සුදු කොඩි සිද්ධියට සම්බන්ධ තැනැත්තා
සහ පවුලේ අයට ස්‌විස්‌ දේශපාලන රැකවරණ


* නවිපිල්ලේ සුදු කොඩි සිද්ධිය එළිදක්‌වයි

* ප්‍රංශ හා ඉතාලි ශ්‍රී ලාංකිකයෝ ජිනිවාහිදී විරෝධතාවයට සූදානම්

* මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ වාර්තාවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, රයිට්‌ස්‌ නව් මුස්‌ලිම් මහලේකම් කාර්යාලය ඇතුළුÊරාජ්‍ය නොවන සංවිධාන තොරතුරු සපයල

* නයිට්‌ විෂන් සහ ජී. පී. එස්‌. උපාංග කොටින්ට ගෙන ආ ගොවිතැන් වෙනුවෙන් මනෝ ගනේෂන් හඬනඟයි

* 25 වැනිමානව හිමිකම් සමුළුව හෙට (3) ජිනීවාහිදී ආරම්භ කෙරේ.

* වන්නි මෙහෙයුමේ අවසාන අදියර ගැන ජාත්‍යන්තරය සමග එක්‌වී විමර්ශනයක්‌ අරඹන්නැයි කොළඹ ප්‍රධාන සාම වෙළෙඳන්දා රජයට කියා සිටී.

* යුද අපරාධ ගැන ඇඩෙලා බාලසිංහම්ව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් අන්තර්ජාල පෙත්සමක්‌.

* ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ඇමරිකානු විමර්ශන වාර්තාවක්‌ එළි දකී.

"ඔබේ රටට ෙද්‍රdaහි වී පැන යැමට හැකි වෙතැයි බලාපොරොත්තු නොවිය යුතුය"  - රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ



මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ පසුගිය සඳුදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16 කින් යුත් සංස්‌කරනය කළ විමර්ශන වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළාය. මේ වාර්තාවේ 14 වැනි පිටුවේ ඇය දක්‌වා ඇත්තේ කොටි බිහිසුණුq ක්‍රියාවලට ලක්‌වී මියගිය සිවිල් වැසියන් ගැන නොව කොටි ක්‍රියාකාරීනA ගැනය.



මෙරට ජනතාවගේ දැන ගැනීම සඳශා ඇය දක්‌වා ඇති කරුණු මෙලෙස හෙළි කරන්නෙමු.

(a) බාලචන්ද්‍රන් ප්‍රභාකරන් - 2013 පෙබරවාරි මස ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත් බාලචන්ද්‍රන් ශ්‍රී ලංකා හමුදා බංකරයක අත්අඩංගුවේ සිටින අයුරු දැක්‌වෙන ඡායාරූප එළිදැක්‌වුණි. අනතරුව පපුවට වැදුණු වෙඩි ප්‍රහාරවල් කීපයකින් ඔහු මියගොස්‌ සිටින අයුරු ද විද්‍යමාන විය. 2009 මැයි මස එකී ඡායාරූප ගෙන තිබුණේ එකම කැමරාවකිනි.

(b) ටී. තුරෙයිරාජසිංහම් හෙවත් කර්නල් රමේෂ් - චැනල් 4 සහ වෙනත් පාර්ශ්වයන්ගෙන් ලබාගත් වීඩියෝ පටයක ඡායාරූපවලින් රමේෂ්ගෙන් ශ්‍රී ලංකා හමුදාව ප්‍රශ්න කරන අයුරු දිස්‌ විය. ඉන්පසු ඔහුගේ විකෘති සිරුර දැක්‌වෙන ඡායාරූප එළිදැක්‌විණි. රටෙත්a ආරක්‍ෂක හමුදා අත්අඩංගුවේ සිටි බවට සාක්‍ෂිකරුවන් කීපදෙනෙක්‌ දිව්රුම් පෙත්සම්වල දක්‌වා තිබිණි.

(c) ෂෝබා හෙවත් ඉසිපියා - කොටි මාධ්‍ය හා සංනිවේදන ජාලයේ ඉහළ පෙළේ සාමාජිකවක්‌ වූ ඇය ශ්‍රී ලංකා හමුදාව ඝාතනය කර ඇතැයි හෙළි විය. 2013 නොවැම්බර් මස චැනල් 4 රූපවාහිනිය අලුත් වීඩියෝ දර්ශන ප්‍රකාශයට පත් කරමින් ඉසිප්‍රියාව හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව හෙළි කළේය.

