2014 මාර්තු 15 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

දුරකථනයෙන් බලපෑම්
කිරීමේ නඩුව
විනිසුරුවරුන්ගෙන්
ඇමැති සමාව යදී

මන්නාරම මහෙස්‌ත්‍රාත් ඒ. ජූඩ්සන් මහතා හමුවේ විභාග වූ නඩුවකදී ඔහු දුන් නියෝගයක්‌ වෙනස්‌ කරවා ගැනීමට දුරකථනයෙන් බලපෑම් කළැයි චෝදනා එල්ලවී සිටි කර්මාන්ත සංවර්ධන ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා......


සිද්ධියට මගේ සම්බන්ධයක්‌ නෑ
- ඇමැති රිෂාඩ් බද්යුද්දීන්

මන්නාරම හිටපු මහෙස්‌ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් ලබාදීමේ සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක්‌ නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුද්දීන් මහතා පැවැසීය.

එජාප නායක සමකාලීනයන් සමග නිල්මහ සටන නරඹති


කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්‌ස සාන්ත තෝමස්‌ විදුහල අතර පැවැත්වෙන 135 වන 'නිල්මහ සටන' දෙවන දිනය වූ ඊයේ (14 දා) තරග නැරඹීමට පැමිණ සිටි විපක්‍ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය සමකාලීන පාසල් මිතුරන් සමග සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු.

ජිනීවා යෝජනාවලියට සහයෝගය ලබා නොදෙන්නැයි
ඉතාලි ශ්‍රී ලාංකිකයෝ විරෝධතාවක


දහසකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ රෝම පාර්ලිමේන්තුව අභියස දැවැන්ත උද්ඝෝෂණයක නියෑලුණු අයුරු........

එන්ජීඕ 15 ක්‌
ජිනීවා ගිනි අවුලයි

පසුගිය දින කීපයේදී මෙම කණ්‌ඩායම විදේශ තානාපති වරුන් හමුවී ලිපිගොනු පිළිගන්වමින් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

පින්නදූව ගොඩගම අධිවේගය අද විවෘතවේ

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව සිට මාතර ගොඩගම දක්‌වා කොටස අද (15 දා) පස්‌වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.


ජර්මන් කතට අතවර කිරීමට තැත්කළ කොස්‌තාපල්ලා දැලේ

ජර්මන් ජාතික කාන්තාව මාර්ගයේ තනිවම ගමන් කරමින් සිටියදී අතවර කිරීමට තැත්කර ඇති බව ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

කොළඹ මහ නගර සභා ලොක්‌කෙකුගෙන් අල්ලස්‌ කොමිසම ප්‍රශ්න කරයි

මෙම නිලධාරිනියගෙන් පැය 3 කට අධික කාලයක්‌ ප්‍රශ්න කොට ඇතැයි කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොටි හිතවාදීන්ට උත්තර නොදී ඉන්දීය විදේශ ඇමැති පිටවෙයි

මෙකී සමුළුවට සහභාගි වූ කොටි හිතවාදීන් යුක්‌තිය ඉටුවනතුරු කොපමණ කලක්‌ බලා සිටින්නට සිදුවේද යන්න කුර්ෂිද්ගෙන් ප්‍රශ්න කර ඇත.

ජවිපෙ වීදි නාට්‍ය කණ්‌ඩායමට පහරදීම
8 දෙනෙක්‌ අත්අඩංගුවට 6 දෙනෙක්‌ ජවිපෙ අය

සැකකරුවන් අතර ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් හය දෙනකු සහ පානදුර පෞද්ගලික බස්‌නැවතුම්පළේ ස්‌ථානාධිපතිවරයා මෙන්ම වේලා සටහන්කරු ද සිටින බව පොලිසිය පවසයි.

ලෝක ආහාර වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් සහල් මෙටි්‍රක්‌ ටොන් 50000ක්‌

පරිත්‍යාග කරන ලද සහල් තොගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලෝක ආහාර වැඩසටහනේ මෙරට නේවාසික අධ්‍යක්‍ෂ ස්‌මයිල් ඕමර් මහතා වෙත භාරදීම....

