2014 මාර්තු 12 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

පාතාල ප්‍රබලයා
වෙඩි කා මැරේ

රත්නපුර මලංගම ප්‍රදේ ශයේදී 2014 පෙබරවාරි 13 වැනිදා ධනවත් මැණික්‌ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් 22 කට සම්බන්ධ පාතාල ප්‍රබලයකු වූ "පාලන්කඩ හීන් මල්ලී" නමැත්තා පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් ඊයේ (11) රත්නපුර ප්‍රදේශයේදී මරුමුවට පත්විය.


කොමිෂන් ඇති කළේ බයකට නොවේ
- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ සහ උගත් පාඩම් ප්‍රතිසන්ධාන වැනි කොමිෂන් ඇති කළේ පිටරටින් එන බලපෑම්වලට නොවේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.


නිදහස්‌ තැපැල් පහසුකම අපේක්‍ෂක ප්‍රවර්ධනයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී ඇති නිදහස්‌ තැපැල් මුද්දර පහසුකම ඡන්ද අපේක්‍ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා යොදවා ඇතැයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කර තිබේ.

කුණු ගොඩේ ගින්නෙන් අනුරපුර ගිලන් රථවලට හානි


අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල භූමියේ ගාල් කර තිබූ භාවිතයෙන් ඉවත් කළ ගිලන් රථ 4 කට ඊයේ (11 දා) ගිනි ඇවිලීමෙන් පිළිස්‌සී ඇත.

ප්‍රමාණයට වැඩි සිසුන් ඉන්න පාසල් ගැන පරීක්‌ෂණ

ජාතික පාසල්වල එක හා හය ශ්‍රෝණි හැර සෙසු ශ්‍රෝණිවල අනුමත සංඛ්‍යාව ඉක්‌මවා සිසුන් ඇතුළත් කර තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්‌ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.


මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා 682ක්‌

වැඩිම පැමිණිලි සංඛ්‍යාව කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 202කි.


ගිලන් රථයෙන් රෝගියා ගෙන යද්දී ඔක්‌සිජන් ඉවර වෙලා
සුළු සේවකයාගේ බුද්ධිමත් භාවයෙන් ජීවිතය බේරෙයි

වහාම ක්‍රියාත්මක වී තඹුත් තේගම රෝහලේ වාට්‌ටුවක තිබූ ඔක්‌සිජන් සහිත සිලින්ඩරයක්‌ ගිලන් රථයට ලබාදීමෙන් රෝගියාගේ ජීවිතය බේරා ගැනිමට හැකිවී ඇත.

හෙද සිසු සිසුවියෝ පංති වර්ජනයේ

රජයේ රෝහල් හරහා සූතිකා පුහුණුව ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පාමින් දිවයිනේ සියලුම රජයේ හෙද පුහුණු විදුහල්වල ඉගෙනුම ලබන පළමු හා තෙවැනි වසරවල හෙද සිසු සිසුවියෝ ඊයේ (11 දා) සිට පංති වර්ජනයක්‌ ක්‍රියාත්මක කර තිබේ.

නිල් මහ සටනේ කාසියේ වාසියට රන් කාසියක්‌

135 වැනි වරටත් පැවැත්වෙන නිල් මහ සටන මහා ක්‍රිකට්‌ තරගය වෙනුවෙන් නව නිල ලාංඡනයක්‌ සහ රන් කාසියක්‌ හඳුන්වාදීම පසුගියදා සිදුකෙරිණි.


මුරලිලාගේ බෙංගාල ලංසුව වාරයකට ලක්‍ෂ 127 යි

වසර 3 ක කාලයක්‌ මුරලිදරන් බෙංගාල ක්‍රිකට්‌ සංගමයේ දඟ පන්දු පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කිරීමට එම සංගමය සඳහා කොන්ත්‍රාත් තුවකට එළැඹ සිටින අතර ඒ සඳහා ඊයේ අත්සන් තබන ලදී.

බටහිර ජාතීන් යුද්ධයේ ආරම්භය ගැන කතා නොකර අවසන් දින කිහිපය ගැන කතා කරනවා - අති උතුම් ශාන්ත ප්‍රැන්සිස්‌ රදගුරු හිමිපාණන්

එල්. ටී. ටී. ඊ. යට මුදල්, ආයුධ, පුහුණුව ලැබුණේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවත් ඒ සඳහා මුල්වූයේ කවුරුන් ද යන්න සොයා බලා හෙළිදරව් කිරීම ජාත්‍යන්තරයේ වගකීම බවත් රදගුරු හිමියෝ කියති.

