නෝමන් පලිහවඩන 40 වසරක මාධ්‍ය මෙහෙවර
පළකෙරෙන පුවතක වගකීම මාධ්‍යවේදියා දැරිය යුතුය


කැලණියේ කොහල්විල ගංගාරාම විහාරයේ වැඩවිසූ හිමිනමක්‌ දහම් පාසල් රැස්‌වීමකදී හරක්‌ මස්‌වලින් සිදුවෙන විපාක පිළිබඳව දරුවන් දැනුවත් කළහ.

මීට වසර කීපයකට පමණ උඩදී කළ මෙම කතාව පිළිබඳව මා වඩාත් උනන්දුව යොමු කළේ මේ තුළින් වැදගත් පුවතක්‌ ගොඩනැගිය හැකි නිසාය.

ඒ අනුව විමර්ශන කටයුතුවල යෙදී සිටියදී ප්‍රධාන පෙළේ පශු වෛද්‍යවරයකුගෙන් ලත් වාර්තාවක්‌ අනුව හරක්‌ මස්‌ වල එම අවධියේ තැම්බුවත් නොමැරෙන පනුවෙකු සිටින බවට වැදගත් වාර්තාවක්‌ වසර කීපයකට උඩදී දිවයින පුවත්පතේ ප්‍රධාන වාර්තාවක්‌ ලෙස පළ කළෙමි.

මෙම පුවත පළවූ මොහොතේ සිට දිගට හරහට මට තර්ජනය කරමින් දුරකථන ඇමතුම් ගලා ආවේය. මෙම පුවත පළ වූ දවසේම දෙමටගොඩ මස්‌ වත්තේ වැටලීම් කීපයක්‌ම පොලිසිය මගින් සිදු කළේය.

රට පුරාම මහත් ආන්දොaලනයට ලක්‌වූ මෙම පුවත අසා හරක්‌ මස්‌ ව්‍යාපාරිකයන් ගෙන් සැදුම්ලත් සංගමයක්‌ද ආරම්භ විය.

මෙම පුවත වහාම නිවැරදි කරන ලෙස සමහරු දුරකථන වලින් තදින්ම කියා සිටියේය.

එම අවධියේ දින කීපයකම හරක්‌ මස්‌ වෙළෙ¹ම් පවා ඉතා සුළුවෙන් සිදුවිය.

හරක්‌ මස්‌ ව්‍යාපාරිකයන්ගේ සෑම තර්ජනයකටම මා කෙළින්ම මුහුණ දුන්නෙමි. කිසිම හේතුවක්‌ මත පුවත නිවැරදි කර පළ කිරීමට මම ක්‍රියා නොකළෙමි. (ඊට හේතුව මෙය සත්‍ය ප්‍රවෘත්තියක්‌ වීමය). සමහරු මුදල් දෙන පොරොන්දුව පිට මෙම පුවත වැරදි එකක්‌ බව පෙන්වා නිවැරදි කරන ලෙස බලපෑම් කළේය.

එම අවධියේ හරක්‌මස්‌ ව්‍යාපාරය දිගටම පහත බැසීම නිසා ඊට මුල්ම වගකිවයුත්තා මා බව මට නිර්නාමික පෙත්සන් වලින් කියෑවිණි.

එදා මේ හැම ප්‍රශ්නයකටම මමත් දිවයින කර්තෘ මණ්‌ඩලයත් මුහුණදුන් නමුත් හරක්‌ මස්‌ විරෝධී සංගම් ඇතුළු පුද්ගලයන් කිසිකෙනකු මා වෙනුවෙන් කතා කිරීමට හෝ දිවයින පත්‍රයේ පළ වූ ප්‍රවීන සංගම් වෙන ආකාරයේ (හරක්‌ මස්‌ එපා කරවීමේ) වැඩසටහන් පවා ක්‍රියාත්මක නොවීය.

ඇතැම් අවස්‌ථාවලදී රටට වටිනා ඉතා සත්‍ය පුවත් පවා වැරදි පුවතක්‌ වශයෙන් සනාථ කර පසුව පළකිරීමට සමහරු නොයෙකුත් උපක්‍රම ගන්නා නමුත් කිසිවිටෙක සත්‍ය පුවතක්‌ මෙසේ බලපෑම් මත පසුදා එය අසත්‍ය පුවතක්‌ වශයෙන් ජනතාවට ඉදිරිපත් නොකිරීම මාධ්‍ය වේදියෙක්‌ගේ යුතුකමකි.

එදා මගේ පුවතට මෙම තර්ජන ගර්ජන පැමිණ තිබූ අතර අද රටපුරාම හරක්‌මස්‌ එපා කරවීමේ දැවැන්ත ක්‍රියාවලියක්‌ ක්‍රියාත්මක වෙද්දී එදා මට එරෙහිව සිදුකළ උද්ඝෝෂණකරුවන් තර්ජනය කළ පුද්ගලයෝ මෙරට හරක්‌ මස්‌ ව්‍යාපාරික සංගම් අද නිහඬවී සිටියි.

ඇස්‌ මනාප සිදුවූ සත්‍ය සිද්ධින් පවා ඇතැම් මාධ්‍ය මගින් පසුදින වරද නිවැරැදි කිරීම සිදු කෙරෙන අතර එය පළ කළ මාධ්‍යවේදියාටද සිදුකර ඇත්තේ මදි පුංචි කමකි. වරද නිවැරැදි කිරීම් එවන්නන්වාලේ එවූ පලියට එය දින කීපයක්‌ පළ නොකර ඒ පිළිබඳව විමර්ශනයක්‌ කිරීමද මාධ්‍යවේදියාගේ යුතුකමකි.

නෝමන් පලිහවඩන

(මතු සම්බන්ධයි)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.