එන්ජීඕ 15 ක්‌ ජිනීවා ගිනි අවුලයි

කීර්ති වර්ණකුලසූරිය

ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත මාර්තු 26 දා ඉදිරිපත් කෙරෙන අමෙරිකානු යෝජනාවට සහය දක්‌වමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙළෙසීම සඳහා මෙරට 15 දෙනෙකුගෙන් යුත් රාජ්‍ය නොවන සංවිධාන කණ්‌ඩායමක්‌ විදේශ තානාපතිවරුන් හමුවී දැඩි බලපෑම් එල්ල කරන බව හෙළිවී ඇත.

පසුගිය දින කීපයේදී මෙම කණ්‌ඩායම විදේශ තානාපතිවරුන් හමුවී ලිපිගොනු පිළිගන්වමින් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

ජිනීවාහි සුපිරි හෝටල්වල නතරවී සිටින මොවුන් හමුවීම සඳහා කොටි ඩයස්‌ පෝරාවට සම්බන්ධ පිරිස්‌ පැමිණෙන බවද හෙළිවී ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය හා කැනඩාවේ සිට දසදෙනකුගෙන් යුත් කොටි හිතවාදී කණ්‌ඩායමක්‌ද ඊයේ ජිනීවා වෙත පැමිණ ඇත.

සුරේන් සුරෙන්ද්‍රන්, ගැරී ආනන්ද සංගරී, වී. කිරුබාහරන් එකී කණ්‌ඩායමට අයත් වේ.

මන්නාරමේ ජෙය බාලන් දේවගැති ද ජිනීවාහි සිටින බව ආරංචි මාර්ග කියා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.