අචින්ත්‍ය සම්බුදු ගුණ අතර
සත්ථා දේවමනුස්‌සානං බුද්ධ ගුණය


මැදින් පෝදා අතිරේකය

පසුගිය පොහොය දිනවල ලිපි මගින් බුදු ගුණ හයක්‌ පිළිබඳව කෙටියෙන් හැඳින්වීමි. නව අරහාදී බුදුගුණ අතර හත්වැනි බුදුගුණය මෙම සත්ථා දේවමනුස්‌සානං යන බුද්ධ ගුණයයි. එහි අරුත නම් දෙවි මිනිසුන්ට ශාස්‌තෘවරයා යන්නයි. සත්ථා යනු ඔeaජයෑරල ඛද්රා ඊමාdය් යනුවෙන් ද දේව යනු ඨදාල Deසඑහ වශයෙන් ද ශබ්ද කෝෂවල අරුත් දී තිබේ. සංස්‌කෘත භාෂාවෙන් දේව යන පදයට තේරුම් කිහිපයක්‌ දී ඇත. දෙවියා, රජ, බමුණා, වළාහක දෙවියා, දිව්‍යමය මිනිසා යනාදී වශයෙනි. මනුජ, මනුෂ්‍ය යන සංස්‌කෘත පදවලින් මිනිසා, මනුගෙන් පැවතෙන්නා, මිනිස්‌ වග, පිරිමියා යන අර්ථ දී තිබේ. පාලි බසින් මනුස්‌ස යන පදයට මනුෂ්‍යයා A Hමප්බ ඊeකසබට යනුවෙන් හඳුන්වා දී තිබේ. මෙහිදී බුදුරජාණන් වහන්සේට සත්ථා දේවමනුස්‌සානං යන නාමය ව්‍යවහාර වනුයේ දෙවියන් හා මනුෂ්‍යයන්ගේ ශාස්‌තෘවරයා (නායකයා) යන අර්ථයෙනි. එය එසේ වනුයේ බුදුරජාණන් වහන්සේට ඕනෑම ප්‍රශ්නයක්‌ දෙවි මිනිසුන්ගේ නිරාකරණය කිරීමට ඇති ශක්‍යතාව පදනම් කරගෙනය.

බුදුරජාණන් වහන්සේ කිනම් අර්ථයකින් ශාස්‌තෘ නම් වන්නේ දැයි විමසා බැලීම වැදගත්ය. එය අර්ථ තුනකින් දක්‌වා තිබේ.

1. දිට්‌ඨධම්මික

2. සම්පරායික

3. පරමත්ථ වශයෙනි

දිට්‌ඨධම්මික යනු මෙලොවින් වන යහපත යන අර්ථයෙන්ද සම්පරායික යනු පරලොවින් යහපත යන අර්ථයෙන් ද පරමත්ථ නම් නිර්වාණය යන අර්ථයෙන්ද දක්‌වා තිබේ. මෙම ත්‍රිවිධ අර්ථයෙන් සුදුසු පරිදි දෙවි මිනිසුන්ට අනුශාසනා කරන හෙයින් ශාස්‌තෘ නම් වෙයි. මහානිද්දේසයෙහි සාරිපුත්ත සූත්‍රයෙහි දී නිර්වාණය නමැති ක්‍ෂේම භූමියට පත්කරවන්නේය යන අර්ථයෙන් සත්ථා නම් වන බව දක්‌වා තිබේ. දෙවි මිනිසුන්ට පමණක්‌ යෑයි වචනාර්ථයෙන් මෙහිදී සඳහන් කළ ද තිරිසන්ගත සත්ත්වයන් ද භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මශ්‍රවණය කොට දෙවැනි, තෙවැනි භවයන් හි මාර්ගඵල ලබා ඇත. මණ්‌ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව එයට උදාහරණයක්‌ වශයෙන් දැක්‌විය හැකිය.

