2014 මාර්තු 06 බ්‍රහස්‌පතින්දා

 

    
   Divaina Editor
    contact webmaster
   

සවස 4ට පසු රෝහල්වල ස්‌කෑන්, එක්‌ස්‌-රේ නවතී

රජයේ රෝහල් විකිරණ ශිල්පීන් විසින් ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත අඛණ්‌ඩ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය හේතුවෙන් එම්. ආර්. අයි. පරීක්‌ෂණ 15 ක්‌ පමණද සීටී ස්‌කෑන් පරීක්‌ෂණ 300 ක්‌ හා එක්‌ස්‌-රේ පරීක්‌ෂණ සිය ගණනක්‌ දිනකට නතර කිරීමට සිදුව ඇත.

බණ්‌ඩාරනායක විදුහලේ යුද්ධය සැලසුම් කළේ ගම්පහ හෝටලයක

"පුංචි යුද්ධය" සැලසුම් කර ඇත්තේ විද්‍යාලයේ වර්තමාන ශිෂ්‍යයන් සහ ආදි ශිෂ්‍යයන් කණ්‌ඩායමක්‌ ඊට පෙරදින ගම්පහ නගරයේ හෝටලයක පැවැත්වූ සාකච්ඡාවකදී බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.


සුදු කොඩි සිද්ධිය ගැන විමර්ශන නෑ - රජය පිල්ලේට දන්වයි

කිසිදු සාක්‍ෂියක්‌ නැති චෝදනාවක්‌ ගැන රජය විමර්ශනය කරන්නේ කෙසේදැයි රජය නවිපිල්ලේගෙන් ප්‍රශ්න කර ඇත. එකී සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරිමට නවිපිල්ලේට නොහැකිවී ඇත.

ශිරාණිගේ බැංකු ගිණුම් දත්ත පරීක්‍ෂාවට විත්තියට පහසුකම්

ජාතික සංවර්ධන බැංකුවේ (එන්. ඩී. බී.) පවත්වාගෙන ගිය ගිණුම් දෙකක තොරතුරු වසර තුනක්‌ හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අග විනිසුරු ශිරාණි බණ්‌ඩාර නායක මහත්මියට එරෙහි නඩුවේ...

ඡන්ද පැමිණිලි 489 ක්‌: වැඩිම කොළඹින්

මෙම පැමිණිලිවලින් වැඩිම ප්‍රමාණයක්‌ පිළිබඳව ක්‌ෂණිකව ක්‍රියාමාර්ග ගත් බව ඒකකයේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

අධ්‍යාපන ඇමැතිගේ පුතා ශරීර ඇපමත මුදාහරී

අනතුරින් බරපතළ තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි ඒ. රංජිත් නමැති දෙදරු පියා සති තුනකට පසු පෙරේදා (4) මියගොස්‌ තිබේ.

නීතිය දෙයාකාරයකට එපා යෑයි ඇමැති කියයි

තමාගේ පුතා යෑයි සලකා නීතිය දෙආකාරයකට සලකන්න එපා යෑයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පොලිසියට දැනුම්දුන් බව...

දියණියට හමුදාවට බැඳෙන්න ඉඩදුන් ද්‍රවිඩ පියාට දෙදෙනෙක්‌ පහර දෙති

එම පියා ඒ පිළිබඳව යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව පොලිසිය විසින් ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදුකර සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පින්නදූව - ගොඩගම අධිවේගී මාර්ගය 15දා ඇරේ

මෙම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 30.8 කි. මෙම මාර්ගයේ අන්තර් හුවමාරු මධ්‍යස්‌ථාන 03ක්‌, මහා පරිමාණ පාලම් 08ක්‌, සාමාන්‍ය පාලම් 06ක්‌ කුඩා පාලම් 234ක්‌ හා යකඩ පාලම් 34කින් සමන්විත වේ.

බ්‍රිතාන්‍ය එන්ජීඕ ලොක්‌කකුගෙන් ජිනීවා වෙත බොරු වාර්තාවක්‌

ගතවූ පස්‌ වසර තුළ ශ්‍රී ලංකා හමුදාව උතුරු පළාතේ බිහිසුණු අපරාධ සිදුකළ බවට සාවද්‍ය තොරතුරු ඇතුළත් පිටු 90 ක වාර්තාවක්‌ ශ්‍රී ලංකා කැම්පේන් 4 පීස්‌ ඇන්ඩ් ජස්‌ටිස්‌ නමැති සංවිධානය,...

අපේ සිනමාවට ආදරය කළ ජෝ මයිකල් අද සමුගනී

එදා ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වුණේද ජෝ මයිකල් කලාකරුවායි. සිනමා සක්‌විති ගාමිණී ෙµdන්සේකා (1975 තිරගත වූ) මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ප්‍රේක්‍ෂක ආකර්ෂ ණයට නොමඳව පාත්‍ර වෙමිනි.


ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්‍ෂේප කරන පිල්ලේගේ වාර්තාව බලතල ඉක්‌මවීමක්‌
- ඇමැති ජී. එල්. පීරිස්‌

යුද්ධය පැවැති සමයේ අවසන් අදියරේදී මානුෂික මෙහෙයුම සිදුකරන කාලය තුළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් විසින් ඒ සිවිල් වැසියන්ට වෙඩිතබා ඔවුන් පළිහක්‌ ලෙස තබා ගැනීමට කටයුතු කළ අන්දමද ඇමැතිවරයා මෙහිදී විස්‌තර කළේය.

ආරක්‍ෂක මණ්‌ඩලයේ චීනය, රුසියාව අප සමඟයි එනිසා ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට එක්‌සත් ජාතීන්ට ක්‍රියා කළ නොහැකියි
- ඇමැති රාජිත සේනාරත්න

චීනයට හා රුසියාවට නිෂේධ බලය තිබෙන බවත් පැවසූ ඇමැතිවරයා ජිනීවා සමුළුවේදී ගෙනඑන යෝජනාව ශ්‍රී ලංකා රජයට ප්‍රතික්‍ෂේප කළ හැකි බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ඉකුත් වසර 8 සිට
ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග යන අය 37% දක්‌වා අඩුකර තියෙනවා - ඇමැති ඩිලාන් පෙරේරා

පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ ඉන්ධන බිල සම්පූර්ණයෙන්ම ගෙවන රට විරුවෝ ගෘහ සේවිකාවන් විදේශ ගතවන එක තහනම් කරන්න නම් මොකටද ඇමැතියෙක්‌.

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව මේ වසරේදී ඉවත් කරනවා
- විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් හෙට්‌ටිආරච්චි

මේ වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් 54000 ක්‌ සිටිනවා. 2006 දී විශ්‍රාම ලැබූ පිරිස හා ඊට පෙර විශ්‍රාම ලැබූ අය අතර විශාල වැටුප් විෂමතාවක්‌ තිබෙන බව ජනාධිපති රාජ්‍ය පරිපාලන සේවා ඇමැතිවරයා හා භාණ්‌ඩාගාර ලේකම් පිළිගෙන තිබෙනවා.

'දිවයින'  සැනෙකින් පුවත්

'යුද අපරාධ චෝදනා නිශ්පල වුණා'
- කොටි ඩයස්‌පෝරාව බටහිරට දොස්‌ නගයි

යුද අපරාධ ගැන විමර්ශන කිරීමට 2017 වනතුරු බලාසිටීමට නොහැකි යෑයි පවසන කොටි ඩයස්‌පෝරාව නවිපිල්ලේ ඇතුළු බටහිර රටවල් ෙද්‍රdaහීන් යෑයි දක්‌වා තිබේ.

ශ්‍රීපාද වන්දනා කරුවන්ට දැඩි දුෂ්කරතා

වන්දනාකරුවන්ගේ ගමන් මග හරස්‌ කර පිරිත් නූල් බව පවසමින් විවිධ නූල් වර්ග මුදලට විකිණීම සිදුකරන අතර වන්දනා කරුවන් බලහත්කාරයෙන් නතරකර පන්සිල් ලබාදී ඒ සඳහා මුදල් ලබා ගන්නා බවද පවසති......

දකුණු අප්‍රිකානු ඇමැතිනිය ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරයි

ශ්‍රී ලංකාවේ අර්බුදය මානව හිමිකම් කවුන්සිලය ඩැහැ ගෙන ඇතැයිද ඇය චෝදනා නැඟුවාය. ඇමැතිනියගේ මේ ප්‍රකාශ ගැන ඇමරිකානු නිලධාරින්ගේ නොසතුට පළවී ඇත.

කොත්තු ගැසීමට ගත් කුණුවූ පිටි කිලෝ 10,300ක්‌ අල්ලයි!

රොටි, පරාටා ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා මිලෙන් අඩු පිටි වර්ගයක්‌ තිරිඟු පිටි ලෙස නම් සඳහන් කර අසුරණවල බහා තිබූ මෙම පිටි තොගය කල්ඉකුත් වීමේ දිනය ද වෙනස්‌ කර තිබූ බව...


බලාගෙනයි! අකුණු අනතුරු අත ළඟ

මේ දිනවල පවතින දැඩි නියඟය නිමා කරමින් ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින්විට වැසි ඇති විය හැකි බවත්,...

මන්නාරම් මිනීවළේ කැණීම් නතර කරයි

අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්න මහතා ප්‍රකාශ කළේ සමූහ මිනීවළේ ස්‌වාභාවික පිහිටි පොළව දක්‌වා කැණීම් කටයුතු කොට ඇති බවත් මින් ඉදිරියට එහි කැණීම් කටයුතු අවශ්‍ය නොවන බවත්ය.

