ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේදී සිවිල් වැසියන් මිය යැමෙන් මානුෂික නීතිය උල්ලංඝනය වන්නේ නැහැ
- එක්‌සත් ජාතීන්ගේ විමර්ශන බෙන් එමර්සන්

ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේදී සිවිල් වැසියන් මිය යැමෙන් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වන්නේ නැතැයි එක්‌සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වේ.

මේ වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශක බෙන් එමර්සන්ය.

ත්‍රස්‌තවාදයට ප්‍රතිචාර දක්‌වන ක්‍රියාවන්හිදී සිවිල් වැසියන් මිය යැම ජාත්‍යන්තර මානුෂික හිමිකම් නීතිය උල්ලංඝනය වීමක්‌ නොවන අතර ඉන් යුධ අපරාධ සඳහා සාක්‍ෂි ලැබෙන්නේ නැතැයිද එම වාර්තාවේ දක්‌වා ඇත.

ඇමරිකාව විසින් එල්ල කරන ෙඩ්‍රාaන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් මිය යැම ගැන රජයන් වගකිව යුතු නැතැයිද එහි සඳහන් කර තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.