ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා විමර්ශනයට පිල්ලේගෙන් කමිටුවක්‌

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වූ ඇමරිකානු බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව ගැන විමර්ශන කොමිසමක්‌ නිසි බලධාරියකු හෝ විද්වත් මණ්‌ඩලයක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මහත්මිය විසින් පත්කරනු ලබන බව ජිනීවා ආරංචි මාර්ග ඊයේ (6දා) පැවැසීය.

මේ පිළිබඳව ඇය සිය තීරණය මාර්තු 28 දා ඡන්ද විමසීමෙන් පසු ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති චෝදනා ගැන විමර්ශනය කිරීමට පරීක්‍ෂණ කොමිසමක්‌ ඉල්ලා ඇගේ ජංගම දුරකථනයට විවිධ පාර්ශව බලපෑම් කරන බවද හෙළිවී ඇත.

මෙවන් විමර්ශන කොමිසමක්‌ හෝ නිසිබලධාරියකුද පත්කිරීම ගැන රජය දැනටමත් විරෝධය පළකර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය සතිය තුළ පමණක්‌ පෙත්සම් 500 කට අධික සංඛ්‍යාවක්‌ එවා ඇතැයිද වාර්තාවේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.