'බේබි ෂෙරමි' - බිග්හාට්‌ ව්‍යාපෘතියට'
2013 එෆීස්‌ උළෙලේ දී හරසර


ශ්‍රී ලංකාවේ අංක එකේ ළදරු නිෂ්පාදන - බේබි ෂෙරමි, සිය ස්‌වර්ණ ජයන්තිය වෙනුවෙන් දියත් කළ 'බිග්හාට්‌' හදවතේ සෙනෙහස ව්‍යාපෘතිය, පසුගියදා පැවැති 'එෆීස්‌ - 2013' සම්මාන ප්‍රදානෝත්සවයේ අවසන් අදියරේදී ඉහළම සම්භාවනාවට පාත්‍රවිය. ශ්‍රීලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කළ මෙම 'එෆීස්‌' සම්මාන ප්‍රදානෝත්සවයේ දී, මෙවර එවැනි ආයතනික කීර්තිනාම/ වෘත්තීය සේවා අංශය යටතේ සම්මානයක්‌ ලද එකම ජාතික වැඩසටහන වුණේ, බේබි ෂෙරමි 'බිග්හාට්‌' ව්‍යාපෘතියයි.

'එෆීස්‌' සම්මාන ප්‍රදානෝත්සවය, වාර්ෂිකව සංවිධානය කරන්නේ 'ජනතාව වැළඳගන්නා' ඵලදායී අලෙවි සන්නිවේදන සංකල්ප ඇගයීමේ අරමුණෙනි. ඵලදායී අලෙවි සන්නිවේදනය ඇගයීමට ලක්‌කිරීම හා එහි වැදගත්කම පිළිබඳ 'අලෙවි සන්නිවේදන ක්‍ෂේත්‍රයේ ආයතන තවතවත් දැනුවත්කිරීම,, ජාත්‍යන්තර 'එෆීස්‌ වර්ල්ඩ්වයිඩ්' හි පරමාර්ථය යි.

බේබි ෂෙරමි - 'බිග්හාට්‌' ව්‍යාපෘතිය, අපූරු ව්‍යාපෘතියකි. දශක පහක්‌ පුරා, ශ්‍රී ලාංකීය මව්වරුන් හා බිළිඳුන්ට සෙනෙහසේ සුමුදු පහස දුන් බේබි ෂෙරමි, සිය ස්‌වර්ණ ජයන්තිය වෙනුවෙන් වඩාත් අර්ථවත් - ජාතික වැදගත්කමක්‌ ඇති සත්කාරක වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ නිසා, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයද මේ සමඟ එක්‌විය. රට පුරා සෑම ලොකු කුඩා වෙළෙඳසැලකින්ම අලෙවි වන සෑම බේබි ෂෙරමි නිෂ්පාදනයකින්ම, සත 50 බැගින් 'නැණ දිරිය භාර අරමුදලට' බැර කළ අතර, එමගින් විශාල මුදලක්‌ එකතුවිය.

මෙම ව්‍යාපෘතිය යටතේ මූලිකව ඉලක්‌ක කළේ, ආර්ථික අපහසුතා නිසා සිය පාසල් ගමන නැවැත්වීමට සූදානම් වූ දරුවන් 50 දෙනකුට, බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යැමට සම්පත් හා මූල්‍යාධාර සැපයීමයි. මෙම දැවැන්ත සත්කාරය වඩාත් ඵලදායී වන්නේ සමස්‌ත ශ්‍රී ලංකාවම මෙම සද්කාර්යයේ අගය වටහාගෙන - ඒ වෙනුවෙන් දායකවීමට පෙළඹීම නිසා, ඒ වෙනුවෙන් බේබි ෂෙරමි විසින් දැවැන්ත දැනුවත්කිරීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරන ලදී. බේබි ෂෙරමි අපේක්‍ෂා කළ සීමාවන් පවා ඉක්‌මවා යමින්, ජනතාව ඉමහත් උෙද්‍යාaගයෙන් දැවැන්ත අරමුදලක්‌ ගොඩනැංවීමට දායක වූ අතර, පොත්පත් ඇතුළු වෙනත් සම්පත් දහස්‌ ගණනක්‌ එකතුවිය. ඒ අනුව, සාමාන්‍ය ළදරු නිෂ්පාදන වෙළෙඳනාමයකට සීමා නොවී 'සෙනෙහසේ පහස්‌ වඩාත් අර්ථවත් කරමින්, දැවැන්ත සමාජ ව්‍යාපෘතියක්‌ කිරීමේ හැකියාව සනාථ කිරීමට බේබි ෂෙරමි සමත්විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.