අප සම්බුදුරජාණන් වහන්සේ ගග්ගරා නම් පොකුණු තෙර චම්පා නගරවාසීන්ට ධර්මය දේශනා කරන අවස්‌ථාවේදී එක්‌ මැඩියෙක්‌ (ගෙම්බෙක්‌) බුදුරජාණන් වහන්සේ හඬ, නිමිති ග්‍රහණය කොට එක ගොපල්ලෙක්‌ නොදැන දණ්‌ඩ කෙළවර උගේ හිස මත තබාගෙන සිටියේය.

එයින් මැඩියා කලුරිය කළේය. ධර්ම ස්‌වරයෙහි ගත් පැහැදීමෙන් තව්තිසා දෙව්ලොව දොළොස්‌ යොදුන් රන් විමානයක උපන්නේය. දෙවඟනන් දහසක්‌ පිරිවර විය. එම දිව්‍ය පුත්‍රයා "මා කුමන කර්මයක්‌ කොට මෙහි උපන්නෙමි" දැයි බලන්නේ ඉහත කරුණ දැන සතුටුව එවේලෙහිම එම විමානය ද සමඟ බුදුරජාණන් වහන්සේ අභිමුඛයට පැමිණ සිරිපා වැන්දේය. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ එම දිව්‍ය පුත්‍රයාගෙන් විමසුවෝය.

"කෝ මේ වන්දති පාදානී ඉද්ධියා යසසා ජලං අභීක්‌කන්තේන වණ්‌ණේන සබ්බා ඕභාසයං දිසා"

"සෘද්ධියෙන්, යසසින් සියලු දිසාවන් බබුළුවමින් විශිෂ්ට වර්ණයෙන්, පැහැයෙන් යුක්‌තව කවරෙක්‌ මේ මාගේ පා වඳින්නේද?" යනුවෙන් එම මණ්‌ඩුක දිව්‍ය පුත්‍රයාගෙන් විමසූ කල්හි එම දෙව්පුත් තෙම මෙසේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු ලබා දෙයි.

"මණ්‌ඩුකෝ හං පුරේ ආසිං උදකේ වාරි ගෝචරේ තව ධම්මං සුණන්තස්‌ස අවධි වච්ඡපාලකෝ"

"මම පෙර ජලය ඇසුqරු කොට ඇති මැඩියෙක්‌ව සිටියෙමි. ඔබ වහන්සේගෙන් ධර්මය අසමින් සිටින විටදීම ගොපල්ලෙක්‌ මා මරණයට පත් කළේ යෑයි පිළිතුරු දී තිබේ. පසුව බුදුරජාණන් වහන්සේ එම දිව්‍ය පුත්‍රයා ඇතුළු අසූහාර දහසක්‌ ප්‍රාණීන්ට ධර්මය දේශනා කොට ධර්මාවබෝධය කළ සේක. එම මණ්‌ඩුක දිව්‍ය පුත්‍රයා ද සෝවාන් ඵලයට පත්ව සිනාසිසී සතුටින් නික්‌ම ගියේය.

මෙම පුවතින් පැහැදිලි වන්නේ දෙවි මිනිසුන්ට පමණක්‌ නොව තිරිසන් ගත සත්ත්වයන්ටද උපනිශ්‍රය සම්පත් ලැබ මාර්ගඵල ප්‍රතිලාභය කරවූ බවය.

තථාගතයන් වහන්සේගේ ශාස්‌තෘත්වය ප්‍රකාශ වන මෙම පදයෙන් බුදුරජාණන් වහන්සේගේ උපදේශකත්වය දෙවි මිනිසුන් විෂයෙහි බව දැක්‌වුවද සියලු සත්ත්වයන්ගේ ශාස්‌තෘත්වයට බුදුරජාණන් වහන්සේ සුදුසුය. බුදුවරු යනු හුදෙක්‌ මාර්ගෝපදේශකයෝය. "තුම්හේහි කිච්චං ආතප්පං, අක්‌ඛාතාරෝ තථාගතා" යන ධම්මපද මග්ගවග්ග පාඨයෙන් ඒ බව දැක්‌වේ. විශ්ව සාධාරණ දහමක්‌ වූ බුදු දහම සියලු සත්ත්වයන්ට පොදු වූවකි. ම-Cධිම නිකායේ අරියපරියේසන සූත්‍රයෙහි දී ප්‍රථම ධර්මදේශනාවට යන ගමනේදී දෙවියන් සහිත ලෝකයෙහි දහම් අමා බෙරය වයන බවද,

"ධම්මචක්‌කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධභූතස්‌මිං ලෝකස්‌මිං ආහඤaජං අමතදුන්දුභින්ති"

යනුවෙන් දක්‌වා තිබේ.

