ඖෂධ මිල සූත්‍රයට බාධා කරන
ජාවාරමුන්ගේ නම් ගම් හෙළි කරනවා

- සෞඛ්‍ය ඇමැති කියයි

අජිත් අලහකෝන්

ඖෂධ මාµsයාවට වැට බැඳීම සඳහා මිල සූත්‍රයක්‌ හඳුන්වා දීමේ අරමුණින් සකස්‌ කළ ගැසට්‌ පත්‍රය ක්‍රියාත්මක කිරීම ඖෂධ ජාවාරම්කරුවන් විසින් වළක්‌වා ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත සෞඛ්‍ය අමාත්‍යාංශයත්, වෙළෙඳ අමාත්‍යාංශයත් එක්‌ව මෙම ගැසට්‌ පත්‍රය නිකුත් කිරීමට තීරණය කළ අතර එය පසුගිය ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීමටද සූදානම්ව සිටි බව ඇමැතිවරයා කීවේය.

එහෙත් ඖෂධ ජාවාරම් කරුවන්ගේ මැදිහත්වීමෙන් මෙම ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක කිරීම නතර වී ඇතැයි කී ඇමැතිවරයා ගැසට්‌ පත්‍රය ක්‍රියාත්මක වීම වළක්‌වාලූ ඖෂධ ජාවාරම්කරුවන් සියලු දෙනාගේ නම් ගම් ලබන සතියේදී හෙළි කරන බවද කීය.

එකම ඖෂධය විවිධ වෙළෙඳ නාම යටතේ විවිධ මිල ගණන් යටතේ ඇතැම් සමාගම් විසින් අලෙවි කරන අතර තවත් සමාගම් විශේෂඥ වෛද්‍ය නිර්දේශ පවා නොමැතිව ඇතැම් ඖෂධ එක්‌ දිනයක්‌ තුළ ලියාපදිංචි කරන තත්ත්වයට පත්ව ඇත. මේ නිසා ඖෂධ මිල පාලනය සඳහා මෙම ගැසට්‌ පත්‍රය නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.