අතුරුදන් මැලේසියානු යානාවේ පණිවුඩ හුවමාරු
පද්ධති දෙක අක්‍රීය කර තිබෙනවා
- ඇමරිකානු නිලධාරිහු හෙළිකරති

මැලේසියානු යානාව අතුරුදන්වීමට විනාඩි 14 කට පෙර එකී පණිවුඩ හුවමාරු පද්ධති දෙක අක්‍රීය කර ඇතැයි පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

පසුගිය සෙනසුරාදා අලුයම 1.07 ට ට්‍රාන්ස්‌ පොන්ඩර් උපකරණය හා අලුයම 1.21 ට දත්ත සටහන් උපකරණය ක්‍රියාවිරහිත කර ඇතැයි ඇමරිකානු නිලධාරීහු පවසති.

මේ නිසා යානාව ඉන්දීය සාගර අහස්‌ කලාපය වෙත පැමිණ ඇති බවට සැක කෙරේ.

ඇමරිකානු නාවික යාත්‍රා කීපයක්‌ ඉන්දීය සාගරයේ විමර්ශන කටයුතු අරඹා ඇතැයි ඇමරිකානු නිලධාරීහු තවදුරටත් දක්‌වා ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.