මනාපය සහ පොල්පිති සත්කාරය

'ආණ්‌ඩුව විවේචනය කළොත් තොපිව මරණවා' යෑයි කියමින් යකඩ පොලු ගත් පිරිසක්‌ ජනතා විමුක්‌ති පෙරමුණේ වීථි නාට්‍ය කණ්‌ඩායමකට පහර දුන් බව ඊයේ (14 දා) 'දිවයිනේ' පළවිය. මේ කතාවේ ඇත්ත නැත්ත අපි නො දනිමු. පුවත්පතක්‌ ලෙස අප වාර්තා කරන්නේ සිද්ධිය පමණි. කෙසේ වුව ද ආණ්‌ඩුව විවේචනය කිරීමේ වරදට දඬුවම මරණය නම් 1948 න් පසු මේ රටේ එක මිනිහකුවත් ඉතිරි වීමට ඉඩ නැත. මන්ද ආණ්‌ඩුවක්‌ පත් වී ස්‌වල්ප කලක්‌ ගත වන විට රටේ ජනයාගෙන් 99% ක්‌ ම ආණ්‌ඩුව විවේචනය කරන්නට පටන් ගන්නා නිසා ය. කෙසේ වුවද ඊයේ දහවල් වන විට ගුටි කෑ අය සහ ගුටි දුන් අය යන දෙගොල්ලගෙන්ම 8 දෙනෙකු අත්අඩංගුවට පත් වූ බව දැන ගතිමු. ඉන් 6 ක්‌ ගුටි කෑ අය ය. සමහර විට ඔවුන් අත්අඩංගුවට ගන්නට ඇත්තේ තුවාලවලට බෙහෙත් දමා ගැනීම ප්‍රතික්‍ෂේප කළ නිසා විය යුතු ය. කෙසේ හෝ වේවා 'ආණ්‌ඩුව විවේචනය කළොත් තොපිව මරණවා' යන පාඨයෙහි සැඟවුණු අරුත වන්නේ නාට්‍ය කණ්‌ඩායමට පහර දුන් පිරිස ආණ්‌ඩුවේ කට්‌ටියක්‌ බව ය. ඡන්දයක්‌ ළඟ එන මෙවැනි වෙලාවක මෙවැනි කුණු වැඩ කිරීමෙන් ඡන්ද කඩා ගැනීමට ආණ්‌ඩුව උත්සුක වනු ඇතැයි අපි නිකමටවත් නො සිතමු. එහෙත් සෑම ආණ්‌ඩුවකම ගොන් තඩියෝ සිටිති. වැඩ කන්නේ ඔවුහු ය.

**** **** **** ***

අන් සෑම ඡන්දයකදී මෙන්ම මෙවර ඡන්දයේ දී ද විනාඩියකට හැට බැගින් නොව තප්පරයට හැට බැගින් ඡන්ද නීති කඩනු ලැබේ. එය ඉතාම ප්‍රාථමික අවස්‌ථාවේ සිට ඉහළම අවස්‌ථාව දක්‌වා නැඟෙන්නේ ය. උදාහරණයක්‌ වශයෙන් ප්‍රසිද්ධ ස්‌ථානවල පෝස්‌ටර් ඇලවීම තහනම් ය. එහෙත් සියලුම ප්‍රසිද්ධ ස්‌ථානවල ඡන්ද පෝස්‌ටර් අලවනු ලැබේ. එසේම ඡන්ද අපේක්‍ෂකයා ගමන් කරන රථයෙහි හැර සෙසු රථවල ඔහුගේ රූපය අංකය යනාදිය ප්‍රදර්ශනය කිරීම තහනම් ය. එහෙත් අපේක්‍ෂකයා සිටින - නො සිටින රථ දහයක පහළොවක ඔහුගේ රුව ප්‍රදර්ශනය කරනු ලැබේ. දේශපාලන පාක්‍ෂිකයන් අතර හට ගන්නා ගුටිකෙළි සුලභ ය. කොඩි වැල් කැපීමේ සිට පක්‍ෂ කාර්යාල ගිනි තැබීම දක්‌වා සිදුවීම් හැම තැනම ය. දේශපාලන වේදිකා මත කෙරෙන කතා අතාර්කික ය. අසික්‌කිත ය. හැකර ය. ඒවා කුණුහරුප වලින් පිරී ගිය කාලකණ්‌ණි අෙ¹aනා ය. මේ අපේ දේශපාලනයේ ගමන් මඟයි. මේ මඟ දිගේ දේශපාලනඥයන් විසින් හල හලා යන අසූචි ගොඩවල් අපේ පයට නිතර පෑගෙන්නේ ය.

මනාප ක්‍රමය යනු මේ රටේ දේශපාලන සංස්‌කෘතිය තුළ ඉතා නරක මඩ පැල්ලම් හා ලේ පැල්ලම් තැබූ සංසිද්ධියකි. මනාප ක්‍රමය යනු ඉතා සාධාරණ සහ ප්‍රායෝගික ක්‍රමයකි. එහෙත් එය එසේ වන්නේ එය ක්‍රියාත්මක කරන රටේ ජනයා හෙළුවැල්ලෙන් නො සිsටින, කොළ අතු නොව ඇඳුම් අඳින, මස්‌ අමුවෙන් හෝ පුච්චාගෙන නොව පිසගෙන කන ජනතාවක්‌ වූ විට ය. ලංකාවේ එවැනි සංස්‌කෘතියක්‌ නැත. මෙහි සිටින දේශපාලන සත්ත්වයන්ගෙන් වැඩි දෙනා ඇඳුම් තිබුණත් නිරුවතින් සිටීමට කැමැත්තා හ. මස්‌ පිසගෙන කෑමට අවශ්‍ය සියලු උපකරණ අත ළඟම තිබුණත් ඒවා අමුවෙන් කෑමට කැමැත්තා හ. මේ තත්ත්වයට මනාප ක්‍රමය පමණක්‌ නොව වෙනත් කිසිම සංවිධානාත්මක ඡන්ද ක්‍රමයක්‌ නොගැළපේ. ගැළපෙන එකම ක්‍රමය නම් පොල් පිත්තක්‌ ගෙන නොහික්‌මුණු ප්‍රජාවගේ හම මැද්දට තලාගෙන තලාගෙන ගොස්‌ ඒකාධිපති පාලනයක්‌ පිහිටුවා ගැනීම ය. ඊ ළඟ ඡන්දය ලේ නොහැලෙන එකක්‌ වේ වා යි අපි හැම විටෙකම ප්‍රාර්ථනා කරමු. එහෙත් යූ.එන්.පිය හෝ ජ.වි.පෙ. ආණ්‌ඩුවක්‌ පිsහිටුවනවාක්‌ මෙන් එය ද තව කල්පයකටවත් ක්‍රියාත්මක නොවන්නකි. අදට මෙපමණි. සෙස්‌ස පස්‌සට.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.