මිහින් ලංකා නව සභාපති නිශාන්ත රණතුංග

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.


වනාතමුල්ලේ සුනිල් ගෙන් පැමිණිල්ලක්‌....

වනාතමුල්ල 34 වත්තේ සමරධීර සුනිල් මහතා පැහැර ගෙන යැම සම්බන්ධව මෙතෙක්‌ නීතිය ක්‍රියාත්මක නොවීම සහ ඔහුට එල්ල වන තර්ජන සම්බන්ධව....


එන්.ජී.ඕ. 16 ක්‌ යුද අපරාධ විමර්ශන යක්‌ ඉල්ලයි

මෙරට රාජ්‍ය නොවන සංවිධාන 16 ක්‌ ඊයේ (5 දා) මානව හිමිකම් සමුළුව වෙත සංදේශයක්‌ යවා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලීම රටක අභ්‍යන්තර ගැටලුවලට අතපෙවීමක්‌
- කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කියයි

පොදු වැඩ පිළිවෙළක්‌ වෙනුවෙන් අප රට තුළම එකී දැ සාකච්ඡාවට බඳුන් කොට අපම සකස්‌ කළ වාර්තාවක්‌ එනම් උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ කොමිසමේ වාර්තාව අප අත තිබියදී අනෙක්‌ කරුණු කාරණා දුරින් සිට නොහික්‌මුනු බවකින් ඉස්‌මතු කරවීමෙන් පළුදු වන්නේත් පළුදු කරන්නේත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයි.

සිසුන් 177 කට වඩා නීති විද්‍යාලයට ගත්තොත් ගැටලු ඇතිවේවි
- ඇමැති රවුෆ් හකීම්

සිසුන් ඇතුළත්කර ගැනීම සඳහා අදාළ කරගත යුතු කඩඉම් ලකුණ සංස්‌ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් විසින් තීරණය කොට එකී තීරණය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින්...

නිවාසාන්තර ක්‍රීඩා උළෙලට ඇඳුම් සැපයූ කොන්ත්‍රාත්කරු වංචාවක්‌ කරලා
සිය ගණනක්‌ කුඩා සිසු දරුවෝ කඳුළු සලති

සිසුන් 200 කට අධික පිරිසකට ඇඳුම් නොවීය. ගුරුවරුන් වහා ඇඳුම් නොමැති සිසු දරුවන් නැටුමට සහභාගි නොකර ඉවත්කළ අතර ඔවුහු කඳුළු සැළිමට පටන් ගත්හ.

හිරුණිකා උතුරු කොළඹින් වැඩ අරඹයි...!


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ මෝදර මට්‌ටක්‌කුලිය "උතුරු කොළඹ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය" පසුගියදා විවෘත කරන ලදී.

භූතයා මිලට ගත් 64% කට 'භූතයා' වැහිලා

යන්ත්‍රය කුඹුරේ පාවෙන රබර් රෝද දම්වැල් නිරන්තරයෙන් කැඩෙයි. මේවායේ එකක මිල රුපියල් එක්‌ලක්‍ෂ දහදාහකි.  මෙවැනි උපාංග කැඩීගිය විට කන්නයේ උපයන මුදල් උපාංග හැදීමටත් මදිය. එතැන් පටන් භූතයා මිලදීගත් අයට භූතයා වැහෙයි.


  • මුහුණු පොතෙන් වැඩ ගැනීම!

    තම " ෆේස්‌ බුක්‌" ගිණුම සඳහා සරල මුර පදයක්‌ වෙනුවට පහසුවෙන් පිවිසිය නොහැකි මුර පදයක්‌ යොදා ගැනීමත් වඩාත් යෝග්‍ය වෙනවා. කිසියම් කෙනෙකු වංචනිකව තම ෆේස්‌ බුක්‌ ගිණුම සඳහා පිවිසීම වැළැක්‌වීමට තම ජංගම දුරකථන අංකය පවා යොදා ගත හැකියි.

  

  • අද තරගය තීරණාත්මක නොවුණත් නොවැදගත් නැත

    මේ වන විටත් ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර අවසන් මහා තරගයක්‌ සඳහා ප්‍රතිඵල තීරණය වී ඇති බැවින් මෙම තරගයේ තීරණාත්මක වටිනාකමක්‌ නොමැත. නමුත් සිය අපරාජිත බව තවදුරටත් රැකගනිමින් ඉතා ඉහළ මානසික මට්‌ටමකින් අවසන් මහා තරගයට පිවිසීම පිණිස ශ්‍රී ලංකාවටත්, සත්කාරක කණ්‌ඩායම ලෙසින් තරගාවලියේ එකදු හෝ තරගයක්‌ ජයගැනිමින් සිය ගෞරවය රැකගැනීම පිණිස බංගලිදේශයටත් මේ තරගය වැදගත් වේ.

  

Kapruka Shopping |  News




 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.