දරුවන් සලකන්නේ නැතැයි වයසක යුවළ වස බීලා
බිරිඳ මියයයි - සැමියා රෝහලේ

මියගොස්‌ ඇති කාන්තාව සහ රෝහල්ගත කළ පුද්ගලයාට දරුවෝ තිදෙනෙක්‌ සිටිති. දරුවන් විවාහ වී වෙන්ව ජීවත්වන බැවින් වයෝවෘද්ධ යුවළ මෙම නිවසේ තනිව වාසය කර තිබේ.

ෆෙමිනා මිස්‌ ඉන්ඩියා 2014 අවසන් වටයේ ජයග්‍රාහිකාවෝ ගාලු කොටුවේ සිරි නරඹති


ෆෙමිනා මිස්‌ ඉන්ඩියා 2014 අවසන් වටයේ ජයග්‍රාහිකාවන් 25 දෙනා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරකයක නිරත විය.

එකඟවන්නේ නෑ:
ඇමරිකා යෝජනාවට විරුද්ධව සටන්කරනවා

- ඇමති මහින්ද සමරසිංහ නොබැඳි ජාතීන්ට කියයි

ශ්‍රී ලංකාවට සිදුවීමට යන දේ තව ටික කලකින් නොබැඳි ජාතීන්ගේ රටවලටද සිදුවනු ඇතැයි දැඩි ලෙස අනතුරු හැඟවීමක්‌ කළ අමාත්‍යවරයා මතුවී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවට සහය දෙන්නැයි නොබැඳි ජාතීන්ගේ රටවල තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.

වීදිනාට්‍ය කණ්‌ඩායමට එල්ලකළ ප්‍රහාරය ගැන පොලිසිය කටයුතු කරන ආකාරය ගැටලූ සහගතයි
- බිමල් රත්නායක

නාට්‍ය බලන්න පැමිණි 100-125 ක පමණ පිරිසක්‌ මැර ප්‍රහාරය නිසා කලබලයට පත්වුණා. "උඹලට වීදි නාට්‍ය කරන්න මෙහෙ බැහැ. මේක ජනාධි පතිතුමාගේ තැනක්‌......."

දිවයින  සැනෙකින් පුවත්

නැතිවූ ගුවන් යානය සෙවීමට මැලේසියාව අංජනම් බලයි


අංජනම් එළි බැලීම වැනි ගුප්ත වතාවත් මගින් අතුරුදන්ව තිබෙන මැලේසියා ගුවන් සමාගමේ ඵ්‍ය 370 අංකය දරන ගුවන් යානය සෙවීමේ මෙහෙයුමක්‌ ක්‌වා ලාලාම්පූර් ගුවන්තොටුපළේදී පසුගියදා පවත්වන ලදී.

නුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබුණු උඩරට මැණිකේ දුම්රිය ඊයේ (14 දා) උදැසන 10.30 ට පමණ මරදාන දුම්රිය ස්‌ථානය අසලදී පීලි පැනීමෙන් එම දුම්රිය එංජිම පීල්ලෙන් පිටතට පෙරළී තිබුණු අයුරු. මෙම අනතුරෙන් මගීන්ට කිසිදු හානියක්‌ සිදුව නොති බුණි. ඡායාරූපය - කමල් බෝගොඩ

දත් නැති වැඩිහිටි
පිරිස ඉහළට


මුඛයෙහි එක්‌ දතක්‌වත් නොමැති ශ්‍රී ලාංකීය වැඩිහිටියන්ගේ ප්‍රතිශතය ඉහළ යමින් පවතින බව මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ සංරක්‍ෂණ දත්ත විශේෂඥ වෛද්‍ය ප්‍රියක පලිපාන මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හිර කරන්න බ්‍රිතාන්‍යය උගුල් අදියි

ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍ර්‍රබල යෝජනාවක්‌ සම්මත කර ගැනීමට බ්‍රිතාන්‍ය රජය උත්සාහ ගන්නා බව බ්‍රිතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග් පාර්ලිමේන්තුවට ලියවිල්ලක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේය.

සුදු මී ගව පැටියෙක්‌


ගව පට්‌ටියේ වෙනස්‌ම වර්ණයකින් යුත් මේ මීගව පැටියා ඉපදී ඇත. මෙහි බොහෝ දෙනා ඌ හඳුන් වන්නේ සුදු මී ගව පැටියා යනුවෙනි.

