බටහිර ජාතීන් යුද්ධයේ ආරම්භය ගැන කතා නොකර අවසන් දින කිහිපය ගැන කතා කරනවා
- අති උතුම් ශාන්ත ප්‍රැන්සිස්‌ රදගුරු හිමිපාණන්

සිරිමන්ත රත්නසේකර

යුද්ධයේ අවසන් දින කිහිපයක්‌ ගැන කතා කිරීමට ඉදිරිපත්වන බටහිර ජාතීන් යුද්ධයේ ආරම්භය ගැන කථා නොකරන්නේ මන්දැයි කුරුණෑගල පදවියේ රදගුරු අති උතුම් ශාන්ත ප්‍රැන්සිස්‌ රදගුරු හිමිපාණන් ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න කළහ.

එල්. ටී. ටී. ඊ. යට මුදල්, ආයුධ, පුහුණුව ලැබුණේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවත් ඒ සඳහා මුල්වූයේ කවුරුන් ද යන්න සොයා බලා හෙළිදරව් කිරීම ජාත්‍යන්තරයේ වගකීම බවත් රදගුරු හිමියෝ කියති.

අති උතුම් ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරු හිමියෝ ඊයේ (11 වැනිදා) එම අදහස්‌ පළ කළේ නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරු හිමිපාණෝ මෙසේ ද කීහ.

මෑතකදී මහ ඇමැතිකමක්‌ හිමිකරගත් පුද්ගලයකු උත්සවයකදී දෙමළෙන් කතාවක්‌ කළා. එහි අන්තර් ගත වූයේ සිංහල ජනතාව කාලා බීලා ආගමක්‌ දහමක්‌ අදහන්නේ නැති ජාතියක්‌ ලෙසයි. දෙමළ තරුණියන් රජයේ හමුදාවන්ට භාරදෙනවා නම් ඉතා පරිස්‌සමින් කටයුතු කරන ලෙසත් ඔහු එහිදී පැවසුවා. එසේම ලංකාව සංවර්ධනය වන්නේ ජාත්‍යන්තර මුදල් වලින් බවත් ඔහු සිය කතාවේදී සඳහන් කළා.

එම කථාවේ බරපතළම කාරණය වුණේ ඔවුන්ගේ දරුවන් තව අවුරුදු දහයකින් පහළොවකින් මේ සියල්ලටම උත්තර දේවි යන කාරණයයි. යුද්ධයෙන් පසු සහජීවනය ගැන කථා කළ යුතු අවධියක ඔහුගේ කථාවේ සමගිය සහජීවනය ගැන එක වචනයක්‌ තිබුණේ නැහැ.

මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ මෙහෙම ජාතික සමගිය සහජීවනය ඇති කළ හැකි ද යන්නයි. ඔවුන් දෙමළ භාෂාවෙන් කරන ප්‍රකාශ ඉතා බරපතළයි. මෙය සිංහල සමාජයට හරියට තේරෙන්නේ නැහැ. දකුණු ඉන්දියාවේ සිට ලංකාවට එන දෙමළ සඟරාවල ඇති ලිපි, කවි ඇතැම් ඒවා ඉතා බරපතළයි. රජය මේ ගැන සොයා බැලිය යුතුයි. එසේ නොමැති වුවහොත් වඩා සංකීර්ණ ප්‍රශ්න රැසකට අපට මුහුණ දෙන්න සිදුවේවි.

අපගේ ඉවසිලිවන්ත භාවය ඇතැම් පිරිස්‌ සිය වාසියට හරවාගෙන තිබෙනවා. නවනීදන් පිල්ලේ මහත්මිය දින කිහිපයක්‌ මෙහි සංචාරය කර වාර්තා සැකසීම වැරදියි. ඇය රට ගැන ලොකු අධ්‍යයනයක්‌ කළ යුතුයි. යුද්ධයෙන් අනාථ වූවන් රට පුරාම සිටිනවා.

කොටි ඩයස්‌පෝරාව කොටස්‌ තුනකින් යුක්‌තයි. බටහිර රටවල සිටින වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන කොටස, ආසියාවේ විසිරී සිටින කොටස හා අතිශයින්ම භයානක අප රට තුළ සිටින ඩයස්‌පෝරාව එම කොටස්‌ තුනයි. මොවුන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. අප කුමන ආගමක්‌ ඇදහුවත් රටට එරෙහි කුමන්ත්‍රණයකදී අප රට සමග සිටින බව සිහිපත් කළ යුතුයි.

මෙම අවස්‌ථාවට එල්මෝ ප්‍රනාන්දු, රංජන් කරුණාරත්න, ස්‌ටැන්ලි නිශ්ශංක, සරත් හෙට්‌ටිආරච්චි යන පියතුමන්ලා ද එක්‌වූහ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.