ලංකාව අස්‌ථාවර කළේ සීතාවක රජවරු ද?

නිමේෂ තිවංකර සෙනෙවිපාල

වර්ෂ 1521 සත්වැනි විජයබාහු මරා දමා බුවනෙකබාහු, රයිගම් බණ්‌ඩාර හා මායාදුන්නේ යන දරුවන් තිදෙනා විසින් රාජ්‍යය පැහැරගැනීම නොහොත් රාජාවලිය දක්‌වන විජයබා කොල්ලය නම් සිදුවීම ලංකා ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ විය. එය එසේ සිදු නොවූයේ නම් සීතාවක හා රයිගම යනුවෙන් උපරාජධානි දෙකක්‌ බිහි නොවනු ඇත. එමෙන් ම, පෘතුගීසි ආධිපත්‍යයට එරෙහිව නැගී සිටින්නට කිසිවෙකු නොසිටිනු ද ඇත. මායාදුන්නේ කෙනෙකු බිහිවන්නේ ද, වීදිය බණ්‌ඩාර කෙනෙකු බිහිවන්නේ ද, දොන් ජුවන් ධර්මපාල කෙනෙකු බිහිවන්නේ ද, සීතාවක රාජසිංහ කෙනෙකු බිහිවන්නේ ද, විමලධර්මසූරිය කෙනෙකු බිහිවන්නේ ද, සෙංකඩගල රාජධානියක්‌ වශයෙන් ගොඩනැගෙන්නේ ද, අවසානයේ පෘතුගීසින් විශාල වශයෙන් සංහාරයට ලක්‌කිsරීමට අවශ්‍ය පරිසරය සකස්‌ වන්නේ ද 1521 දී සිදු වූ විජයබා කොල්ලය නිසා ය.

විජයබා කොල්ලයෙන් පසුව මායාදුන්නේ විසින් ගොඩනැගුණු සීතාවක රාජධානිය වූ කලි කෝට්‌ටේ රාජ්‍යය දේශපාලනික වශයෙන් අස්‌ථාවර කොට එහි ආරක්‌ෂාවට පෘතුගීසින් පත් කරගැනීමට සිදුවන තැනට කෝට්‌ටේ රාජ්‍යය අස්‌ථාවර කරවූ රජුන්ගේ නුවර විය. විජයබා කොල්ලයෙන් පසුව වැඩිමල් සොයුරු බුවනෙකබාහු කෝට්‌ටේ රජ වීම නොරිසි වූ දෙවැන්නා වන මායාදුන්නේ එතැන් පටන් දේශපාලනික වශයෙන් කෝට්‌ටේ නතු කරගැනීමට විවිධ උපායන් යෙදුවේ ය. එහි ප්‍රතිඵලය වශයෙන් එවකට වෙළඳ ලාබ පතා ලක්‌දිවට පැමිණි පෘතුගීsසින්ට කෝට්‌ටේ ආරක්‌ෂකයන් වීමට සිදුවිය. ඒ නිසා ම වෙළඳ ලාබය පසෙක තබා ලංකාවේ උරුමය දිනාගැනීමට පෘතුගිSසින්ට හැකි විය. මායාදුන්නේ සේ ම, ඔහුගේ පුත්‍රයා වශයෙන් හඳුන්වා දෙන ටිකිරි බණ්‌ඩාර නොහොත් රාජසිංහ ද විශාල වශයෙන් කෝට්‌ටේ රාජ්‍යයට අතවර කිsරීමට පටන් ගත්තේ දේශප්‍රේමයෙන් ද, නොඑසේ නම් බලකාමයෙන් ද යන්න විමසීම වැදගත් ය. රයිගම් බණ්‌ඩාරගේ මරණයෙන් පසුව (මෙයට ද වගකිව යුත්තේ මායාදුන්නේ විය යුතුය.) රයිගම ද ඈඳා ගනිමින් ස්‌වකීය බලය වර්ධනය කරගත් පසුව දිගින් දිගටම කෝට්‌ටේ රාජ්‍යයට බලපෑම් කිsරීමට සීතාවක පාලකයන් කටයුතු කරන ලදී. සමකාලීන කෝට්‌ටේ පාලකයා වූ බුවනෙකබාහු පෘතුගීසින්ට පක්‌ෂග්‍රාහී වූ දේශෙද්‍රdaහියෙක්‌ ය යන තර්කය ගොඩනැංවීමට පෙර එයට පාදක වූ සීතාවක රජුගේ අදුරදර්ශී ක්‍රියා කලාපය ද සාධාරණ ව විවේචනය කළ යුතුය.

බුවනෙකබාහු රජු දේශපාලන වශයෙන් අස්‌ථාවර කිsරීම අරමුණු කරගත් මායාදුන්නේගේ දේශපාලන දැක්‌ම හා අභියෝගය හමුවේ විකල්පයක්‌ නොවූ තැන සත් කෝරළේ විසූ දේවමැද්දේ රජු ලෙස හැඳින්වුණු වීදිය බණ්‌ඩාරට ස්‌වකීය දියණිය විවාහ කරදීමට බුවනෙකබාහුට සිදු විය. එයින් බුවනෙකබාහු බලාපොරොත්තු වූයේ විදේශිකයාගෙන් මෙන්ම, ස්‌වදේශිකයාගෙන් ද එල්ල වූ අභියෝගවලට මුහුණ දීම සඳහා ස්‌වදේශිකයෙකුගේ ම දායකත්වය ලබාගැනීම ය. එය ද දුෂ්කර වූ තැන රාජ්‍ය බලය රැකගැනීම සඳහා විදේශිකයා මැදිහත් කරගැනීමට බුවනෙකබාහුට සිදුවූ බව පිළිගත යුතු ය.

