වන්දනා ගමන වන "මක්‌කම වන්දනාවේ" අනිවාර්යයෙන්ම යවනවා කියාය.

රතු කෙස්‌ ඇති හොඳම යුවළ

ලෝකයේ රතු හිස කෙස්‌ ඇති පුද්ගලයන්ගේ ගණන සියයට දෙකටත් වඩා අඩු බවත් දැනට ලෝකයේ සිටින පිරිමින් අතරින් ආකර්ශනීය රතු හිස කෙස්‌ ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුට බවත් ආකර්ශනීය රතු හිසකෙස්‌ ඇති කාන්තාව හොලිවුඩ් නිළි නිකෝල් කිඩ්මන් බවත් "බ්‍රිsටිෂ් හාට්‌" පදනම කියයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.