උතුරු මැද වෛද්‍ය වර්ජනයක්‌ ලබන සඳුදා

ඒමන්ති මාරඹේ

උතුරු මැද පළාතේ සියලු රජයේ රෝහල් වෛද්‍යවරු ලබන සඳුදා (17 දා) එක්‌ දින සංකේත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම වර්ජනය ලබන සඳුදා (17 දා) උදැසන 8 සිට පසුදා (18 දා) උදැසන 8 දක්‌වා ක්‍රියාත්මක කෙරෙන අතර වර්ජනය පැවැත්වෙන කාල සීමාව තුළදී බාහිර රෝගී අංශ ප්‍රතිකාර, සාමාන්‍ය ප්‍රතිකාර හා සාමාන්‍ය සැත්කම් සිදුÊනොවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. මෙම වර්ජනය සඳහා වෛද්‍යවරුන් 1200 ක්‌ පමණ සහභාගි වීමට නියමිතය.

රාජ්‍ය සේවයට නුසුදුසු පුද්ගලයකු ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නම් කර ඇති හිඟුරක්‌ගොඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සෙනරත් බණ්‌ඩාර මහතාට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට උතුරු මැද පළාත් සෞඛ්‍ය ලේකම්වරිය විසින් කටයුතු නොකිරීම සම්බන්ධව විරෝධය පාමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.

වර්ජනය පැවැත්වෙන කාල සීමාව තුළදී උතුරු මැද පළාතේ අනුරාධපුර, පොලොන්නරුව ඇතුළු රෝහල්වල සිදු කෙරෙන බාහිර රෝගී අංශ ප්‍රතිකාර සේවාවන්, සාමාන්‍ය ප්‍රතිකාර හා සැත්කම් සිදුÊනොකෙරෙන අතර හදිසි සේවාවන් පමණක්‌ පවත්වා ගෙන යන බව වෛද්‍ය සොයිසා මහතා කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.