අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම පිහිටුවයි

අකිත පෙරේරා

අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් 'අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම' නමින් නව ආයතනයක්‌ රජය විසින් පිහිටුවා ඇති අතර එහි සභාපති ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ සභාපති එල්. ඒ. විමලරත්න මහතා පත්කොට ඇත.

මෙරටදී පැවති පොදුරාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුව වෙනුවෙන් ගෙන ආ සුඛෝපභෝගී බස්‌රථ 50 ක්‌ මෙම සමාගම යටතට ගැනේ. කොට්‌ටාව සහ කඩුවෙල අතර අධිවේගී මාර්ගය විවෘත කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පදවාගෙන ආ බස්‌ රථය ද ඊට අයත් එකකි.

මෙම නව සමාගම ජනාධිපතිවරයා යටතේ ඇති මහාමාර්ග සංවර්ධන වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයට අනුයුක්‌ත කොට තිබේ. එම ආයතනයේ සභාපති ලෙස විමලරත්න මහතා පසුගිය 7 වැනිදා වැඩ භාරගත්තේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.