අනතුරුව, වීදිය බණ්‌ඩාරට දාව ස්‌වකීය දියණියගේ කුසින් උපන් ධර්මපාල කුමරු පෘතුගාලයේ බෞතිස්‌ම කොට රාජ්‍යයේ අනුප්‍රාප්තිකයා බවට පත්කරන්නේ ද දුර්ජන වූ මායාදුන්නේගේ අතවරයෙන් කෝට්‌ටේ මුදාගැනීමේ පරමාර්ථයෙනි. මෙවන් තත්වයක්‌ තුළ වුව ද බුවනෙකබාහු රජු සෘජුව ක්‍රියා කළ ආකාරය අපට පැහැදිලිව දැකගත හැක්‌කේ පෘතුගාලයෙන් ලක්‌දිවට එවූ µ්‍රeන්සිස්‌කානු පූජකයන් පිරිසකට ආගම් ප්‍රචාරණයේ නිදහස ලබා නොදිමත්, තමා කිසිසේත් ම බෞද්ධාගමට පිටු නොපාන බව ඔවුන් හමුවේ ප්‍රකාශ කිsරීමත් පිළිබඳව විමසීමේ දි ය. මේ නිසා ම පෘතුගිසි ලේඛකයන් විසින් බුවනෙකබාහු රජු දැඩි ලෙස විවේචනය කරනු ලබයි. අනතුරුව මායාදුන්නේ පිට වරද පටවන මුවාවෙන් පෘතුගීsසින් විසින් කැළණියේ දි බුවනෙකබාහු මරා දමන්නේ ද ඔහු ගෙන ගිය ස්‌වාධින පාලනය ඉක්‌මනින් අවසන් කොට ළාබාල ධර්මපාල ඉක්‌මනින් පදවි ප්‍රාප්ත කරගැනීම සඳහා ය.

මේ සියල්ල නිරීක්‌ෂණය කිsරීමේ දි පෙනී යන්නේ කෝට්‌ටේ රාජ්‍යය අස්‌ථාවර කිsරීමත්, පෘතුගීsසින්ට බලය තහවුරු කරගැනීමට උචිත දේශපාලන පරිසරය නිර්මාණය කිsරීමත්, පෘතුගාලය පවා සසල කළ අසහාය රණශූරයෙකු වූ වීදියේ බණ්‌ඩාර ඝාතනය කිsරීමත්, අවසානයේ දී ධර්මපාල විසින් වර්ෂ 1580 දී තෑගි ඔප්පුවක්‌ මගින් ලංකාද්වීපය පෘතුගිSසි රජුට ලබාදීමට උචිත පසුබිම නිර්මාණය කරන ලද්දේත් සීතාවක රජුන් විසින් බවය. අධික බලකාමය මිස පැහැදිලි දේශානුරාගී හැ`ගීමක්‌ ඔවුන් සතු වූවා ද යන්න සැක සහිත ය. සීතාවක මායාදුන්නේට හෝ රාජසිංහට හෝ උවමනා වූයේ පෘතුගිසින්ගෙන් රට මුදා ගැනීම නම් ඔවුන් කළ යුතුව තිබුණේ සියලු දේශීය බලවේග ඒකරාශී කොට සටන් පෙරමුණට පැමිණීම ය. නමුත් රටේ අභ්‍යන්තර අර්බුද උත්සන්න කොට වියවුල් කරන ලද්දේ ඔවුන් විසින් බව පිළිගැනීමට අප මැළි විය යුතු නැත.

සීතාවක රජුන්ගේ මූලික පරමාර්ථය වූයේ බලය තහවුරු කරගැනීම බව මායාදුන්නේගේ ක්‍රියා කලාපයෙන් මොනවට පැහැදිලි වෙයි.

බුවනෙකබාහු විසින් ක්‍රිස්‌තියානි ආගම වැළඳගැනීම ප්‍රතික්‌ෂේප කළ තැන රජු පිළිබඳව කළකිsරීමට පත්වූ පෘතුගීසිහු රජුට සහ අනුප්‍රාප්තිකයා වූ ධර්මපාලට ආරක්‌ෂාව සැලසීමට එතරම් උනන්දුවක්‌ නොදැක්‌වූහ. මේ නිසා බුවනෙකබාහු ද පෘතුගීසින් කෙරෙහි බෙහෙවින් කළකිsරීමට පත්වූයේ ය. මේ අතරවාරයේ දි උඩරට රාජ්‍යය කළ සේනා සම්මත වික්‍රමබාහු ද පෘතුගීසින් හා එක්‌ව කෝට්‌ටේ රාජ්‍යයට විරුද්ධව කටයුතු කරන්නට වූයේය. මෙයින් සෘජු බලපෑම එල්ල වූයේ රාජ්‍යත්වය පිළිබඳ සිහින දකිමින් හුන් මායාදුන්නේට ය. හෙතෙම පෘතුගීසින්ට හා වික්‍රමබාහුට එරෙහිව තමා හා එක්‌වන මෙන් බුවනෙකබාහුට දන්වා සිටියේ ය. ඔහු ඊට එක`ගතාවය පළ කළ අතර, මිත්‍ර හමුදාවෝ වික්‍රමබාහුගේ උඩරට යටත් කරගත්හ. රාජ්‍යත්වය රැකගැනීමට නම් වාර්ෂිකව කෝට්‌ටේ රාජ්‍යයට අයබදු ගෙවන ලෙසත්, වික්‍රමබාහුගේ දියණිය ධර්මපාල කුමරාට විවාහ කර දිය යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් කෙරුණි. සේනා සම්මත වික්‍රමබාහු විසින් ඒවා පිළිගන්නා ලදි.