සාරංග-උමංගාට
මංගල සීනු..

සාරංග - උමාලි නව පරපුරේ සිනමා හා ටෙලි නාට්‍ය තරු දෙකක්‌... නව පරපුරේ ආදරය දිනාගත් සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න යුග දිවියට පිවිසීමේ මංගල උළෙල කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (14) සවස උත්සවාකාරයෙන් පැවැත්විණි.


"බිග් මැච්" දිනයේ නීති නොතකා වාහන පැදවූ 50 ක්‌ පොලිස්‌ භාරයට

ක්‍රිකට්‌ තරගය පැවැති ඊයේ (14 දා) මහනුවර නගරයේ මහජනතාවට අවහිර වන පරිදි සුඛෝපභෝගී වාහන පැදවූ වැඩිහිටියන් හා සිසුන් පනස්‌දෙනකු පමණ මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් වෑන් රථ ගැන සැළකිලිමත් වන්න

පාසල් දරුවන් රැකබලා ගන්නා කාන්තාවන් නොමැති පාසල් වෑන් රථවල සිය දරුවන් යෑවීමෙන් එම වෑන් රියෑදුරන්ගේ විවිධ අතවරයන්ට ලක්‌වූ අවස්‌ථා රැසකින් අනාවරණය වී ඇති බව...

ලියුකේමියාවට ප්‍රතිකර්මයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ කොළ තේ- පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය ඇමතිට

ලියුකේමියාවට ප්‍රතිකර්මයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ කොළ තේ Green Tea වල අඩංගු කැටචින් නමැති රසායනිකය යොදාගත හැකි බවට නැනෝ තාක්‌ෂණය යටතේ පර්යේෂණයක්‌ කළ නාලන්දා විද්‍යාලයේ සිසු රඛිත මාලේවන සිසුවා විසින් සිය පර්යේෂණය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කරන ලදී.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක
රාජ්‍ය නොවන සංවිධාන වල බළල් අතක්‌ වෙලා

- ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා
ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

එතුමිය රාජ්‍ය නොවන සංවිධාන සමග එක්‌ව රටේත් බෞද්ධයාගෙත් ගෞරවය කෙලෙසන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමග වාර්තා හුවමාරු කරගනිමින් එදා දොන් ජුවන්......

ටොන් 84 ක් කොන්ක්‍රීට්‌ කණුවට තිදෙනෙක්‌ බිලි

අඩි 120 ක්‌ පමණ දිග මෙම කොන්ක්‍රීට්‌ බාල්කය ග්‍රේඩරයකින් ඔසවන විට ලිස්‌සා ගොස්‌ ඔවුන්ගේ ඇඟ මත පතිත වී ඇති අතර......

පැහැරගෙන ගිය
සිසුවියට කැලෑවක රඳවාගෙන අතවර

සැකකරු බාලවයස්‌කාර දැරිය සමග පෙම් සබඳතාවක්‌ ගොඩනඟා ගෙන ඇය ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස්‌ මෙලෙස අතවර කොට....

  • ජිනීවා මානව හිමිකම් සමුළුවේ බොරු සාක්‌කිකරුවෝ

    මේ සතියේ දිනෙක ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකුවන එම්. කේ. සිවාජිලිංගම්, ත්‍රිකුණාමල කොටි හමුදා නායක වූ එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිතරන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ජිනීවා මානව හිමිකම් සමුළුවේදි ශ්‍රී ලංකාවට එරෙහිව බොරු ප්‍රකාශ රැසක්‌ කරනු ලැබූහ.

  • ඒ අමිහිරි අවසන් මහා තරග අත්දැකීම්
    යළිත් නොවිදිය යුතුයි

    - දිනේෂ් චන්දිමාල්

    ලෝක කුසලාන අවසන් මහා තරග හතරක ලද අමිහිරි අත්දැකීම් යළිත් නොවිඳීමට බංග්ලාදේශයේදී හෙට (16 දා) පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී සිය කණ්‌ඩායම උත්සහ කරන බව ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ නායක දිනේෂ් චන්දිමාල් පවසයි.


Kapruka Shopping |  News




 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.