බ්‍රිතාන්‍ය එන්ජීඕ ලොක්‌කකුගෙන් ජිනීවා වෙත බොරු වාර්තාවක්‌

කීර්ති වර්ණකුලසූරිය

ගතවූ පස්‌ වසර තුළ ශ්‍රී ලංකා හමුදාව උතුරු පළාතේ බිහිසුණු අපරාධ සිදුකළ බවට සාවද්‍ය තොරතුරු ඇතුළත් පිටු 90 ක වාර්තාවක්‌ ශ්‍රී ලංකා කැම්පේන් 4 පීස්‌ ඇන්ඩ් ජස්‌ටිස්‌ නමැති සංවිධානය පෙරේදා (4 දා) මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත.

අසත්‍ය තොරතුරු ඇතුළත් මේ වාර්තාව සකස්‌ කිරීමට මුල් වී ඇත්තේ කොටි ඩයස්‌පෝරාවෙන් අරමුදල් ලබන ප්‍රෙඩී කාටර් නමැති බ්‍රිතාන්‍ය රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙකි.

එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකා යස්‌මින් සුනාද මෙකී සාවද්‍ය වාර්තාවේ කරුණු සනාථ කර තිබේ.

එකී වාර්තාවෙන්ද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ බව කියමින් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.