ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව අර්බුදයක කීර්ති වර්ණකුලසූරිය ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී සිවිල් වැසියන් මියයැම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් නොවන බවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශක බෙන් එමර්සන් මානව හිමිකම් සමුළුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මේ නිසා ශ්‍රී ලංකාව මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව දන්වමින් ඇමරිකානු රජය මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාව අර්බුදයකට ලක් වී තිබේ. බෙන් එමර්සන්ගේ මේ වාර්තාව මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ විසින් මෙතෙක් සමුළුවට ඉදිරිපත් කර නැතැයි ජිනීවා ආරංචි මාර්ග පවසයි. මෙකී විමර්ශන වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ ත්රස්තවාදයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේදී සිවිල් වැසියන් මියයැම නීතිවිරෝධී නොවන බවයි. ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවෙන් දක්වා ඇත්තේ වන්නි මෙහෙයුමේදී ශ්‍රී ලංකා හමුදාව මානුෂීය නීතිය උල්ලංඝනය කළ බවයි.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.