මන්නාරමේ ඇටකටු මැලේරියාවෙන් මියගිය අයගේ?

අජිත් අලහකෝන්

මන්නාරමේ පසුගියදා සිදු කළ කැණීමකදී හමු වූ මිනිස්‌ ඇටසැකිලි සහ හිස්‌ කබල් 1936 සහ 1937 කාලයේදී මැලේරියාව නිසා මිය ගිය අයගේ බවට සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ zදිවයිනZට කීය.

එම කාලයේදී ශ්‍රී ලංකාවේ ඉතා දරුණු ලෙස පැතිර ගිය මැලේරියාවට ලක්‍ෂ පහක පමණ පිරිසක්‌ ගොදුරු වූ අතර අසූදහසක්‌ පමණ මියගිය බව ද වාර්තාවල සඳහන් වී යෑයි එම ප්‍රකාශකයා කීය.

මන්නාරම, වව්නියාව සහ අනුරාධපුර ප්‍රදේශවාසීන් මැලේරියාව නිසා වැඩිපුර මියගිය බව ද මන්නාරම චෙට්‌ටිකුලම ප්‍රදේශයේa ඇතැම් ගම්මානවල මැලේරියාව නිසා මියගිය අය වළදැමීමට හෝ කෙනෙක්‌ ඉතිරි නොවූ බව ද හෙතෙම කීය. එමනිසා ඇතැම් මළසිරුරු පොළොවට දිරාගිය බවට ද සමහර මළසිරුරු කිඹුලන් විසින් කා දමා තිබූ බවට ද තොරතුරු ඇතැයි කී හෙතෙම මන්නාරමේ කැණීමකදී හමුවූ මෙම ඇටසැකිලි එසේ මැලේරියාවට ගොදුරුවී මියගිය අයගේ විය හැකි යෑයි කීය. එනිසා මේ පිළිබඳ තවදුරටත් පරීක්‍ෂණ කළ යුතු යෑයි ද හෙතෙම කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.