(d) සුදු කොඩි සිද්ධිය - 2009 මැයි 18 දා කොටි සංවිධානයේ ඉහළ පෙළේ නායකයන්ව ඝාතනය කර ඇති බවට නැඟුණු චෝදනා ගැන එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ගේ විද්වත් මණ්‌ඩලය විසින් විමර්ශනයට ලක්‌ කර ඇත. මේ ගැන ජාත්‍යන්තර සමුළුවලදී රජයේ සහ උසස්‌ හමුදා නිලධාරීහු පරස්‌පර ප්‍රකාශ කර තිබේ.

සුදු කොඩි සිද්ධිය ගැන රටින් පිටත සිටින සාක්‍ෂිකරුවන් කළ ප්‍රකාශ රාජ්‍ය නොවන සංවිධාන හරහා හෙළි විය. යටත්වීමට පැමිණි කොටි නායකයන්ව මරා දැමූ බවට එල්ලවූ චෝදනා හමුදා ජනරාල්වරයකු හා රජයේ නියෝජිතයකු විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙලෙස නවිපිල්ලේට ඉහත කී තොරතුරු ගිය වාර්තාව සඳහා සහය වී ඇත්තේ චැනල් 4 සහ විදෙස්‌ගතව සිටින පිරිස බව සනාථ කර තිබේ. එහෙත් පපුවට වෙඩි වැදී තිබූ බව කියන ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ගේ පපුවේ ලේ නැත්තේ මන්ද හා සිරුර අසල සිටින සෙබළා සෙරෙප්පු දමාගෙන සිටීමෙන් ඔහු යුද හමුදා සෙබළකු බවට නිගමනය කරන්නේ කෙසේද යෑයි නවිපිල්ලේ විමර්ශනය කර නැත.

ඇය සුදු කොටි සිද්ධියට මූලාශ්‍රය ලෙස දක්‌වා ඇත්තේ මෙරටින් ඇමරිකාවට පැනගිය පෙඩ්රිකා පැන්ස්‌ නමැත්තිය පළ කළ වාර්තාවයි. මේ හැර පිල්ලේගේ වාර්තාවට දායක වී ඇති පාර්ශ්ව අතර කොළඹ මල්පාරේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රයිට්‌ස්‌ නව්, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මානව හිමිකම් කමිටුව, ප්‍රංශ ඇක්‌ෂන් ලා ජෙම් රාජ්‍ය නොවන සංවිධාන, ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් ඇතුළු විවිධ පාර්ශ්වයන්ය. එසේම කොළඹ සිට ක්‍රියාත්මක වන මුස්‌ලිම් මහලේකම් කාර්යාලය ද පිල්ලේට වාර්තා සපයා ඇත.

මේ රාජ්‍ය නොවන සංවිධානය ඇයට දක්‌වා ඇත්තේ 2013 වසරේදී මුස්‌ලිම්වරුන්ට එරෙහි තර්ජන සහ සාහසික ක්‍රියා 280 ක්‌ සිදුවී ඇති බවයි. එලෙස ප්‍රහාර එල්ල වූ ස්‌ථාන අතර මුස්‌ලිම් පල්ලි හා කඩ සාප්පු ද ඇතුළත් වන බව දක්‌වා ඇත. එසේම ක්‍රිස්‌ත්‍රියානි කණ්‌ඩායම් පිල්ලේට සපයා ඇති වාර්තාවල 2013 දී ක්‍රිස්‌තියානුවන්ට හා පල්ලිවලට ප්‍රහාර එල්ලවීම් 103 කට අධික සංඛ්‍යාවක්‌ සිදුවී ඇතියි සඳහන් කර තිබේ.

එසේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාව ප්‍රකට මානව හිමිකම් රකින්නියකට තර්ජනය කර ඇති බවත් ශ්‍රී ලංකාවේදී තමාව හමුවීමට උත්සාහ කළ මානව හිමිකම් කණ්‌ඩායම් 10 ක්‌ ම රජයේ ඉලක්‌කය වී ඇති බවත් ඇය දක්‌වා ඇත. එහෙත් නවිපිල්ලේගේ විමර්ශන වාර්තාවෙන් ඇය දැනටමත් ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් වරදකරු කර ඇත. එය තහවුරු වන්නේ සුදු කොඩි සිද්ධිය ගැන ඇය සඳහන් කර ඇති ප්‍රකාශයෙනි.

සුදු කොඩි සිද්ධියට අදාළ සාක්‍ෂි රාජ්‍ය නොවන සංවිධාන ඔස්‌සේ සාක්‍ෂිකරුවන්ගෙන් හෙලි වී ඇත. එම සාක්‍ෂිකරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත සිටි යෑයි නවිපිල්ලේ හෙළි කර ඇත.

මෙකී ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඇමරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ යෝජනාව සම්මත වීමටත් පෙර නවිපිල්ලේ රාජ්‍ය නොවන සංවිධාන මගින් සාක්‍ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. මේ රාජ්‍ය නොවන සංවිධාන කවුද? අබිරහස්‌ සාක්‍ෂිකරුවන් කළ ප්‍රකාශය මානව හිමිකම් කොමසාරිස්‌වරිය විශ්වාස කර තිබේ. මේ අතර නවිපිල්ලේ ශ්‍රී ලංකාවට එරෙහිව විමර්ශන වාර්තාව ප්‍රකාශයට පත් කර පැය 24 ක්‌ ගතවීඹට පෙර ද්‍රවිඩ සංධානය එකී වාර්තාවට තමන් සහය පළ කරන බව කියා සිටියේය. ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්‌ කළ ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බවද ද්‍රවිඩ සංධානය තවදුරටත් සඳහන් කර ඇත.

සතුරන් සියල්ල අවස්‌ථාව එනතුරු බලා සිට ඒකරාශී වන බව අපි 2009 සිට රජයේ බලධාරීන්ට අනතුරු ඇඟ වූයෙමු. කොටි රූකඩය මෙන් ක්‍රියා කළ ද්‍රවිඩ සංධානය රජයෙන් සියලු වරප්‍රසාද ලබමින් වන්නි මෙහෙයුමේ හමුදා නායකයන්ට එරෙහිව පළිගැනීම ආරම්භ කර ඇතැයි මින් සනාථ නොවන්නේද?" මේ පසුබිම මැද සුදු කොඩි සිද්ධිය නමැති සාවද්‍ය ප්‍රලාපය ගෙතූ මාධ්‍ය අඳබාලයා දැන් සිය පවුලේ අයත් සමග ස්‌විටිසර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා සිටී. රුවන් ජයවර්ධන, ලලන්ත නානායක්‌කාර, ගෝඨාභය රණවීර සහ බොම්බඩියර් යන අන්වර්ථ නාමවලින් පෙනී සිටි මොහු හිටපු හමුදාපති සරත් පොන්සේකාට කළ ඉහත කී ප්‍රකාශය නවිපිල්ලේ ශ්‍රීලංකාවට එරෙහිව යොදාගෙන ඇත.

මානව හිමිකම් කොමසාරිස්‌වරිය සුදු කොඩි සිද්ධිය සිය විමර්ශන වාර්තාවේ දක්‌වා ඇත්තේ 58 වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉලක්‌ක කරගෙන බව පැහැදිලිය. මේ හැර යුද අපරාධවලට වරදකරුවන් වන අයට සමාව නොදිය යුතු බව ද නවිපිල්ලේ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

එසේ නම් යුද අපරාධවලට වරදකරුවන් වූ අප්‍රිකානු කොන්ග්‍රසයේ දකුණු අප්‍රිකානු පොලිස්‌ හා හමුදා නිලධාරීන්ට ඇගේ රටේ පාලකයන්සමාව දුන්නේ කෙසේද?

