රෝහල් අධිකාරි පැමිණිල්ල අස්‌ කර ගනී

ඌව පරණගම - එන්. ඩී. අබේසේකර

අසභ්‍ය වචනයෙන් බැණ වැදී මරණීය තර්ජන එල්ල කිරීම සම්න්ධයෙන් වැලිමඩ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායක හා ඌව පළාත් සභා මන්ත්‍රි එස්‌. ඒ. ආර්. බන්දුසේන නමැත්තාට එරෙහිව වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පොලිසියට කර තිබූ පැමිණිල්ල ඊයේ (11 දා) ඉල්ලා අස්‌ කර ගත්තේය.

ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ විසින් කරන ලද ඉල්ලීමක්‌ හා පොරොන්දුවක්‌ මත සැකකාර මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීමට තීරණය කළ බව වෛද්‍ය අධිකාරී රොහාන් මාෂා මහතා ප්‍රකාශ කළේය.

සිද්ධියට අදාළව වෛද්‍ය අධිකාරීවරයා වැලිමඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව 10 දා අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා ලබන 21 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැලිමඩ මහෙස්‌ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කරනු ලැබුවාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.