අන්තෝනි මෝනිස්‌ බරෙන්තු නම් සෙනෙවියෙකු යටතේ හේවායින් සියයකින් සැදුම් ලත් බල ඇණියක්‌ සෙංකඩගල කරා ගමන් ගත්තේ මේ කාලයේ දීය. ඔවුන්ගේ අරමුණ වූයේ වික්‍රමබාහු සාමන්තයා තමා වෙත හරවා ගැනීම බව වටහා ගත් බුවනෙකබාහු, එය වලක්‌වනු පිණිස වික්‍රමබාහු වෙත හසුනක්‌ යෑවූයේ ය. එහි කියෑවුණේ යම් ආකාරයකින් ක්‍රිස්‌තියානිය වැළඳගතහොත් හෝ පෘතුගීසි බලඇණිය සෙංකඩල නතර කරගතහොත් හෝ ඔහුගේ දියණිය ධර්මපාල කුමරුගේ දේවිය වශයෙන් පිළිනොගන්නා බවයි. මෙයින් පසුව වික්‍රමබාහු විසින් සේනා යොදවා පෘතුගීසින් පළවා හැරිණි. සෙංකඩගල හා කෝට්‌ටේ රාජ්‍යයන්ට අයත් භූමි සීමාවලදී නොයෙකුත් අතවරයන්ට ලක්‌වෙමින් සීතාවක දෙසට පළා ගිය ඔවුන්ට මායාදුන්නේ පිහිට විය. පෘතුගීසින් යොදවා කෝට්‌ටේ අල්ලාගැනීමට එය අවස්‌ථාව බව වටහා ගත් හෙතෙම කෝට්‌ටේ වට කොට බුවනෙකබාහුට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කළේ ය. තමාගෙන් පසුව රාජ්‍ය උරුමකරුවා බවට මයාදුන්නේ පත් කරන බවට බුවනෙකබාහු විසින් ප්‍රතිඥාවක්‌ දුන් කල, යළිත් බුවනෙකබාහු සම`ග මිත්‍ර වූ මායාදුන්නේ පෘතුගිසින්ට එරෙහි වන්නට වූවේ ය. මේ අවදානමට මුහුණ දෙනු පිණිස ගෝවේ ප්‍රතිරාජ වූ දොන් ජොආඔ ද කැස්‌ත්‍රොa විසින් එවන ලද 660 දෙනෙකුගෙන් යුක්‌ත සේනාංකයක්‌ විසින් යළිත් මායාදුන්නේ පරදවනු ලැබුණි.

මේ සිදුවීම්වලින් පෙනී යන්නේ තමාට එරෙහි විය හැකි ශක්‌තියක්‌ කවර හෝ තැනක නිර්මාණය වී ද, එය විනාශ කිsරීම උදෙසා කවරෙකු සම`ග වුව පිල් ගැනීමට සීතාවක පාලකයන් උත්සුක වූ බව යි. නමුත් දිගින් දිගට ම කෝට්‌ටේ රාජ්‍යය තුළ පෘතුගීසින්ගේ බලය වර්ධනය වූ පසුව කිසිසේත් ම ඔවුන් සම`ග සන්ධානගත වීමට නුපුළුවන් විය. මායාදුන්නේගේ හා රාජසිංහගේ ක්‍රියා කලාපයන් නිසා දේශීය වශයෙන් බලවත්ව සිටි ප්‍රදේශාධිපතියන් දුර්වල වූ නිසා සිංහලේ විමුක්‌තිදායකයා වශයෙන් තමන් හඳුන්වා ගැනීමේ අවස්‌ථාව මායාදුන්නේටත්, රාජසිංහටත් ලැබුණි.

යම් ආකාරයකින් පෘතුගිSසිsන් විනාශ කිsරීමට අවශ්‍යතාවයක්‌ පමණක්‌ සීතාවක රජුන් සතුව පැවතියේ වී නම් ඔවුන් විසින් කළ යුතුව තිබුණේ දේශීය බලවේගයන් ඒකරාශී කිsරීම වුවත්, ඔවුන් විසින් සිදුකරන ලද්දේ වීදියේ බණ්‌ඩාර, තම්මිට බණ්‌ඩාර, වීරසුන්දර බණ්‌ඩාර, දොන් µ්‍රeන්සිස්‌කු මුදලි, කොනප්පු බණ්‌ඩාර, කරල්ලියද්දේ බණ්‌ඩාර, යමසිංහ බණ්‌ඩාර වැන්නවුන්ගේ දායකත්වය ද ලබාගැනීම යි. නමුත් එය කිසිවිට සිදු නොවී ය. එවන් ප්‍රබල දේශපාලන චරිත විතැන් කොට දැමීමත්, අස්‌ථාවර කර දැමිමත්, ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ සකස්‌ කිsරීමත් සීතාවක රජුන්ගේ කාර්යභාරය විය.

