මහනුවර මහ රෝහලේ ඉඩම් දේශපාලුවෝ ආධාරකරුවන්ට දීලා

ප්‍රියදර්ශන ලියනගේ

මහනුවර මහරෝහලට අයත් ඉඩම් අක්‌කර 42 ක ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අයත් ආධාරකරුවන් බලහත්කාරයෙන් පදිංචිව සිටින බව ඉඩම් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

මෙම ඉඩම් ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් කෝටි 25 ක්‌ පමණ වන අතර මැති ඇමැතිවරු අත පෙවීම නිසා එම ඉඩම් රෝහලට නැවත ලබාගැනීමට නොහැකිව ඇති බව එම ප්‍රකාශකයා අනාවරණය කළේය.

මහනුවර මහ රෝහල සතු මුළු ඉඩම් ප්‍රමාණය අක්‌කර පනස්‌අටක්‌ වන අතර එයින් රෝහලට මේ වන විට ඉතිරි වී තිබෙන්නේ ඉඩම් අක්‌කර දහසයක ප්‍රමාණයක්‌ පමණි.

මේ හේතුවෙන් රෝහලට අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීමට නොහැකි තත්ත්වයක්‌ උදා වී තිබේ.

අනවසරයෙන් රෝහල සතු ඉඩම් අල්ලාගෙන භුක්‌ති විඳින පුද්ගලයන් මේ වන විට ගොඩනැඟිලි හාරසියයක්‌ පමණ ඉඩම් අක්‌කර හතළිස්‌දෙක පුරා ඉදිකර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.