එසේම බුදුරජාණන් වහන්සේගේ ආචාර්යත්වය පිළිබඳව ද වැදගත් ගාථාවක්‌ මෙහි එයි. එනම්,

"න මේ ආචරියෝ අත්ථි සදිසෝ මේ න වි-ජති සදේවකස්‌මිං ලෝකස්‌මිං නත්ථි මේ පටිපුද්ගලෝ"

"මට ලෝකෝත්තර ධර්මයෙහි ගුරුවරයෙක්‌ නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සමාන පුද්ගලයකු දක්‌නට නැත" යනු එහි තේරුමයි.

මෙයින්ද පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ අසමසම ශාස්‌තෘත්වය පිළිබඳවයි. එසේම බුදුරජාණන් වහන්සේගේ ශාස්‌තෘත්වය තුළ ඇති වැදගත්කම නම් අනුශාසනා මත පිහිටා තිබීමයි. එය බුද්ධිගෝචර වූවකි. අනුශාසනයට යෝග්‍ය ප්‍රතිරූපතාවක්‌ තිබිය යුතුය. ඛුද්දක නිකායෙහි ධම්මපද අත්ත වග්ගයෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ බව මෙසේ වදාරා ඇත.

"අත්තා න මේව පඨමං පතිරූපේ නිවේසයේ අථඤaඤ මනුසාසෙයH නකිලිස්‌සෙයH පණ්‌ඩිතෝ"

"පළමුව තමා සුදුසු ගුණයෙහි පිහිටිය යුතුය. ඉන් පසු අනුන්ට අනුශාසනා කළ යුතුය. මෙසේ කටයුතු කරන නුවණැත්තා තමා කිළිටි බවට පත් නොවන්නේය. දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේගේ ශාස්‌තෘත්වය පිළිබඳ වැදගත් සඳහනක්‌ දක්‌නට ඇත. එනම් තම ශ්‍රාවකයන් දිනක්‌ ළඟට කැඳවා උන්වහන්සේ මෙසේ වදාරා ඇත.

"මහණෙනි, අකුසල් දුරු කරන්න. අකුසල් දුරු කිරීමට හැකිය. අකුසල් දුරු කිරීමෙන් යහපතක්‌a ම සිදු වේ. අකුසල් දුරු කිරීමෙන් නුඹලාට අයහපතක්‌ වන්නේ නම් අකුසල් දුරු කිරීමට මා උපදෙස්‌ දෙන්නේ නැත."

