රාගලට වැටුණු උල්කාෂ්මය ගැන සාක්‌කියක්‌ නෑ
- මහාචාර්ය චන්දන ජයරත්න

ලසිත දුමින්ද

රාගල වතුයායේ නිවසකට කඩාවැටුණු උල්කාෂ්මය විරල ගණයේ උල්කාෂ්මයක්‌ විය හැකි බවට සැකකරන නමුත් ඒ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‍ෂියක්‌ ඊයේ (18 වැනිදා) වන තුරුත් අනාවරණය නොවූ බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා 'දිවයින'ට පැවසීය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් පැති කිහිපයක්‌ ඔස්‌සේ පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව ද ජයරත්න මහතා කීවේය.

ඇතැම් උල්කාෂ්ම ගිනි ගන්නා සුළු බවද, නිවසක්‌ හිල්කරගෙන කඩාවැටෙන උල්කාෂ්ම ඉතාමත් කලාතුරකින් දක්‌නට ලැබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මින් පෙර තිස්‌සමහාරාම ප්‍රදේශයට උල්කාෂ්මයක්‌ කඩාවැටුණු බව කී ජයරත්න මහතා එම ස්‌ථානයේ ගිනිගැනීමක්‌ සිදුව තිබූ බව පැවසීය.

රාගල මෙම නිවසට කඩාවැටුණු උල්කාෂ්මය සම්බන්ධයෙන් සාක්‍ෂි ලද වහාම පරීක්‍ෂණ පවත්වන බවද, මේ වන විට ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක්‌ කිව නොහැකි බවද ඔහු කීවේය.

රාගල වතුයායේ නිවසකට අභිරහස්‌ වස්‌තුවක්‌ ඉකුත් (16දා) රාත්‍රී 11ට පමණ වහලය හිල්කරගෙන කඩාවැටී තිබූ අතර, එමගින් නිවසේ භාණ්‌ඩ ද ගිනිගෙන විනාශ වී තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.