ජිනීවාහිදී ශ්‍රී ලංකා හමුදාව පාවාදීම


ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරියේ පෙරේදා (10දා) පැවැති කොටි රැළියට හිටපු එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය ලේකම් ඩෙනිස්‌ හැලිඩේ සහභාගී වු අයුරු.

පසුගිය මාර්තු 3 දා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ නමැති කුමන්ත්‍රණය දියත් විය. එය නතර වී නැත. දිගින් දිගටම ක්‍රියාත්මක වේ. බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේ මෙවරත් ශ්‍රී ලංකාවට එරෙහිව අළුත් වීඩියෝ පටයක්‌ නිර්මාණය කළේය.

ඒ සඳහා දර්ශන සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයයි. එකී වීඩියෝ පටයෙන් පිළිඹූ කරන්නේ මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් පවා ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පළි ගන්නා බවයි. මේ දර්ශන කවදා වීඩියෝ ගත කළා ද යන්න මා දන්නේ නැහැ. මියගිය කොටි කැලෑ ඇඳුම් ඇඳ සිටින බවත් එකී දර්ශනවල දැක්‌වෙන්නේ නැතැයි මැක්‌රේ පවසා ඇත.

මෙවර මැක්‌රේ චෝදනා නගා ඇත්තේ විශේෂ බලකායේ සෙබලුන්ටය. මින් සනාථ වන්නේ මැක්‌රේ සෑම හමුදා සේනාංකයකටම සාවද්‍ය චෝදනා එල්ල කරන බවයි.

මැක්‌රේට මෙකී දර්ශන සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය නම් එකී දර්ශන කෙරේ විශ්වාස තැබිය හැකිද?

බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය අංක එකේ කොටි සංවිධානයකි. වන්නි මෙහෙයුම නතර කිරීමට එකී සංවිධානය දැඩි උත්සාහයක යෙදුණි. දැන් මැක්‌රේ උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා හමුදා සෙබලුන් සිවිල් වැසියන් ඝාතනය කළ බවට මානව හිමිකම් සමුළුවට නිරූපණය කිරීමයි.

මින් සනාථ වන්නේ කොටි ඩයස්‌පෝරාවේ විශාල මුදල් සම්භාරයක්‌ ලන්ඩනය, ජිනීවා සහ කොළඹ ඔස්‌සේ හුවමාරුවන බවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 24 ක්‌ මානවහිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශනයක්‌ ඉල්ලයි.

මන්නාරම් රදගුරු ප්‍රමුඛ කතෝලික පූජකවරු කන්‍යා සොයුරියන් 204 ක්‌ ද එකී ඉල්ලීම යොමු කර ඇත.

ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලීලන්ගේ බිරියද යාපනයේ රාජ්‍යනොවන සංවිධාන 20 ක්‌ ද එකී ඉල්ලීම අවශ්‍ය බව කියා සිටී.

මෙරටින් විදෙස්‌ ගත වූවන් මෙන්ම කොටි බෝම්බකාරියක්‌ ගැන වීඩියෝ පටයක්‌ නිපද වූ නෝර්වේ අධ්‍යක්‍ෂිකා බියටේ ආන්ස්‌ටඩ් ද යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලයි.

හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රැන්සස්‌ හැරිසන් දකුණු අප්‍රිකාවේ හිටපු රදගුරු ඩෙස්‌මන් ටුටූ, හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා සහ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ ද ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලයි. මේ හැර ද්‍රවිඩ සංධානයේ නායක ආර්. සම්න්දන් සහ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව විමර්ශන කොමිසමක්‌ ඉල්ලා තිබේ.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේගේ සේවා කාලය අගෝස්‌තු 31 දා අවසන් වේ. ඇය දැන් සූදානම් වන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ ධූරයෙන් ඉවත් වී යැමට පෙර ශ්‍රී ලංකාවට කටු ගැසීමයි. එහෙත් ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් සහ ආණ්‌ඩු අතර පවතින අරගල සම්බන්ධව ජාත්‍යන්තර මානුෂීය නීතිය ක්‍රියාත්මක නොවේ.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ විමර්ශක බෙන් එමර්සන් ඇමරිකාව බේරා ගැනීම සඳහා ත්‍රස්‌තවාදයට එරෙහිව ප්‍රතිචාර දැක්‌වීමේදී සිවිල් වැසියන් මිය යැම මානුෂික නීතිය උල්ලංඝනය කිරීමක්‌ නොවන බව ප්‍රකාශ කර ඇත. එහෙත් මේ ප්‍රකාශය මානව හිමිකම් සමුළුව හමුවේ විවාදයට ගෙන නැත.

මේ තත්ත්වය මැද විදේශිකයන්ට වඩා ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ ගැන දඬුවම් කිරීමට අවශ්‍ය වී ඇත්තේ විදෙස්‌ අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින්ටය.

මෙම සංවිධාන ක්‍රියාකාරීන් ප්‍රභාකරන් බිහිසුණු මිනිස්‌ ඝාතන සිදු කරද්දී එකී ඝාතන ගැන කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. මානව හිමිකම් කවුන්සිලයෙන් ප්‍රභාකරන්ට එරෙහි යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ යුතුයෑයි ඉල්ලීමක්‌ කිරීමට පවා ඔවුහු ඉදිරිපත් වූයේ නැත.

එහෙත් මෙරට ජනතාව තිස්‌වසරක කොටි ත්‍රස්‌තවාදයෙන් ගලවා ගත් හමුදාව පාවාදීමට ඔව්හු ඉදිරිපත් වී ඇත.

