අධිවේගයේ අනතුරින් තුවාල ලැබූවන්ට
නාගොඩ රෝහල නිසි ප්‍රතිකාර කළේ නැහැ
කළුතර පොලිසියට පැමිණිල්ලක්‌

විජයසිරි විද්‍යාසේකර - කළුතර

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරකින් තුවාලලැබූ සිය ඥතීන් දෙදෙනාට කළුතර නාගොඩ රෝහලේදී නිසි ප්‍රතිකාර නොලැබුණු බවට චෝදනා කරමින් වෛද්‍යවරුන්ට එරෙහිව වලස්‌මුල්ලේ පදිංචි ඇම්. සුසන්ත ද සිල්වා නමැත්තා පෙරේදා (11 දා) කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත.

කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තුවාල ලැබූ දෙදෙනා කළුතර නාගොඩ රෝහලේ 5 වාට්‌ටුවට ඇතුළත් කළ අතර ඔවුන්ට ප්‍රතිකාර ලබානොදී ට්‍රොලිය තුළම රඳවා තබා සිටි බව පැමිණිලිකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. තුවාලකරුවන්ට ප්‍රතිකාර නොකිරීම ගැන වාට්‌ටුවේ සිටි වෛද්‍යවරියගෙන් ඇසූ විට පිස්‌සෝ වගේ කෑගහන්න එපා රෝගීන් ගෙන යන්න යෑයි පැවසූ බවද එම පැමිණිල්ලේ දැක්‌වේ.

තමන් තුවාලකරුවන් දෙදෙනා කරාපිටිය රෝහලට ගෙන යන බවද පැමිණිලිකරු පොලිසියට ප්‍රකාශකර ඇත.

මෙම පැමිණිල්ල පිළිබඳව කළුතර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ මහතාගේ උපදෙස්‌ පිට සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඊ. ඩබ්. ටී. පුෂ්පකුමාර මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.