මේ පසුබිම මැද මාර්තු 26 වැනිදා සවස 3 ට ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබියදී ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදය එකී ඡන්ද විමසීමේ ප්‍රතිඵල පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඡන්ද 23 ක්‌ ද ශ්‍රී ලංකාවට පක්‍ෂය ඡන්ද 13 ක්‌ සහ නවදෙනකු ඡන්දය දීමෙන් වළකින බවත් තවත් රටවල් 2 ක්‌ වැට උඩ සිටින බවටත් දක්‌වා ඇත. ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී රටවල් ලෙස රුසියාව, චීනය, සවුදි අරාබියාව, එක්‌සත් එමීර් රාජ්‍යය, වියට්‌නාමය, කුවේට්‌, මාලදිවයින, පකිස්‌තානය, පිලිපීනය, ඉන්දුනීසියාව, කොංගෝ, කියුබාව සහ වැනිසියුලාව හඳුන්වා තිබේ.

මෙලෙස කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන දැක්‌වීමට ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරද්දී ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයාව සිටි අමිතර්ලිsංගම්ගේ දෙවැනි පුත් අමිතර්ලිංගම් බහිරතන් මෙරටට පැමිණියේය. ඔහුගේ පියාව ඝාතනය කළේ කොටි සංවිධානයයි.

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි බහිරතන් පැවසුවේ උතුරු පළාත් සභාවට 13 වැනි සංශෝධන ප්‍රහාර බලතල දිය යුතු බවත් දරුණු කොටින්ට සමාව දී දේශපාලනයට ඒමට ඉඩ දිය යුතු අතර තවදුරටත් ද්‍රවිඩ සිරකරුවන් රඳවා ගැනීමේ තේරුමක්‌ නැති බවත්ය. එහෙත් බහිරතන්ගේ පසුබිම මෙරට ජනතාව නොදනී. 1983 වසරේදී අමිතර්ලිංගම් බහිරත්න හඳුන්වනු ලැබුවේ "රවි" යන නමිනි.

එම වසරේ තලේමන්නාරමේ සිට යාපනයට යමින් සිටි වල්ලුවාන් රාජලිංගම් නමැති සිසුවකු හමුදා සෙබළුන්ට අසු වූ අතර ඔහු සතුව රහස්‌ ලිපියක්‌ තිබී සොයා ගැනුණි. එම රහස්‌ ලිපියේ මෙලෙස සඳහන් විය.

ඉන්දීය පුරවැසියකුගේ සහය මත අපි කැලෑ ඉඩමක්‌ ලබා ගත්තෙකුට එහි 50 ත් 100 ත් අතර පිරිසක්‌ පුහුණු කළ හැක. අපි එහි කණ්‌ඩායමට තමිල් ඊලම් ජාතික හමුදාව යෑයි නමක්‌ තබා ඇත. අප්පා (අමිතර්ලිsංගම්) ලිබියානු සබඳතාවය මෙහෙයවයි. අපි විප්ලවීය සංවිධානයක්‌ දියත් කිරීමට තීරණය කළෙමු. එහි අරමුණ තමිල් ඊළමයි. මීට ඔබේ සොහොයුරා රවි.

රවි හෙවත් බහිරහන් මෙම ලිපිය ලියා තිබුණේ එවකට ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ තරුණ සංවිධානයේ නායක මාවයි සේනාධිරාජාටයි.

දැන් ලන්ඩන් සිට පැමිණ කොටි නිදහස්‌ කරන්න යෑයි රජයට කියන්නේ මෙවැන්නන්ය. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් යළිත් මතු විය. 2007 දී ත්‍රස්‌ත මර්දන ඒකකය කටුනායක ගුවන්තොටුපළින් බ්‍රිතාන්‍යයට යැමට සූදානම් වූ විශ්වලිංගම් ගෝබිතාස්‌ නමැති කොටි හිතවාදී ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ලන්ඩන් යැමට සැරසුණේ බ්‍රිතාන්‍යයේ සිට ගෙන ආ ගමන් බඩු සමඟය. එකී භාණ්‌ඩ කටුනායක රේගු ගුදමේ තැන්පත් කර තිබුණි.

මේ භාණ්‌ඩ වූයේ රාත්‍රිය විනිවිද පෙනෙන නයිට්‌විෂන් - චන්ද්‍රිකා දුරකථන හා තමන් සිටින ස්‌ථානය දැන ගැනීමට හැකි ජී. පී. එස්‌ උපාංගයි.