මේ අනුව පෙනී යන්නේ සීතාවක රජුන් විසින් ඇති කරන ලද අර්බුද හා ක්‍රියාකාරකම් නිසා අස්‌ථාවර වූ ලංකා දේශපාලන යාන්ත්‍රණය තුළ පෘතුගීසින් ශක්‌තිමත් වීමට අවශ්‍ය පසුබිම නිතැතින් ම සකස්‌ වූ බව යි. එමෙන්ම සීතාවකින් මෙහෙයවුණු ආක්‍රමණ සියල්ලේ ම පරමාර්ථය කෝට්‌ටේ රාජ්‍යය අල්ලාගැනීම පමණක්‌ වන බව ද පෙනී යයි. පෘතුගීසින්ට ශක්‌තිමත් වීමට අවශ්‍ය පසුතලය වූයේ මෙය යි.

බුවනෙකබාහුගේ දියණිය, ස්‌වකීය පුත් වූ ටිකිරි බණ්‌ඩාර නොහොත් රාජසිංහට විවාහ කර දීමට මායාදුන්නේ ද බලාපොරොත්තු තබාගෙන සිටි නමුත් ඇය වීදියේ බණ්‌ඩාරට විවාහ කර දුන් බව ඇසූ මායාදුන්නේ දණ්‌ඩෙන් පහර කෑ නාගයෙකු සේ කිපුණේ ය. මෙහි දී මායාදුන්නේට උපකාර කිsරීම සඳහා කැලිකට්‌ හි සැමොරින් ඉදිරිපත් විය. ඔහුගේ හමුදාවෝ පුත්තලමෙන් ගොඩ බැස කොළඹ දෙසට ගමන් කළ අතර මායාදුන්නේ ස්‌වකීය සේනාංක යොදවා කෝට්‌ටේ ආක්‍රමණය කළේය. මේ අතර කෝට්‌ටේට උපකාර පිණිස ගෝවේ ප්‍රතිරාජ විසින් මිගෙල් පෙරේරා නම් සෙන්පති යටතේ විශාල හමුදාවක්‌ ද එවන ලදි. මිගෙල් පෙරේරාගේ හමුදාව සහ මලබාරයන් අතර ඇති වූ ගැටුම් වලින් මලබාරයන් පරාජයට පත්විය.

රට තුළට පැමිණ සිටි සුවිශාල මලබාර් හමුදාවක්‌ කොළඹ සීමාවේ කැළණි ගංගාව මතින් වූ පාලම අවට රැකවල් කරගෙන හුන් අතර, මිගෙල් පෙරේරා සහ බුවනෙකබාහු රජුගේ යුද හමුදාවන් විසින් එම රැකවලුන් පළවා හරින් ලදී. අත් වූ පරාජය හමුවේ සමාදානයට කැමති බව මායාදුන්නේ විසින් පෘතුගීsසින්ට දන්වන ලද නමුත්, මායාදුන්නේගේ වචනය විශ්වාස කළ නොහැකි යෑයි සිතූ කපිතාන් මිගෙල් පෙරේරා, සාම ගිවිසුමකට පෙර මායාදුන්නේගෙන් ඇපයක්‌ ඉල්ලා සිටියේය. ඒ අනුව රජුගේ පුත්‍රයා සහ ඔහුගේ ප්‍රධාන සෙනෙවිවරුන් දෙදෙනෙකු ඇපකරුවන් විය යුතු බවත් මිගෙල් පෙරේරා විසින් දන්වන ලද අතර, ඇපකරුවන්ගේ ප්‍රාණය වෙනුවෙන් මලබාර් සෙනෙවිවරුන් සිවුදෙනා තමාට වහාම භාර කළ යුතු යෑයි මායාදුන්නේට දන්වා සිටියේ ය.

අවසානයේ දී උපකාර පිණිස පැමිණ සිටි මලබාර් සෙනෙවිවරුන් සිවුදෙනා පෘතුගීසින් වෙත භාර කිsරීමට මායාදුන්නේ කටයුතු කළේය. එම සෙන්පතිවරුන්ගේ හිස්‌ ගසා මරා දැමූ අතර, ඒ බව සැල වූ තැන් පටන් සැමොරින් සහ මායාදුන්නේ අතර පැවති අතිජාත මිත්‍රත්වය ද අහෝසි වී ගියේය. මායාදුන්නේ විසින් ඒ වන විට අල්ලාගෙන සිටි සියලුම නැවු තොටුපලවල් බුවනෙකබාහු වෙත ලබාදීමට ද මායාදුන්නේට සිදුවිය. යුද්ධ සඳහා වැය වූ සියලු වියදම් ද ගෙවීමට මායාදුන්නේට සිදුවිය. ඒ වෙනුවට කෝට්‌ටේ සම`ග නැවත හිතවත් වෙමින් සාම ගිවිසුමකට එළඹෙන්නට මායාදුන්නේට හැකියාව ලැබුණි. ඉදින් උපකාරයට පැමිණි තැනැත්තා පාවා දීම කෙතෙක්‌ දුරට සදාචාර සම්පන්න ද යන්න සුබුද්ධින් විසින් විමසිය යුතු ය.

සීතාවක රණපිලට නායකත්වය දුන් පෙරුමාල් කෙනෙකුන් ගැන රාජාවලිය මෙසේ සඳහන් කරයි.