මහලු පියකු මරණ මඤaචකයේ සිට තමාගේ අවට සිටින දරුවන්ට දෙන අවවාදයක්‌ මෙහිදී අපට සිහිගැන්වේ. මෙබඳු ශාස්‌තෘත්වයක්‌ බුදුරජාණන් වහන්සේ තුළ විද්‍යමාන විය. දෙවියන් සහිත ලෝකයාට විශේෂත්වයකින් තොරව අප්‍රමාදයෙන් කළ යුතු දේ වශයෙන් ගුරු මුෂ්ටියක්‌ නොතබා මම සාරාර්ථය සඳහා අනුශාසනා කරන බැවින් තථාගතයන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්‌තෘන් වහන්සේ වන්නේය. දෙවියන්. බ්‍රහ්මයන්ට විසඳිය නොහැකි ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ විස» අයුරු ඛුqද්ධක පාඨවල එන මහා මංගල සූත්‍රය උදාහරණ සපයයි. මංගල කරුණු මොනවා දැයි දෙවියන්ද නොදැන සිටි අයුරුත් බුදුරජාණන් වහන්සේ එම මංගල කරුණු මොනවාදැයි පෙන්වූ අයුරුත් මෙහිදී අප සිහි තබා ගත යුතුය. වරක්‌ එක්‌ භික්‍ෂුවක්‌ ලෝකයෙහි අවසානය දැන ගැනීම පිණිස දිව්‍ය ලෝකවලටද, බ්‍රහ්ම ලෝකවලට ද ගොස්‌ දැනගත නොහැකි වූ අයුරුත් ඉන්පසු බුදුරජාණන් වහන්සේගෙන් එම ප්‍රශ්නයට පිළිතුරු ලබාගත් අයුරුත් අප සිහිපත් කළ යුතුය. බුදුරජාණන් වහන්සේගේ ශාස්‌තෘත්වය පිළිබඳව ශ්‍රාවක ශ්‍රාවිකාවන්, රජවරු, සිටුවරු, අන්‍ය තීර්ථක බමුණන්ද ඉමහත් ප්‍රසාදය පළ කොට ඇත. මඡ්Cධිම නිකායේ බ්‍රාහ්මණ වග්ග, රාජ වග්ග හා ඛුqද්ධක නිකායේ ථෙර, ථෙරි ගාථා ආදියෙන් මේ පිළිබඳ තොරතුරු උකහා ගත හැකිය. සුත්තනිsපාතයේ සභිsය සූත්‍රයෙහිදී බුදුරජාණන් වහන්සේ යනු ඉතා නිහතමානීව, සංසුන්ව ඕනෑම ප්‍රශ්නයක්‌ ඇසිය හැකි ප්‍රශ්න ඇසීමෙන් කෝපයට පත් නොවන, කලබලයට පත් නොවන ශාස්‌තෘවරයකු බව පවසයි.

කොණ්‌ඩඤ්ඤ මහ රහතන් වහන්සේ බුදු සසුනෙහි පැරණිතම (චිරරාත්‍රඥ) ශ්‍රාවකයා වෙයි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාස්‌තෘත්වය පිළිබඳව මෙසේ අදහස්‌ දක්‌වා ඇත.

"ඒ මම බුදුරජාණන් වහන්සේගේ රසවත් ධර්මය අසා බෙහෙවින් පහදිමි. සර්ව ප්‍රකාරයෙන්ම උපාදාන රහිතව, විරාගීs ධර්මය දෙසන ලද්දේය. මා විසින් ශාස්‌තෘන්වහන්සේ ආශ්‍රය කරන ලදි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරන ලද්දේය. මහත් වූ බර බහා තබන ලද්දේය."

බුදුරජාණන් වහන්සේගේ ශාස්‌තෘත්වයෙහි ප්‍රයෝජනය නිරය, තිරිසන්, ප්‍රේත, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ආදී සත්ත්වයන්ට ද ලබාදී තිබේ. සාර්ථවාහකයකු ලෙසින් විනේය. (හික්‌ම විය යුතු) ජනයන් ජාති, ජරා ආදී කාන්තාරයෙන් එතෙර කොට මඟ කියාදෙමින් නිර්වාණය නමැති ක්‍ෂේමභූමියට පමුණුවන බැවින් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට ශාස්‌තෘ නම් වේ.

"බව කතරින් එතෙර ලනුයෙන් සතන් හැමවර තිලෝගුරු මුනිවර වීය සත්ථා නමින් පුවතර"

යන වීදාගම නාහිමියන්ගේ පද්‍යයෙන්ද එම බුදු ගුණය පිළිබඳව වර්ණනා කොට තිබේ.

මෙම කරුණු සියල්ලෙන්ම පැහැදිලි වනුයේ බුදුරජාණන් වහන්සේ සියලුම සත්ත්වයන්ට ශාස්‌තෘවරයා බවය. එහෙත් ඒ පිළිබඳ විශේෂත්වයක්‌ දෙවි මිනිසුන් සඳහා සලකා බලා මෙම බුදුගුණය පිළිබඳව හඳුන්වාදී ඇත.

රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති

පූජ්‍ය අගලවත්තේ Æණවිමල හිමි

කිඳෙල්පිටිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිකාරි

ජගද්දලා සමාජ සුබසාධක ආයතනාධිකාරි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.