සමාගම් දෙකක්‌ නිසා පිළිකා රෝගීහු දෙලොවක්‌ අතර

අජිත් අලහකෝන්

"සමාගම් දෙකක්‌ අතර ඇති ගැටුමක්‌ නිසා පියයුරු පිළිකා සහ අග්න්‍යාශයේ පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඉතා අත්‍යවශ්‍ය ඖෂධයක්‌ මාස හතක අටක කාලයක සිට මහරගම පිළිකා රෝහලට ලැබී නැතැ"යි පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා කීවේය.

"මේක හරිම අමානුෂික තත්ත්වයක්‌. මේ නිසා පිළිකා රෝගීන් අසරණ වෙලා. ආණ්‌ඩුවෙන් සල්ලිත් දීලා තියෙද්දි ඔරිජිනල් බෙහෙතක්‌ තියෙද්දි මාස හත අටක ඉඳන් රජයේ බෙහෙත් ගබඩාව අපිට මේ බෙහෙත දෙන්නේ නෑ, මේ ඔරිජිනල් බෙහෙත හදලා තියෙන්නේ ඇමරිකාවේ. මෙතෙක්‌ කලක්‌ ලංකාවේ භාවිත කළේ ඇමරිකාවේ මේ ඔරිජිනල් බෙහෙත. ඒ අතර තමයි, තවත් සමාගමක්‌ ඉන්දියාවෙන් ගෙන්වන බෙහෙතකට දවසකින් ලියාපදිංචිය ගන්න කටයුතු කළේ. ඒත් මේ ඉන්දියාවෙන් ගෙන්වන බෙහෙතට අපි අපේ අනුමැතිය දුන්නේ නෑ. අපිට මෙතෙක්‌ කලක්‌ පාවිච්චි කළ ඔරිජිනල් බෙහෙතෙ විශ්වාසයි. ඔරිජිනල් බෙහෙත මිල අධිකයි. ලාබෙට දෙන බෙහෙත එක දවසකින් ලියාපදිංචි කිරීමට අපි අපේ අනුමැතිය මෙතෙක්‌ ලබාදී නෑ. එහෙම තත්ත්වයක්‌ තියෙද්දි දැන් රජයේ බෙහෙත් ගබඩාව පිළිකා රෝහලට මේ බෙහෙත ලබා දෙන්නේ නෑ" යෑයි විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මහතා කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.