"සොළී රටින් ආ`ඩි ඇවිත් උන් අරිට්‌ටකීවෙන්ඩු පෙරුමාල් කියන අයට මනම්පෙරුම මොහොට්‌ටිකමුත් දි.... කන්ද උඩ පෙරළි බව අසා මහා සේනාව ඇර..." (242 පිට)

ඒ අනුව පෙරුමාල් යනුවෙන් හඳුන්වා ඇති මනම්පෙරුම මොහොට්‌ටියා ලක්‌දිවට පැමිණ ඇත්තේ චෝල දේශයෙනි. වීදියේ බණ්‌ඩාරට එරෙහි පැළෑඳ සටනට නායකත්වය දී ඇත්තේ ද ඔහුම බව රාජාවලිය සඳහන් කරයි. මායාදුන්නේ රජු විසින් කෝලිකට්‌ටුවෙන් වඩක්‌කරුන් ගෙන්නවා ගත් බව රාජාවලියේ සඳහන් වන නිසා (228 පිට) මනම්පෙරුම මොහොට්‌ටියා දකුණු ඉන්දියාවෙන් පැමිණි අයෙකු බව විශ්වාස කළ හැකිය. නමුත් පංජාබයෙන් නොවේ. ඔහු පිළිබඳව රාජාවලිය දක්‌වන ආකාරයට සොළී රටින් පැමිණි ආ`ඩි කණ්‌ඩායමක නායකයෙකු වූ ඔහු සීතාවක දොලොස්‌ හමුදාවට නායකකම් කළ අතපත්තු ආරච්චි විසින් හාස්‍යයට ලක්‌ කළ තැනේ දී සීතාවක රාජසිංහගේ සොයුරිය වූ මහ බිසෝ අදහසින් විසින් ඔහු සීතාවකට ගෙන්නවාගෙන තිබේ. (244 පිට). මහැඳුරු රිසිමන් අමරසිංහයන් තර්ක කරන්නේ මනම්පෙරුම මොහොට්‌ටියා සහ බිසෝ අදහසින් අතර යම් අනියම් සබඳතාවක්‌ පැවති බව ය.

එමෙන්ම රාජසිංහයන් ශිවාගම වැළඳගැනීම ද විශේෂයෙන් සොයාබැලිය යුතු කරුණකි. ඇතැමුන් එය එසේ නොවී යෑයි ද තර්ක කරනු ලැබේ. එහෙත් මූලාශ්‍රයන් දක්‌වන්නේ මෙවන් විස්‌තර ය.

"...මෙම රජහුගේ කුමාර තෙම වැඩි විය පැමිණ පිය රජහු මරා සීතාවක රාජසිංහ නම් රජව ලක්‌දිව එක්‌සත් කොට සම්‍යක්‌ දෘෂ්ටිය හැර ශිව භක්‌ති ගෙන ලෝක ශාසන දෙක නසා අධර්මයෙන් රාජ්‍ය කොට අපාගත විය" (සුළු රාජරත්නාකරය ( වර්ෂ 1639)

"...රාජසිංහ යෑයි ප්‍රසිද්ධ වූ කෲර කුමාරයෙක්‌ විය. පියා හා සම`ග ගොස්‌ ඒ ඒ තැන යුද කොට ජයගන්නා වූ මහාමූඪ තෙමේ තමන් පියහු ද සියතින් ම නසා දුර්මත වූයේ රාජ්‍යය ගත්තේ ය. ස්‌වල්ප කාලයක්‌ බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්නව කුසල් කරන්නා වූ ඒ රජ තෙමේ එක්‌ දිනෙක දන් දී භය ඇතිව පීතෘඝාතක කර්මය කෙසේ නසම් දැයි මහ තෙරුන් විචාළේ ය. එකල්හි විසාරද වූ ස්‌ථවිරයෝ දුර්බුද්ධි වූ ඔහු හට ධර්ම දේශනා කොට දුෂ්ට වූ සිත සතුටු කරන්ට නොහැකි වූහ. කරන ලද පාපය නසන්ට නොහැකි යෑයි යන වචනය ඇසූයේ දණ්‌ඩෙන් පහර ගසන ලද නාගයෙකු සේ වූයේ ශිව භක්‌තිකයන්ද පිළිවිස 'හැකිය' යෑයි කියන ලද වචනය අමෘතයක්‌ සේ අසාල ඇ`ග අලූ ගා ශිවභක්‌ති ගෙන බුද්ධ ශාසනය ද නසන්නේ භික්‌ෂු සංඝයා ද මරවමින් ධර්ම පුස්‌තක දවන්නේ ආරාමයන් ද බිඳුවා ස්‌වර්ග මාර්ගය ද වැසුයේ ය. හේ තෙමේ සසර කණ වූයේ මිසදිටු ගත්තේ ය. සමන්ත කූඨයෙහි උපන් සියලු ලාභය ගන්ට එහි පවිටු මිසදිටු තවුසන් යෙදවූයේ ය. මෙසේ ඒ අධාර්මික වූ අඥාන තෙමේ ගත යුත්ත නො දැන නො ගත යුත්ත ගෙන මහත් දුක්‌ ගත්තේ ය. එකල රාජය බය කරණ කොට ගෙන ම භික්‌ෂුහූ සිවුරු හැර ගිහි වූ හ. ඔවුන් අතරෙහි සසරෙහි බිය දන්නෝ ඒ ඒ තැන ගියෝ ය. හේ තෙමේ සියලු ලොවට හිත වූ අතිශයින් නිර්මල බුද්ධ ශාසනය නසා පූර්ව බලයෙන් මෙහි රාජ්‍යය කළෝ ය." මහාවංශය (93 පරිච්ඡෙදය)

මන්දාරම්පුර පුවතේ දෙවැනි අදියරේ 40 සිට 65 දක්‌වා පද්‍යවලින් ද මෙයට මූලාශ්‍ර සැපයේ.