ත්‍රස්‌තවාදයට සහයවීමේ චෝදනාව මත සිරගෙට නියම වු ගෝබිතාස්‌a වැලිකඩ සිරගෙදරදී හෘදයාබාධයක්‌ හට ගැනීමෙන් මිය ගිය බව අනාවරණ විය. ඒ සමගම මනෝ ගනේෂන් බී. බී. සී සේවය අමතා ගෝබිතාස්‌aගේ මරණය දේශපාලන මිනීමැරුමක්‌ යෑයි කීවේය. අනතුරුව වැලිකඩ සිරගෙදර අසල විරෝධතාවක්‌ මෙහෙයවු මනෝගනේෂන් දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරනු යෑයි මුර ගෑවේය.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් මරදාන, පිටකොටුව, කොටුව, ප්‍රදේශයේ ප්‍රභාකරන් බෝම්බ පුපුරවා මිනිස්‌ ඝාතන සිදු කරද්දී මනෝ ගනේෂන් කොහේ සිටියේ ද යන්නයි.

වන්නි මෙහෙයුම නතර කිරීමට මොහු දැඩි උත්සාහයක්‌ ගත්තේය. දරුණු අපරාධවලට සම්බන්ධ කොටි 508 ක්‌ වැලිකඩ සිටි. මොහු රජයට කියන්නේ එකී මිනීමරුවන් නිදහස්‌ කළ යුතුයි කියාද?

එසේම කොටි ත්‍රස්‌තයන් මුදාහරින ලෙස මනෝ ගනේෂන් ඝෝෂා කළේ ජිනීවා මානව හිමිකම් සමුළුවට තවත්a අමුද්‍රව්‍ය සැපයීමට නොවේද?

මෙවන් වාතාවරණයක්‌ මැද ලන්ඩනයේ කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ ශ්‍රී ලංකා කැම්පේන් පෝ පින් ඇන්ඩ් ජස්‌ටින් නොවන සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාලය ඔස්‌සේ මානව හිමිකම් සමුළුවට පෙත්සම් යෑවීමේ මෙහෙයුමක්‌ දියත් කර ඇත.

ශ්‍ර්‍ර්‍රS ලංකාවේ නිසි සාමයක්‌ ඇතිවීමට නම් ජාත්‍යන්තර යුද අපරධ විමර්ශකයන් ආරම්භ කළ යුතු යෑයි එකී අන්තර්ජාල පෙත්සමේ දක්‌වා තිබේ. මේ අතර 25 වැනි මානව හිමිකම් සමුළුව හෙට (මාර්තු 3 දා ආරම්භ වේ.) කොටි ඩයස්‌පෝරාවේ පිරිසක්‌ පසුගිය සිකුරාදා සිට ජිනීවා වෙත පැමිණ ස්‌ථාන ගත වී ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත. යුද අපරාධ චෝදනාවට සහය දැක්‌වීම සඳහා ස්‌විස්‌ කොටි ජාලය මාර්තු 10 දා ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ සහයෝගිතා රැස්‌වීමක්‌ පැවැත්වීමටද කටයුතු යොදා ඇත. ඊට සමගාමීව මෙරට කොටි හිතවාදී මාධ්‍ය පාර්ශ්ව ද ජිනීවාහිදී කොටි හිතවාදීහු සමග එක්‌ව ක්‍රියා කිරීමට ජිනීවා වෙත සම්ප්‍රාප්ත වී තිබේ.

කොටි ත්‍රස්‌තවාදීන්ගේ මෙකී ක්‍රියාවන් සහ නවිපිල්ලේගේ ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය වාර්තාවට විරෝධය දැක්‌වීමට ප්‍රංශ හා ඉතාලි ශ්‍රී ලාංකිකයෝ බස්‌ රථ 7 කින් මාර්තු 24 දා ජිනිවා වෙත පැමිණ විරෝධතා දැක්‌වීමේ රැලියක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුවට දින 3 ක්‌ තිබියදී නෝර්වේ අරමුදල් ලබන කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දා වූ ජාතික සාම මණ්‌ඩලය ජාත්‍යන්තරය සමග එක්‌ වී යුද අපරාධ ගැන විමර්ශනයක්‌ කරන්නැයි රජයෙන් ඉල්ලා ඇත. වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළේ මේ සාම වෙළෙන්දායි.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.