ආහාරවලට බදු ගහන එකම රට ශ්‍රී ලංකාවයි
- ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

කොත්තමල්ලි කිලෝවෙන් රු. 120 ක්‌ කහකුඩු කිලෝවෙන් රු.202 ක්‌ සූදුරු කිලෝවෙන් රු. 120 ක්‌ කිරිපිටි ආදී අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා බදුබර පටවලා. අරලියගහ මන්දිරේ තාප්පෙ නඩත්තුවට පමණක්‌ මාසික වියදම ලක්‍ෂ 3 ක්‌ වෙනවා. ඒක ඇතුළෙ වියදම කොහොමට තියේවිද?

දිවයින  සැනෙකින් පුවත්

ඉතින් කොහොමද කාලෙකට පස්‌සේ..


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය හා එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක්‌ ඊයේ (11 දා) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී සිදු විය.
පින්තූරය - නිමල් දයාරත්න

ආගමික සංහිඳියාවක්‌ ඇති කිරීම සඳහා

රට තුළ ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා සහයෝගය ලබා ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (11) එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක්‌ හමුවූවාය.

පළමු ශ්‍රේණියට ළමයින් ගැනීමේ
චක්‍රලේඛ සංශෝ ධනයට දස පුද්ගල කමිටුවක්‌

දරුවන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්‍ෂණවලදී ප්‍රධානම නිර්ණායකයක්‌ වන ඔප්පු හිමිකම ඉවත් කිරීම සහ ඒ වෙනුවට යොදාගත හැකි ක්‍රමවේදය නිර්දේශ කිරීම මෙම අනුකමිටුවට පැවරී තිබේ.

ජිනීවාහි කලබල කළ කොටි හිත වාදීන්ට ගම්මිරිස්‌ ගසා එළවයි

ඇමරිකාව ප්‍රමුඛ රටවල් හයක්‌ කෙටුම්පත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කිරීමට ප්‍රමාණවත් නැතැයි කියමින් එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ මාර්ග අවහිර කිරීමට මෙම කොටි හිතවාදීන් ක්‍රියාකර ඇත.


පවුලේ සියලු දෙනා ලෙඩ වුණා යෑයි
ගුරුවරිය ගිනි තබාගෙන දිවි නසා ගනී


සිය මව, පියා, සැමියා හා දරුවා එකවරම අසනීප වීම දරා ගත නොහැකිව පාසල් ගුරුවරියක වූ තරුණ මවක්‌ නිවසේ සියල්ලන් නිදාගත් පසු එළියට පැමිණ සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබාගෙන.....

ක්‌ලිෆර්ඩ් කුසලාන ජනපති අතින් සිය පුතුට..

තරගය නැරඹීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ශූරයන්ට පිදෙන කුසලාන නාවික හමුදා කණ්‌ඩායමේ නායක සිය සිය බාල පුත් රෝහිත රාජපක්‌ෂ වෙත පිරිනැමූ අයුරු..


බණ්‌ඩාරනායක විදුහලේ කලබල ඇති කළ ගුරුන් දෙදෙනෙක්‌ ළඟදීම අත්අඩංගුවට

මෙම විදුහලේ විදුහල්පති ලාල් දිසානායක මහතාට එරෙහිව ක්‍රියාකරන ලෙස මෙම ළමුන් පිරිස උසිගැන්වූ එම ගුරුවරුන් දෙදෙනා පිළිබඳව ලැබෙන තොරතුරු සියල්ල සටහන් කර ගැනීමෙන් පසු...

මම යහපත් ලෙස ඉන්නවා සමහරු විවිධ චෝදනා කර තිබෙනවා  - පොට්‌ට නවුෆර්ගෙන් ජනපතිට ලිපියක්‌

තමා බෝගම්බර බන්ධනාගාරයේ කලක්‌ සිටි අවධියේදී බන්ධනා ගාරයෙන් පැනයෑමේ සැලැස්‌මක්‌ තමා සංවි ධානය කළ බව රාවයක්‌ ප්‍රචාරය කර තිබූ අතර තමා තුළ එවැනි අදහසක්‌ නැති බවද.....

ආබාධිත පුත්‍රයාව සැතපුම් 18 ක්‌ දුර පිහිටි පාසලට ගෙන යන චීන පියෙක්‌ ගැන හෙළි වෙයි

සෑම දිනකම තම ආබාධිත පුත්‍රයාව කරමත තබාගෙන සැතපුම් 18 ක්‌ දුර පිහිටි පාසලකට ගෙන යන චීන පියකු ගැන වාර්තා වේ.



 
  • ජිනීවාහිදී ශ්‍රී ලංකා හමුදාව පාවාදීම

    කැලම් මැක්‌රේ මෙවරත් ශ්‍රී ලංකාවට එරෙහිව අළුත් වීඩියෝ පටයක්‌ නිර්මාණය කළේය. ඒ සඳහා දර්ශන සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයයි. එකී වීඩියෝ පටයෙන් පිළිඹූ කරන්නේ මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් පවා ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පළි ගන්නා බවයි.

  

  


 

  

Kapruka Shopping |  News





 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.