සීතාවක රාජසිංහ 1580 කොළඹ ආක්‍රමණයට පෙර අරිට්‌ඨ කීවෙණ්‌ඩු නොහොත් මනම්පෙරුම මොහොට්‌ටියා සම`ග යාග හෝම කළ බවත්, සීතාවක ඔය හරස්‌ කර බැරැණ්‌ඩි කෝවිල නම් ගොඩනැගිල්ලක්‌ කරවූ බවත් ඔහු ශිව ලබ්ධිකයෙකු වූ බවට ප්‍රසිද්ධ සාක්‌ෂි ය. එපමණක්‌ නොව, රාජසිංහගේ උවදුරින් බේරා ගනු පිණිස දළදා වහන්සේ දෙල්ගමුවේ කුරහන් ගලක්‌ තුළ ස`ගවා තැබූ බව ද ඔහුගෙන් බුදුසමයට වූ වින කැටිම පිළිබඳ මනා සාක්‌ෂියකි. ශ්‍රීපාදය ආ`ඩින්ට පවරා දී එහි ආදායම් ද ඔවුන්ට ම ලබා දුන් බව මහාවංශය සඳහන් කරයි.

එය නැවත ඔවුන්ගෙන් මුදාගෙන බෞද්ධ භික්‌ෂුන්ට භාර කළේ විමලධර්මසූරිය විසිනි. නමුත්, මහාවංශය දක්‌වන ආකාරයට සීතාවක රාජසිංහ ස්‌වකීය රාජ්‍යත්වයෙන් පසු යම් කාලයක්‌ බෞද්ධාගමට දායකයෙකු වෙමින් පාලනය ගෙන ගොස්‌ ඇත. සීතාවක මානියම්ගම රජමහා විහාරයට ඔහු විසින් ලබා දුන් දේපල පිළිබඳ ලේඛන වාර්තා ඇත. මහාවංශය සේම, සුළු රාජරත්නාකරය ද ඉහත දක්‌වන ලද වාර්තා පිළිබඳව සඳහන් කරන්නේ අදාල සිදුවීම්වලට ඉතා ආසන්න කාලයක දීය. විශේෂයෙන් ම සුළු රාජරත්නාකරය රචනා වී තිබෙන්නේ රාජසිංහගේ මරණයෙන් වසර 47 කට පසු වර්ෂ 1639 දි ය. ඒ නිසා තොරතුරු විකෘති වීමට ඇති සම්භාවිතාව බෙහෙවින් අඩු ය. එමෙන් ම, මන්දාරම්පුර පුවත අනුව ශිව භක්‌තික ගිරි නමින් යුත් තවුසෙකු යොදවා මන්දාරම් නුවර පාලනය කොට තිබේ. එහි ජනයා පීඩාවට පත් කරමින් ඔහු ගෙන ගිය පාලනය තුළ රදළ මුදලියන් පවා දැඩි පීඩාවට පත් වූ බව මනාව දැක්‌වෙයි.

සමකාලීන මූලාශ්‍රයක්‌ වන අලකේශ්වර යුද්ධය දක්‌වන ආකාරයට මායාදුන්නේට සිටි අතිජාත දරුවන් තිදෙනා වන්නේ, මහරද දරු බණ්‌ඩාර, තිඹිරිපොලේ මහරද දරු බණ්‌ඩාර සහ සන්තාන බණ්‌ඩාර යනාදින් ය. ඒ අතර ටිකිරි බණ්‌ඩාර කෙනෙකු නැත. රාජාවලියට අනුව මායාදුන්නේගේ වැඩිමල් දරුවා වූ ර-ජුරු බණ්‌ඩාර, විසි හැවිරිදි වියේ දී මියගොස්‌ තිබේ. දෙවැන්නා වූ තිඹිරිපොළ කුමාරයා සත් කෝරළයේ පාලකයා බවට පත් වූ බව කුරුණෑගල විස්‌තරයේ සඳහන් වෙයි. සන්තාන බණ්‌ඩාර කුමාරයා පිළිබඳව කිසිවක්‌ සඳහන් නොවේ. නමුත් තිඹිරිපොළ බණ්‌ඩාර ප්‍රාදේශීය පාලකයකු ව සත් කෝරළයේ සිටිය දීම සීතාවක රාජ්‍යත්වය සඳහා සුදුසුකම් නොතිබූ ටිකිරි බණ්‌ඩාර නමැත්තෙක්‌ රාජ්‍යය මෙහෙයවා තිබේ. පෘතුගිසි ඉතිහාස ලේඛක ක්‌වෛරොස්‌ දක්‌වන පරිදි ටිකිරි බණ්‌ඩාර කුමාරයා අවජාතක ය (The Temporal Spiritual Conquest of Ceylon, p. 469). ක්‌වෛරොස්‌ගේ අදහස නිරවද්‍ය බව මහැඳුරු රිසිමන් අමරසිංහයෝ ද තර්ක කරති. මේ බව තවදුරටත් තහවුරු කරනුයේ 'සීතාවක රාජසිංහ රාæජ කාලය' නම් ඓතිහාසික ලේඛනයයි. සීතාවක රාජසිංහගේ පියා වශයෙන් එහි සඳහන් වන්නේ 'පෙටියාගොඩ පත්තාමෛස්‌ත්‍රි සිංහල කීර්ති රාජපක්‍ෂ භාතිරæජ වන්නියාර් මුදියන්සේ' යන අය ය. මේ කාරණය සත්‍යයක්‌ නම් රාජසිංහ රජු කිසිසේත් ම පීතෘඝාතකයෙකු නොවිය යුතුය. එමෙන් ම, රාජසිංහ යනු රාජ්‍යත්වයට නුසුදුසු පරිදි ඇසක වපර ස්‌වභාවයක්‌ තිබූ අයෙකු යෑයි ද අදහසක්‌ පවතියි.

