ක්‍රිකට්‌ ක්‍රීඩාව සහ ක්‍රිකට්‌ තරග තහනම්
- තාලිබාන් ප්‍රකාශක ෂහිද්

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදීම සහ ක්‍රිකට්‌ තරග පැවැත්වීම තාලිබාන් සංවිධානය තහනම් කර ඇත.

ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන්, තරුණයන් ජීහාද් කටයුතුවලට යොදා ගැනීම ඈත් කරන බව තාලිබාන් ප්‍රකාශන ෂෂිදුල්ලා ෂහිද් පැවසීය.

ක්‍රිකට්‌ ක්‍රීඩාවට තාලිබාන් සංවිධානය මුළුමනින්ම විරුද්ධ බව හෙතෙම තවදුරටත් කීවේය.

පාකිස්‌තානයේ අභ්‍යන්තර කටයුතු ඇමැති චව්ද්රි නිසාර් ක්‍රිකට්‌ තරගයක යෙදීමට තාලිබාන් සංවිධානයට කළ ඇරයුම ද ප්‍රතික්‍ෂේප වී ඇත.

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.