වන්නි මෙහෙයුමේදී 6000 කට අධික සේනාවක්‌ හා නිලධාරීහු දිවිපිදූහ. 20000 කට අධික ආරක්‍ෂක හමුදා සාමාජිකයෝ බරතල තුවාල ලැබූහ.

එහෙත් අද සිදුවන්නේ රටේ ඒකීය භාවය උදෙසා තම වර්තමානය හා ප්‍රකාශනය පුද කළ ඒ ගෞරවය මළවුන් පාවාදීමේ ක්‍රියාදාමයයි.

ඉතිහාසයේ මෙවන් සිදුවීම් මෙයට පෙර සිදුව නැත. කොටි වෙබ් අඩවි තවමත් මියගිය කොටි ත්‍රස්‌තයන් සමරති. එහෙත් මෙරට අවාසනාවන්ත තත්ත්වය නම් බෝම්බ පිපිරීම් හා බිහිසුණු මිනිස්‌ ඝාතන නතර කළ හමුදාව යුද අපරාධකරුවන් ලෙසට පත් කිරීමට දරන උත්සාහයයි.

මේ ක්‍රියාදාමය විදෙස්‌ සතුරන්ට සහයවීමක්‌ නොවන්නේ ද? ඉන්දියාව, පකිස්‌තානය, බංගලදේශය, ඊශ්‍රායලය සහ ඇමරිකාව ඇතුළු රටවල මෙවන් පාවාදීම් සිදුන්නේද?

ඇමරිකාවට එරෙහිව ක්‍රියා කිරීමේ චෝදනා මත හිටපු සී. අයි. ඒ. නිලධාරි රිචඩ් ස්‌නෝඩන් ෙද්‍රdaහියකු ලෙස නම් කළ ඇමරිකානු රජය තවදුරටත් ඔහු පසුපස හඹා යමින් සිටී.

එහෙත් දිගු දුර විහිදුම් බලකාය පාවාදීමෙන් පසු සිදුවන විශාලතම පාවාදීම සඳහා විදෙස්‌ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරගෙන යයි.

නුගේගොඩ නෝලිමිට්‌ අසල සිදුවූ බෝම්බ පිපිරීමෙන් කාන්තාවෝa මරුමුවට පත් වූහ. එහෙත් ඇතැම් කාන්තා සංවිධාන නිසා ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ ඉල්ලා සිටී.

ඔවුන් මේ ඉල්ලීම තුළින් මෙරට හමුදාවත් රටේ ජනතාවත් විදේශ රටවල්වලට පාවාදෙන බව තේරුම් ගත යුතුය.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුද අපරාධ සිදු කරද්දී ඔවුන්ට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කළ හැකිද? මෑතකදී ඇමරිකානු අධිකරණය පැවසුවේ ඇමරිකාව ලෝක පොලිස්‌කාරයා නොවිය යුතු බවයි.

මේ තත්ත්වය මැද කොළඹ ඇතැම් සංවිධාන ජිනීවා යෝජනාව ජය ගැනීම ගැන මත විමසුමකට පවා ලක්‌ කර ඇත. මෙය පුදුමාකාර තත්ත්වයකි.

මෑතකදී ඇමරිකාව විසින් ඉන්දියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන බරපතල වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළේය.

කාශ්මීරයේ සිරගෙවල්වල දේශපාලන සිරකරුවන් විශාල සංඛ්‍යාවක්‌ සිටින බව ඉන් හෙළි කර ඇත.

එහෙත් මානව හිමිකම් සමුළුවේදී එකී වාර්තාව ගැන හඬ නැඟී නැත.

මේ පසුබිම මැද ශ්‍රී ලංකා හමුදාවට කටුq ගැසීමට නවිපිල්ලේ සමඟ උත්සාහ කරන්නේ මෙරට පාර්ශ්වයන්ය.

ලොව අංක එකේ ලාභදායී කර්මාන්තය මානව හිමිකම් කර්මාන්තය යෑයි අයර්ලන්තයේ දේශපාලක ඡේම්ස්‌ ප්‍රින්ගල් වරක්‌ කියා සිටියේය.

එය සත්‍යයකි. ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකු වන සිවාජිලිංගම් ද ජිනීවාහි රැඳී සිටී.

ද්‍රවිඩ සංධානයේ පිරිස්‌ ද හෙට අනිද්දා ජිනීවා යතිs.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ද ජිනීවා යැමට දැනටමත් ප්‍රවේශපත්‍ර වෙන් කර ගෙන ඇත. ඔව්හු මාර්තු 26 දා තෙක්‌ නොඉවසිල්ලෙන් සිටී. ඒ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් බවට තීන්දුවක්‌ එනතෙක්‌ය. එහෙත් සැබෑ යුද අපරාධකරුවෝ කොටි ත්‍රස්‌තයන් හා කොටි ඩයස්‌පෝරාවේ පාර්ශ්වයන්ය.

ඔව්හු කෙටි පරාජය වීමේ පලිය ගැනීම ආරම්භකර ඇත. ගත වූ වසර 30 තුළ ප්‍රභාකරන්ට උදව් කළ පාර්ශ්ව මෙරට සිටියේය. එකී පාර්ශ්ව දැන් යළිත් මතුවී ඇත.

ඔවුන්ගේ මූලික ඉලක්‌කය උතුරු නැගෙනහිර ඊළම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමයි.

කීර්ති වර්ණකුලසූරිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.