කෙසේ වෙතත්, මේ සියලු කාරණා පිළිබඳව විමසීමේ දී පෙනී යන්නේ සීතාවක රාජ්‍ය කාලය පිළිබඳ සොයා යා යුතු තැන් බොහෝ තිබෙන බවත්, නිසි මූලාශ්‍ර භාවිත කොට එය ගවේශනය කළ යුතුව පවතින බවත් ය. සීතාවක රාජසිංහ රජු බෞද්ධ භික්‌ෂුන්ට එරෙහිව ගෙන ගිය විරෝධතාවයත්, ශිව ආගමට පක්‌ෂපාතී වීමත් පිළිබඳව කිසිදු ගැටලූවක්‌ නැත. සැබැවින් ම ගැටලුව ඇත්තේ රාජසිංහගේ සම්භවය කෙසේ ද යන්න ය. විශේෂයෙන් ම මෙකල රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවූ තැනැත්තා වශයෙන් පෙනෙන්නේ ආ`ඩි ගුරෙකු ව පැමිණ පසුව පුරෝහිත තත්වය දක්‌වා ම උසස්‌ වූ අරිට්‌ඨකීවෙණ්‌ඩු නොහොත් මනම්පෙරුම මොහොට්‌ටියා ය. ඔහු විසින් අත්පත් කරගනු ලැබූ බලය රාජසිංහ වැනි දෘඩ පාලකයෙකු හමුවේ කිසිසේත් ම පහසුවෙන් ලබාගත හැක්‌කක්‌ නොවේ. නමුත් මොනයම් හෝ ආකාරයකින් ඔහු සීතාවක නියමුවා බවට පත් ව තිබේ. සීතාවක රාජසිංහ 1592 දි මිය යාමෙන් පසුව උරුමක්‌කරුවා වූ රාජසූර්ය බණ්‌ඩාර මරවා රජුගේ සොහොයුරිය වූ මහබිසෝ බණ්‌ඩාරගේ පුතෙකු වූ නිකපිටියේ බණ්‌ඩාර සිහසුනේ හිඳුවා කෙටි කලක්‌ පාලනය මෙහෙයවීමට ද ඔහුට හැකියාව ලැබුණි.

"මනම්පෙරුම මොහොට්‌ටියා ලවා රාත්‍රියේ පැනලා අන්නවා සීතාවක රාජසූර්ය කුමාරයින්ඩ හදිකර මරා දමා මත්තමගොඩ හුන් බිසෝ අදහසින් හා පසු අවුරුදු කුමාරයින් සීතාවකට ගෙන්නවා මාලිගාවට ඇරලා....." (රාජාවලිය, 247පිට)

මේ කරුණු අනුව පැහැදිලිව ම පෙනෙන්නේ මායාදුන්නේගේ අනුජාත පුත්‍රයෙකු නොවූ රාජසිංහ පසුපස සිටි යෝධ සෙවණැල්ල, අරිට්‌ඨකීවෙණ්‌ඩු පෙරුමාල් නොහොත් මනම්පෙරුම මොහොට්‌ටියා වන බව යි. ශෛව භක්‌තික ආ`ඩි ගුරෙකු වූ ඔහුට මෙතරම් දේශපාලනික බලයක්‌ ආරෝපණය වූයේ කුමන කරුණක්‌ නිසා දැයි සොයා බැලීම බෙහෙවින් වැදගත් බව අපගේ අදහස යි.

සමකාලීන මූලාශ්‍රයක්‌ වන අලකේශ්වර යුද්ධය දක්‌වන ආකාරයට මායාදුන්නේට සිටි අතිජාත දරුවන් තිදෙනා වන්නේ, මහරද දරු බණ්‌ඩාර, තිඹිරිපොලේ මහරද දරු බණ්‌ඩාර සහ සන්තාන බණ්‌ඩාර යනාදින් ය. ඒ අතර ටිකිරි බණ්‌ඩාර කෙනෙකු නැත. රාජාවලියට අනුව මායාදුන්නේගේ වැඩිමල් දරුවා වූ ර-ජුරු බණ්‌ඩාර, විසි හැවිරිදි වියේ දී මියගොස්‌ තිබේ. දෙවැන්නා වූ තිඹිරිපොළ කුමාරයා සත් කෝරළයේ පාලකයා බවට පත් වූ බව කුරුණෑගල විස්‌තරයේ සඳහන් වෙයි. සන්තාන බණ්‌ඩාර කුමාරයා පිළිබඳව කිසිවක්‌ සඳහන් නොවේ. නමුත් තිඹිරිපොළ බණ්‌ඩාර ප්‍රාදේශීය පාලකයකු ව සත් කෝරළයේ සිටිය දීම සීතාවක රාජ්‍යත්වය සඳහා සුදුසුකම් නොතිබූ ටිකිරි බණ්‌ඩාර නමැත්තෙක්‌ රාජ්‍යය මෙහෙයවා තිබේ. පෘතුගිසි ඉතිහාස ලේඛක ක්‌වෛරොස්‌ දක්‌වන පරිදි ටිකිරි බණ්‌ඩාර කුමාරයා අවජාතක ය (ඔයෑ ඔeපචදර්ක Sචසරසඑම්ක ඤබුමැsඑ දෙ Ceහකදබල චග 469). ක්‌වෛරොස්‌ගේ අදහස නිරවද්‍ය බව මහැඳුරු රිසිමන් අමරසිංහයෝ ද තර්ක කරති. මේ බව තවදුරටත් තහවුරු කරනුයේ 'සීතාවක රාජසිංහ රාæජ කාලය' නම් ඓතිහාසික ලේඛනයයි. සීතාවක රාජසිංහගේ පියා වශයෙන් එහි සඳහන් වන්නේ 'පෙටියාගොඩ පත්තාමෛස්‌ත්‍රි සිංහල කීර්ති රාජපක්‍ෂ භාතිරæජ වන්නියාර් මුදියන්සේ' යන අය ය. මේ කාරණය සත්‍යයක්‌ නම් රාජසිංහ රජු කිසිසේත් ම පීතෘඝාතකයෙකු නොවිය යුතුය. එමෙන් ම, රාජසිංහ යනු රාජ්‍යත්වයට නුසුදුසු පරිදි ඇසක වපර ස්‌වභාවයක්‌ තිබූ අයෙකු යෑයි ද අදහසක්‌ පවතියි.

කෙසේ වෙතත්, මේ සියලු කාරණා පිළිබඳව විමසීමේ දී පෙනී යන්නේ සීතාවක රාජ්‍ය කාලය පිළිබඳ සොයා යා යුතු තැන් බොහෝ තිබෙන බවත්, නිසි මූලාශ්‍ර භාවිත කොට එය ගවේශනය කළ යුතුව පවතින බවත් ය. සීතාවක රාජසිංහ රජු බෞද්ධ භික්‌ෂුන්ට එරෙහිව ගෙන ගිය විරෝධතාවයත්, ශිව ආගමට පක්‌ෂපාතී වීමත් පිළිබඳව කිසිදු ගැටලූවක්‌ නැත. සැබැවින් ම ගැටලුව ඇත්තේ රාජසිංහගේ සම්භවය කෙසේ ද යන්න ය. විශේෂයෙන් ම මෙකල රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවූ තැනැත්තා වශයෙන් පෙනෙන්නේ ආ`ඩි ගුරෙකු ව පැමිණ පසුව පුරෝහිත තත්වය දක්‌වා ම උසස්‌ වූ අරිට්‌ඨකීවෙණ්‌ඩු නොහොත් මනම්පෙරුම මොහොට්‌ටියා ය. ඔහු විසින් අත්පත් කරගනු ලැබූ බලය රාජසිංහ වැනි දෘඩ පාලකයෙකු හමුවේ කිසිසේත් ම පහසුවෙන් ලබාගත හැක්‌කක්‌ නොවේ. නමුත් මොනයම් හෝ ආකාරයකින් ඔහු සීතාවක නියමුවා බවට පත් ව තිබේ. සීතාවක රාජසිංහ 1592 දි මිය යාමෙන් පසුව උරුමක්‌කරුවා වූ රාජසූර්ය බණ්‌ඩාර මරවා රජුගේ සොහොයුරිය වූ මහබිසෝ බණ්‌ඩාරගේ පුතෙකු වූ නිකපිටියේ බණ්‌ඩාර සිහසුනේ හිඳුවා කෙටි කලක්‌ පාලනය මෙහෙයවීමට ද ඔහුට හැකියාව ලැබුණි.

"මනම්පෙරුම මොහොට්‌ටියා ලවා රාත්‍රියේ පැනලා අන්නවා සීතාවක රාජසූර්ය කුමාරයින්ඩ හදිකර මරා දමා මත්තමගොඩ හුන් බිසෝ අදහසින් හා පසු අවුරුදු කුමාරයින් සීතාවකට ගෙන්නවා මාලිගාවට ඇරලා....." (රාජාවලිය, 247පිට)

මේ කරුණු අනුව පැහැදිලිව ම පෙනෙන්නේ මායාදුන්නේගේ අනුජාත පුත්‍රයෙකු නොවූ රාජසිංහ පසුපස සිටි යෝධ සෙවණැල්ල, අරිට්‌ඨකීවෙණ්‌ඩු පෙරුමාල් නොහොත් මනම්පෙරුම මොහොට්‌ටියා වන බව යි. ශෛව භක්‌තික ආ`ඩි ගුරෙකු වූ ඔහුට මෙතරම් දේශපාලනික බලයක්‌ ආරෝපණය වූයේ කුමන කරුණක්‌ නිසා දැයි සොයා බැලීම බෙහෙවින් වැදගත් බව අපගේ අදහස යි.
 
Poweසෘed By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.